COLUMN

අන්ත දෙක

Summary

ලිබරල් අන්තවාදයේත් වහාබ් අන්තවාදයේත් සමානකමක් තියෙනවා.

ලිබරල් අන්තවාදයේත් වහාබ් අන්තවාදයේත් සමානකමක් තියෙනවා. ඒ දෙකට ම ඕන අනිත් සංස්කෘතීන් විනාශකරලා මුළු ලෝකය ම තමන්ගේ සංස්කෘතියට යටකරන්න.
ලිබරල් අන්තවාදය තමන්ගේ සංස්කෘතිය ව්යාප්තකරන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල්වල නායකත්වයෙන්. වහාබ් අන්තවාදය තමන්ගේ සංස්කෘතිය ව්යාප්තකරන්නේ සෞදි අරාබිය ප්රමුඛ මැද පෙරදිග රටවල්වල නායකත්වයෙන්.
මේ සඳහා අවශ්ය අතවැසි පිරිස දෙපාර්ශ්වය විසින් ම හොයාගෙන තියෙනවා. ඉතින් මේ අන්තේවාසිකයෝ තමන්ගේ ස්වාමීන් වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. ස්වාමීන්ට අවශ්ය විදිහට ඒ අය තමන්ගේ භූමියේ සංස්කෘතියට පහරදෙනවා. ඒ සංස්කෘතීන් විනාශ කරන්න මහන්සිවෙනවා.
අපේ රටේ මේ දෙපාර්ශ්වය ම බලවත්. ලිබරල් අන්තවාදීන්ට ආයතනික බලය තියෙනවා. අධ්යාපනයේ බලය තියෙනවා. මාධ්ය ප්රකාශනයේ බලය තියෙනවා. කලා ප්රකාශනයේ බලය තියෙනවා. වහාබ් අන්තවාදය තමන්ගේ බලය වැඩි කරගන්න විදිහ ගැන අපි හැමෝම දන්නවා.
අපේ රටේ ලිබරල් අන්තවාදියෝ කවදාවත් වහාබ් අන්තවාදීන්ව විවේචනය කරන්නේ නෑ. වහාබ් අන්තවාදියොත් ලිබරල් අන්තවාදීන් ගැන වදවෙන්නේ නෑ.
එක අන්තවාදයකට ඕන තනිකර ම සුදු සංස්කෘතියක් ඇතිකරන්න. අනිත් අන්තවාදයට ඕන තනිකර ම කළු සංස්කෘතියක් ඇතිකරන්න. වෙනසකට තියෙන්නේ ඒක විතරයි.
Leave a Reply

Your email address will not be published. Required fields are marked *