අනුර කුමාර වෛරස් එකක් ද? වෛරස් එක අනුර කුමාර ද?
Summary
‘ අනුර කුමාර සහෝදරයාට අපේ
විප්ලවීය ආචාරය…!’


රට පුරා පෝස්ටර් අලවලා.
කිංබානට්තුමාට ෆුල් හොල්මන්.
‘ අනුර කුමාර සහෝදරයාට අපේ
සුබ පැතුම්…!’
‘ අනුර කුමාර සහෝදරයාට අපේ
විප්ලවීය ආචාරය…!’
‘ අනුර කුමාර සහෝදරයාට අපේ සහෝදරාත්මක සුබ පැතුම්…!’
‘ අනුර කුමාර සහෝදරයාගේ නිර්භීත පියවරට අපේ උණුසුම් සුබ පැතුම්…!’
‘ අනුර කුමාර සහෝදරයාට අයර්ලන්තය ජනතා උපහාරය…!’
” ඇයි මෙහෙම පෝස්ටර් පාරක් යන්නේ ..? “
කිංබානට්තුමා පෝස්ටර් ගහන පොර ගෙන් ඇහුවා.
” අනුර කුමාර සහෝදරයා කොවිඩ් ඉන්ජෙක්ෂන් එක ගැහුවනේ…”
මෑන්ස් කිව්වා.
” ඉතිං ඒකට පෝස්ටර් ගහන්නේ …? “
කිංබානට්තුමාට තාම අබ්ලික්.
” මේක ඓතිහාසික අවස්ථාවක්…”
පෝස්ටර් මල්ලි කිව්වා.
” ඒ කිව්වේ…? “
” සාමාන්‍යයෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහන්නේ වෛරස් එකකට එරෙහිවනේ…”
” ඔව්…”
” මේක තමයි වෛරස් එකක් ඉන්ජෙක්ෂන් එකක් ලබාගත්තු ලෝකේ පළවෙනි අවස්ථාව …! “
එහෙම කියලා පොර ආපහු පෝස්ටර් ගහන්න ගත්තා.