COLUMN

අන්තවාදීන්ගෙන් ප්‍රවේශම් වෙනු!

Summary

ඉකුත් දා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස වැටලූ මහජනතාව අතරේ අන්තගාමී කණ්ඩායමක සාමාජිකයින් සිටිතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශයක් නිකුත්කරමින් පැවසීය. මම නම් එය හිස මුදුනින්ම පිළිගනිමි. ලංකාවේ පුරවැසියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අන්තගාමී කණ්ඩායමක සාමාජිකයෙක් විය හැකි බව මට නිසැකව කිව හැක. එහෙත් මිතුරෝ මා හා එකග නොවෙති.

ඉකුත් දා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස වැටලූ මහජනතාව අතරේ අන්තගාමී කණ්ඩායමක සාමාජිකයින් සිටිතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශයක් නිකුත්කරමින් පැවසීය. මම නම් එය හිස මුදුනින්ම පිළිගනිමි. ලංකාවේ පුරවැසියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අන්තගාමී කණ්ඩායමක සාමාජිකයෙක් විය හැකි බව මට නිසැකව කිව හැක. එහෙත් මිතුරෝ මා හා එකග නොවෙති.
“අන්තගාමී පුද්ගලයෝ ඕන රටක ඕන සමාජෙක ඉන්නවා. ඒත් ඔයා කියන තරම් නම් නෑ” මගේ මිතුරා විශ්වාසයෙන් යුතුව කීවේය.
“අනික එයාගෙම ගේ ඉස්සරහට ගිහිල්ලා ‘ගෝඨා ගෝ හොම්’ කිව්වම බලන්න ඒක කොච්චර අවිහිංසාවාදීව සුන්දරද කියලා. අන්තගාමී නම් කියන්න තිබුණේ ‘ගෙදර පලයං කියලා නෙමෙයි ගෙදරින් පලයං කියලා” දෙවැනි මිතුරාද සංවාදයට හවුල් වූයේ මට එදිරිවය.
“ලංකාවේ කොතැනක හෝ මිනිස්සු තුන් දෙනෙක් එකට එක්රැස් වී ඉන්නව නම් එතැන එකෙක් අන්තගාමියෙක් වෙන්න හොදහැටි ඉඩකඩ තියෙනව. එදා එතන හිටපු සෙනගෙ හැටියට අන්තගාමියොත් සෑහෙන්න ඉන්න ඇති” මම කීවෙමි.
“එහෙම අන්තගාමියෝ ෆැක්ටරිවල හදන්නේ නෑ මනුස්සයෝ. උනුත් අම්මලා තාත්තලගේ ළමයි. දැක්කද කිරිකැටියෙක් වඩාගෙ හිටපු අම්මගේ පිංතූරේ? එයා සල්ලි දීලා ගෙන්න ගත්ත මොඩල් එකක් වෙන්න බෑනේ” මිතුරා සාක්ෂි ඉදිරිපත් කළේය.
“අනික අන්තගාමීන් කියන්නේ රබර් සෙරෙප්පු දාලා සරම් ඇදන් ගල්කටස් එක්ක කැළේ පැනපු උන්නේ. සපත්තු දාලා වැඩ ඇරිලා ගෙදර එන ගමන් විරෝධතා කරපු උන් නෙමෙයි. බලපං ලංකාව දැන් දියුණු වෙලා තියෙන තරම්. ගෝ හෝම් කියලා අපි ඇමරිකන්කාරයෝ ඉංග්‍රීසියෙන් බැනලා එවන්නේ මේ පාර” සපත්තු පැලදි මිතුරා උජාරැවෙන් කීය.
“සටන් පාඨ ඉංග්‍රිසියට මරැ වුණු එකනම් මරැ. එංගන්තේ මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහගේ ලොක්කා මිනිහට බලු බැනුම්ලු බනින්නේ. ඒත් මිනිහට ඒවා හරියටම තේරෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑලු” මා කියූ සිංහලය මිතුරාටද වැටහුණේ නැත.
“දැන් බලනවා ප්‍රාදේශීය – පළාත් බබාලා දහස් ගාණකුයි, පාර්ලිමේන්තුවේ දෙසීය ගාණකුයි හිටියට, ඇමතිලා සීයක් විතර හිටියට, රට පාලනය කරන අන්තගාමී පිරිස ඉතා සීමිතයි. අනිත් උන් කරන්නේ එහෙයි සර් කියන එක විතරයි” මිතුරා මට අන්තගාමීත්වය පහදන්නට උත්සාහ කළේය.
“අනෙක බලනවා රටේ ආර්ථිකේ පාලන බලය පාර්ලිමේන්තුවට අරයට මෙයාට වගේ දුසිම් දෙකක් නම් කිව්වට, හැබෑවටම ආර්ථිකෙන් තුනෙන් දෙකක් පාලනය කරන අන්තගාමී කණ්ඩායම් සාමාජිකයෝ ඉන්නේ ටිකයි” දෙවැනි මිතුරාද උදාහරණ ඇද බානිනට විය.
“තව එකක්, බස්කොන්දොස්තරයා, පදික වෙළෙන්දාගේ
හිටන් මේ රටේ ඉන්න හැම එකාම පොඩි පොඩි මට්ටමේ හොරැ වුනත් රට බංකොලොත් කරන්න කරම් සමත් දක්ෂතා ඇති අන්තගාමී කණ්ඩායමක ඉන්නේ සාමාජිකයෝ හරි ටිකයි. ඒ හින්දා ඔහේ කියන තරම් මේ රටේ අන්තගාමියෝ නෑ” දැන් දැන් උදාහරණ වැහිවහින්නට විය.
“හරි හරි. දැන් ඔහේලා කියනවකෝ එහෙනම් අන්තගාමී කියන එකේ තේරැම. මොකද මම අන්තගාමී කියලා හිතන් ඉන්නේ වෙන අහවල් දෙයක්ද දන්නෙ නෑනේ?” බැරිම තැන මම බෝලය උන්ට දුනිමි.
“ඔයාට සරලව පහදනව නම් අන්තගාමී කියන්නේ, ජාතිවාදය ආගම්වාදය කුලවාදය පවුල්වාදය ත්‍රස්තවාදය වගේ මොනවහරි අප්‍රියවාදයක් හිස මුදුනෙන් පිළිගන්න තමන්ගේ කණ්ඩායම තමයි හොදටමකරේ කියලා හිතන, ඒ කණ්ඩායමට අයත් නොවන පිරිසට ඒ හේකුව නිසාම පහත්කොට සලකන තාඩන පීඩන කරන පිරිසකට තමයි අන්තගාමියෝ කියන්නේ” මිතුරා අවසනට පැමිණෙන විට මුල අමතක වන තරමේ දීර්ඝ අර්කථනයක් සැපයූයේය.
“එහෙනමි මම කියන එක හරි” මම සතුටින් ඉපිලෙමින් කීවෙමි.
“ඒ කොහොම?” මිකුරා මගේ ඇගට ආවේ අන්තගාමී කණ්ඩායමක සාමාජිකයෙකු ලෙසිනි.
“ලංකාවේ මුළු ජනගහනය කීයද?” මම ඇසුවෙමි.
“මිලියන විසි එකක් දෙකක් විකර ඇකි” හේ පිළිතුරු දුන්නේය.
“මේ ආණ්ඩුවට ගිය මැතිවරණයෙදී ඡන්ද කීයක් විතර ලැබුනද?” මම දෙවැනි පැනය යොමු කළෙමි.
“මිලියන හතක් විකර” මිකුරා පිළිකුරැ දුන්නේය.
“ඉතිං? මිලියන විසි එකෙන් මිලියන හතක්. තුනට එකයි. සරල ගණිතය. දැන් ඒ සමහර අන්තගාමීත් එදා මිරිහානේ නොහිටියා වෙන්න බැරි නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *