COLUMN

අනුර පැන්ඩෝරා කුමාර!

Summary

“ඇහුවද? අනුර කුමාරගේ පරණ කතා? ඊළඟට පෙරේදා පාර්ලිමේන්තුවේ කරපු කතාව? අවුරැදු හතරකට ඉස්සරත් මිනිහා පූසා කිව්ව වගේ කියන්නේ නඩේසන් ගැන. අනුර කුමාර කියන්නෙම පැන්ඩෝරා පේපර් එකක්” මිතුරා පැවසුවේ පස්වනක් ප්‍රීතියෙනි.

නීත්‍යානුකූල නොවන අන්දමට වංගු දමා වත්කම් සත්තම් කළ ලෝකයන් පිරිසකගේ නම් ලැයිස්තුවක් කවුදෝ මන්දා හෙළි කොට ඇත. ලෝක හොරැන් ලෙස හැදින්වුවද ටෝනි බ්ලෙයාර්, සචින් ටෙන්ඩුලුකාර් වැනි ජාත්‍යන්තර දැවැන්තයන්ගේ ලැයිස්තුව තූළ පුංචි අපේ රටට ආඩම්බරයක් එකතු කරන ශ්‍රී ලාංකික නියෝජනයක් ද එහි ඇත.
ඒ පිළබඳව සමරැන්ට නම් ඇත්තේ ඉහවහා ගිය සතුටකි. මක්නිසාද යත් ඒ ලැයිස්තුව නියෝජනය කරන්නේ රාජපක්ෂ කෙනෙකු බැවිනි. ඒ සමගම ඒ පිරිසටම අප්‍රමාණ දුකක්ද ඇත. මක්නිසාදයත් ඒ තමන් බලාපොරොත්තු වූ රාජපක්ෂ කෙනෙකුගේ නම නොවන බැවිණි.
මට නම් මේ පිළිබඳ කිසිදු උනන්දුවක් නැත. එහෙත් ම මිතුරෝ එසේ නොවෙති.
“ඇහුවද? අනුර කුමාරගේ පරණ කතා? ඊළඟට පෙරේදා පාර්ලිමේන්තුවේ කරපු කතාව? අවුරැදු හතරකට ඉස්සරත් මිනිහා පූසා කිව්ව වගේ කියන්නේ නඩේසන් ගැන. අනුර කුමාර කියන්නෙම පැන්ඩෝරා පේපර් එකක්” මිතුරා පැවසුවේ පස්වනක් ප්‍රීතියෙනි.
“මට නම් හිතෙන්නෙ මිනිහා කරන්නේ ආණ්ඩුනව් වැරදි හොයන විමර්ශනාත්මක ජනමාධ්‍ය ජොබ් එකක්. අපේ ජඩමාධ්‍ය දේශපාලන කරනවා. අනුර ජර්නලිසම් කරනවා” මිතුරන් මා දෙස හෙළුවේ මූටපිස්සු බැල්මකි.
“ඒවුණාට මිනිහා ග්ලවුස් නැතුවම ප්‍රතිවාදියාට බොක්සිං පහර දෙන්නේ” අනෙකා හූමිටි තැබීය.
“ඉතිං ප්‍රතිවාදියට වදිනවද?” මම ඇසුවෙමි.
” පිස්සුද? වළල්ල හිස්” මිතුරා කීය.
“අඩු තරමේ ප්‍රතිවාදියගේ ආධාරකාරයොත් නැද්ද මූට උත්තර දෙන්න?” මම ඇසුවෙමි.
“ඔය කොහෙද? මේ යක්කු ලක්ෂ හැට නවයට ගහලා තියෙන්නේ මැදමුලනේ හදපු වැක්සීන් එකක්නේ? ඒකත් එක්ක ගත්තම ෆයිසර් කැළේ. 99.99%ක් ආරක්ෂිතයි. අනුර වගේ විෂබීජයක් ඇටෑක් කරපු සැනින් වැක්සීනය ප්‍රතිදේහ නිපදවනවා. සමහර වෙලාවට විෂබීජෙට එළවා එළවා පහර දෙනවා. වෙලාවකට විෂබීජෙට හොයා ගන්නවත් බැරි වෙන්න ගිහිංහැංගෙනවා. ඒ හින්ද උන්ට මොක හැදුනත් රාජපක්ෂ විරෝධය ලෙඩේ නම් හැදෙන්නේ නෑ” මිතුරා පිපිරෙමින් කීය.
“අන්න කොච්චර කය්ය ගැහුවත් ජෙප්පොන්ට නොතේරෙන වැදගත්ම දේ” මම කීවෙමි.
“මොකක්ද ජෙප්පොන්ට නොතේරෙ අනිත් උන්ට තේරෙණ බම්බුව” මිතුරාට කරහ දෝරෙ ගලයි.
“ඒක තමයි ප්‍රශ්නේ”
“මොකක්ද?”
“ඒ මොකක්ද කියලා දන්නැති එක”
“ඒක සොයා ගන්න ඔය සහෝදරයා මොනවද යෝජනා කරන්න?” මිතුරෙකු මට සහෝදරයා කියා ඇමතු හෙයින් එතැනින් මාරැ වීමට වෙලාව ඇවිදින් වග මම වටහා ගතිමි.
“ඔය හොරැ හොය හොය හොරා පොලිස් සෙල්ලම් කරන්නෙ නැතුව හැට නව ලක්ෂයකගෙ සියලු ලෙඩ රෝග නිට්ටාවට සුව කරපු වැක්සින්නෙක රාපක්ෂලගෙන් හොරකන් කරන ක්‍රමයක් හොයන්න කියපං” මිතුරා මට විප්ලවීය පිළිතුරක් පබදින්නට පෙර මම එතැනින් සමුගතිමි.
“ඇත්තටම උඹ හිතන්නේ ඒ කාගෙ සල්ලි කියලද?” මිතුරැ කැළෙන් ගැලවී මා පිටුපසවැටුණු තවෙකෙක් මගෙන් විමසීය.
“මම කොහොමද දන්නේ?” ඒ මාගේ පිළිතුරය.
“ඒ වුණාට ඔහෙටත් චුටීම චූටි සැකයක් තියෙනවා නේද?” මිතුරාගේ අරමුණ මා පටලවා ගැනීමටය.
“ඔතන වෙන කෙනෙක්ගෙ නම තිබුණත් තමුසෙ හිතනවද ලංකාවෙ තත්ත්වෙ වෙනස් වෙයි කියලා?” මම ඇසුවෙමි.
“එතකොට තමුසෙ කියන්නේ අපේ අය්යලා ඔය තොරතුරු හෙළිදරව් කරපු සංවිධානයත් ඇන්දුවා කියලද?” මිතුරා තව කොක්කක් දැමීය.
“අනේ මේ ඔය කෙහෙල්මල් සංවිධානය නෙමෙයි ‘අපි හොරකම් කළා’ කියලම මෙයාලා කිව්වත් කවුරැත් ලංකාවෙ උන් ගණන්ගන්නෙ නෑ ඕයි” මම කීවෙමි.
“අනුර කුමාර නම් කියන්නෙ කරනවා කියන විමර්ශනත් තේරැමක් නෑ කියලා. ඔහේ මොකද කියන්නේ?”
“ඒකේ තේරැමක් තියෙනවා හොදටම”
“ඒ කොහොමද?”
“ඇයි බං කතාව ඇත්ත නම් එතකොට ඔය බංග්ලාදේශෙන් මිලියන දෙක තුන හිඟා කන්නෙ නැතුව රටේ අවුල ලිහින්න පවුලෙන්ම අතමාරැවක් ගතහැකිනේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *