COLUMN

අනාවැකි

Summary

මේ දවස්වල කතා කරන හැමෝම වගේ අහන්නේ “මොකක් වෙයි ද?” කියලා. මට අනාවැකි කියන්න බෑ. මම නොස්ට්‍රඩාමස් නෙවෙයි. ඒත් දන්න කියන කෙනෙක් මෙහෙම දෙයක් අහද්දී මොකක් හරි උත්තරයක් නොදී ඉන්නේ කොහොම ද? ඉතින් මමත් ඒ ඒ කෙනාට හරි යන උත්තර දෙනවා. ඒ අනාවැකි ප්‍රසිද්ධියේ කිව්වොත් මොනවා වෙයි ද?
කොහොමත් හැම අනාවැකියකට ම අපේ හිත් සතුටුකරන්න බෑ. හිත රිදෙන අනාවැකියක් දෙකක් ඇහුණාම ඒවා නොවන තැනට වැඩ සළස්වන්නත් අපිට පුළුවන්. ඉතින් හිත් රිදෙන අනාවැකි කියන්නේ නරක දේවල් ම නෙවෙයි.

ඉතින් මෙන්න මේවා තමයි මේ දවස්වල මම දෙසන අනාවැකි.

ආර්ථික උපදේශක මණ්ඩලේ මේ ප්‍රශ්න විසඳයි ද?

නෑ. ඒ අයට මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඕක හරි යන මගුලක් නෙවෙයි. මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දේශපාලන ක්‍රියාමාර්ගයකින්. ඒක කරන්න ඔය ආර්ථික විශේෂඥයන්ට බෑ.

ඒ කියන්නේ තත්ත්වය තවත් බරපතල වෙනවා කියන එක ද?

ඔව්. දැන් ණය ගන්නේ එදා වේල කන්න. මේක දිගටම කරන්න බෑ. ඉතින් අනිවාර්යයෙන් ම මේ ප්‍රශ්න තවත් බරපතල වෙනවා.

මේ ආණ්ඩුව වැටෙයි ද?

පොහොට්ටුව කියන්නේ මහින්ද මහත්තයාට තියෙන ජනතා ආකර්ෂණය නිසා හැදිච්ච දේශපාලන එකතුවක්. ඒක සංවිධානාත්මක පක්ෂයක් නෙවෙයි. ඉතින් ආණ්ඩුවේ පැවැත්ම තීරණය වෙන්නේ මහින්ද මහත්තයාගේ ක්‍රියාකාරිත්වය උඩ. මහින්ද මහත්තයා ක්‍රියාකාරී විදිහට මේ බර භාරගන්නේ නැතිනම් ආණ්ඩුවට පවතින්න අමාරුයි.

එතකොට ජනාධිපතිතුමා? බැසිල් මහත්තයා?

මහින්ද මහත්තයාගේ ක්‍රියාකාරිත්වය උඩ තමයි ඒ අයගේ පැවැත්ම තීරණය වෙන්නේ. දැන් කරන්න ඕන දේශපාලන වෙනස වෙනුවෙන් මහින්ද මහත්තයා මුල්වෙන්න ඕන. එහෙම කරන්නේ නැතිනම් මේ ආණ්ඩුව වැඩි කල් පවතින්නේ නෑ.

මහින්ද මහත්තයා එහෙම නොකළොත්? ජනාධිපතිතුමා ඉල්ලා අස්වුනොත්?

එහෙම වුනොත් දැන් පොහොට්ටුව එක්ක ඉන්න බහුතරයක් සිරිසේන මහත්තයාට හේත්තුවෙනවා. ආයෙත් බුලත් කොළය (එක්සත් ජනතා නිදහස් සන්ධානය) හැදෙනවා.

ඒ කියන්නේ සිරිසේන මහත්තයා ආයෙත් ජනාධිපති වෙනවා?

එතුමාට ආයෙත් ජනාධිපතිවරණයකට තරගකරන්න බෑ. එහෙම තරගකරලා ඡන්ද ගන්නත් එතුමාට බෑ. ඒත් අතරමැද තනතුරු හිස්වුනොත් අගමැතිකමත්, ඒ හරහා ජනාධිපතිකමත් ගන්න එතුමාට පුළුවන්.

එහෙම වුනොත් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ?

එහෙම වුනොත් ඊ ළඟට මුලින් ම එන්නේ මහ මැතිවරණය. ජනාධිපතිවරණය නෙවෙයි. 20 වැනි සංශෝධනය හින්දා පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න පුළුවන්.

එහෙම වුනොත් කවුද දිනන්නේ?

කාටවත් 113 ගන්න බෑ. සජිත් මහත්තයාගේ පැත්ත දුර්වලයි. ඒත් සජබට 95 ක් විතර ගන්න පුළුවන්. බුලත් කොළයට 105 ක් විතර ලැබෙයි.

එතකොට ජනාධිපතිවරණය?

බුලත් කොළය 105 ක් ගත්තොත් සිරිසේන මහත්තයා අගමැති වෙනවා. එහෙම වුනොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයා. ඊ ළඟ ඡන්දේ වැඩකරන්නේ ආර්ථික තුරුම්පුව. ඒකට ඩඩ්ලි මහත්තයා ගැලපෙනවා.

මෙන්න මෙහෙම අනාවැකි තමයි මම කියන්නේ. මේවා කියවලා අදාළ අදාළ විදිහට තමන්ගේ හිත් නරක් කරගන්න පුළුවන්. එහෙම නැතිනම් මේ අනාවැකි බොරුවෙන තැනට වැඩකරන්නත් පුළුවන්. ඒක ඉතින් තීරණය වෙන්නේ අදාළ අයගේ හපන්කම් උඩ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *