Opinion

‘අත් හරින්න පටන්ගන්න ඕනැ මුලින් ම තමන්ගෙ මත අතෑරලා’

Summary

සුද්දට එරෙහිව කියලා අපි කරන දේවල්වලින් පවා බොහෝ විට වෙන්නෙ සුද්දා හා අප අතර සම්බන්ධතාව තවත් ශක්තිමත් වීම. ඒක තමයි සුද්දාගේ අති මහත් සාර්ථකත්වය.

  • Save

විද්‍යාචක්‍රවර්ති රචනා කරන දේශපාලන නවකතාව. නම්ගම් සියල්ල මනහ්කල්පිතය.

‘අපේ හදවත එක්ක සාකච්ඡා කරන්න තරම් අපට විවේකයක් නෑ. ඒකයි අපි කරැණාසේන ජයලත් මහත්තයගෙ පොත් කියවන්නෙ නැත්තෙ’

‘අත් හරින්න පටන්ගන්න ඕනැ මුලින් ම තමන්ගෙ මත අතෑරලා’

  • Save

‘ඉස්සර සල්ලි තියෙන මිනිස්සු චිත්‍රපටියකට හරි නාට්‍යයකට හරි සල්ලි දැම්මා. දැන් සල්ලි තියෙන මිනිස්සු තමන් ම සින්දු ලියලා ගායකයන්ට සල්ලි දීලා කියවලා තමන්ට සින්දු ලියන්න පුලුවන් බව පෙන්වන්න සීඩී එකක් ගහනවා. එහෙම නැත්නම් යම්කිසි සල්ලිකාරයෙකුට යම්තමකට හරි සින්දු කියන්න පුලූවන් නම් ගීතරචකයන්ට සල්ලි දීලා ගීත ලියවලා සංගීතඥයන්ට සල්ලී දීලා තනු දාගෙන තමන් සින්දු කියලා සීඩී එකක් ගහනවා. ඒක තමයි දැන් කලාවට තියෙන ආදරේ.’

‘හැට නම ලක්ෂයක් ගෝටාට ඡන්දෙ දුන්න කියන්නෙ ඒ අය ගෝටට මුලා වුණා කියන එකම නෙමෙයි. ගෝටාට ඡන්දෙ දුන්නෙ අනිත් අයට මුලා නොවුන අය. ගෝටාට ඡන්දෙ නුදුන්නෙ අනිත් අයට මුලා වුණ අය. කාට හරි මුලාවෙන එක ඇර වෙන විකල්පයක් අද ජනතාවට නෑ.’

‘මිනිස්සු ගාව අනුකම්පාව නෑ. ඒ වෙනුවට අනුකම්පාව තියෙනවා කියලා පෙන්නන්න සුදු ඇදගෙන පන්සල් යනවා. මිනිස්සු ගාව දුප්පත් මිනිහා ගැන අනුකම්පාවක් නෑ. ඒ වෙනුවට අනුකම්පාව තියෙනවා කියලා පෙන්නන්න සමාජවාදේ ගැන කතා කරනවා. මිනිස්සු තවත් මිනිහෙක් දියුණු වෙනවට ඊරිසියයයි. එහෙම නෑ කියලා පෙන්නන්න ඇමරිකාවේ එංගලන්තෙ තියෙන සුපිරි සමාජය ගැන කතා කරනවා. මේ විදිහට අපි හැම දෙයක් ම කරන්නෙ අපි ගාව නැති දේවල් හංගන්න. ඒකයි මේ කතා කරන  කියන ලියන කිසි දේක ප්‍රතිඵලයක් නැත්තෙ.’

‘පේස් බුක් පිටු පිරෙන තරමට අපේ හිත් හිස් වෙනවා. ඒක දැන් ජයටම සිද්ධ වෙනවා’

‘අපි සහ අපි අතර සම්බන්ධතාව ඇති වීම වෙනුවට අපි සහ සුද්දා අතර සම්බන්ධතාව ඇතිවීම වෙනුවෙන් සුද්දා පාරවල් සෑහෙන ප්‍රමාණයක් හදලා තියෙනවා. ඒක තමයි සුද්දාගේ පාලනය කියන්නෙ. නැත්නම් සුද්දාගේ ලෝක ආධිපත්‍යය කියන්නෙ. අපි සහ සුද්දා අතර සම්බන්ධතාවන් ඇතිවෙන පාරවල්වලින් ම අනෙක් පැත්තට අපි සහ අපි අතර පවතින සම්බන්ධතා මැකී යන්නත් සුද්දා පාර කපලා තියෙනවා. ඒකයි සුද්දා ඔච්චර සාර්ථක. සුද්දට එරෙහිව කියලා අපි කරන දේවල්වලින් පවා බොහෝ විට වෙන්නෙ සුද්දා හා අප අතර සම්බන්ධතාව ශක්තිමත් වීම. ඒක තමයි සුද්දාගේ අති මහත් සාර්ථකත්වය. අපට පාරවල් ගොඩාක් තියෙනවා. හැබැයි ඒ හැම පාරක් ම සුද්දා ගාවට යන පාරවල්. සුද්දගෙන් ඈතට යන පාරවල්. ඇත්තටම ඒ වගේ පාරවල් ගැන කතා කරන්නත් අපි කම්මැලියි. ඒක තමයි අපේ ඇත්ත හිත. සුද්දා අපිව දක්කගෙන යනවා. අපි හරක් රැලක් වගේ යනවා. අපි ඒකට ආසයි. අපේ සැපත ඒකයි. සුද්දාගේ හරක් වීම. ඒක තමයි අපේ විමුක්තිය. සුද්දාගේ විමුක්තිය තමයි අපි ව හරක් රැලක් බවට පත්කරගැනීම’

ජීවිතයේ හා රැකියාවේ දහසක් විකාර හා වැඩරාජකාරි මැද හැලහැප්පුම් කඩේයාම් හිත් රිදීම් සිනාසීම් සතුටුවීම් තරහාවීම් බැනඅඩගසාගැනීම් මැද ජයවීරගේ සිතේ මෙවන් අදහස් රැසක් ද පසුගිය කාලය පුරා හැල හොල්මන් කළේය.

පසුගිය කොටස් 

කාටවත් කවුරැවත් නැති ලෝකයක්

ධනපති පංතියේ මෝඩදරුවන්ට ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ්වලින් දොස්තරලා වෙන්න ඉඩ දෙන්න?

ප්‍රභාකරන් පරද්දලා දිනාගත්ත නිදහස අපි චීනෙට හරි ඇමරිකාවට පාවලා දෙනවා නම් ඒක වීරකම නෙමෙයි

අපට ඕනෑ බලතණ්හාව නැති නායකයන් නෙමෙයි දරු ස්නේහය නැති නායකයන්

ඒක හරියට ආදරේ කරන්නෙ නැතිව ළමයි වඩා ගන්නවා වගේ වැඩක්.

ජාතිකවාද නිසා විනාශවන ජාතිකත්වය

මහින්ද මහත්තයා හා සරත් මහත්තයා මනුස්ස දෘෂ්ටිකෝණයකින්

පේල් කතාව ආවෙ කොහෙන්ද

ගෝටා ගැන හිතන විදිහට අපිට අනුර දිසානායක ගැනත් හිතන්න බැරිද

පොහොට්ටුවේ කෑදරයන්ට බැසිල් කඩේ යනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap