COLUMN

අනුර සහ හරිනි

Summary

මහත්තයලා කොච්චර කඩේ ගියත් ලිබරල් අන්තවාදීයෝ ජවිපෙ දිහා බලන්නේ මෙහෙම තමයි. ජවිපෙ කියන්නේ ලිබරල් අන්තවාදීන්ට අතකොලුවක් විතරයි.

“ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන අනුර නෙවෙයි හරිනි” කියලා නිර්මාල් මහත්තයා කියනවා. ලිබරල්වාදය වෙනුවෙන් අනුර මහත්තයලා කොච්චර කඩේ ගියත් ලිබරල් අන්තවාදීයෝ ජවිපෙ දිහා බලන්නේ මෙහෙම තමයි. ජවිපෙ කියන්නේ ලිබරල් අන්තවාදීන්ට අතකොලුවක් විතරයි.
නිර්මාල් මහත්තයලා, හරිනි නෝනලා අයිතිවෙන්නේ ලිබරල්වංශයේ බ්‍රාහ්මණ පංතියට (කුලයට). මේ ගැන මම ලියලා තියෙනවා. (මේක බලන්න: https://m.facebook.com/story.php?story_fbid=609783860112573&id=100032428940455). ඒත් අනුර මහත්තයලාට ඒ පිළිගැනීම ලැබෙන්නේ නෑ.
ඉතින් ලිබරල් වේදිකාවල, “සටන්” පෙරමුණුවල මේ දෙන්නාට බෙදන්නේ හැඳි දෙකකින්. “අරගලය” ගැන හිතන්න. හරිනි නෝනාට බොහොම නිදහසේ ඒ “සටන්බිමට” යන්න පුළුවන්. ඒත් හෙල්මට් එකක් නෙවෙයි දහයක් දාගත්තත් අනුර මහත්තයාට එතැනට යන්න බෑ. ගියොත් ගහලා පන්නනවා.
මොන කතන්දර කිව්වත් අනුර මහත්තයා කියන්නේ ගමක ඉපැදුණු බයියෙක්. අන්ගාරා ගඟෙන් නෙවෙයි මිසිසිපි ගඟෙන් නාලා ආවත් අනුර මහත්තයාගේ බයි ගතිය නැතිවෙන්නේ නෑ. ඒත් හරිනි නෝනලා එහෙම නෑ. උපතින් ම වංශවත්. බ්‍රාහ්මණ පංතියේ ඉහළින් ම තියන්න පුළුවන්. අවශ්‍ය නම් ක්ෂත්‍රිය වංශයෙන් වුනත් තියෙන්න පුළුවන්. එහෙම අයගේ බයි ගතියක් ගෑවිලාවත් නෑ. හරිම ඩීසන්ට්.
ඒත් මේ බෙදිල්ල ගැන අනුර මහත්තයලා හිතන්නේ නෑ. මහ පොළොවට බහින්නේ නැතුව තව තවත් පාවෙන්න හදනවා. ඉතින් එක එකාගේ අතකොලුවක් බවට පත්වෙන එකෙන් මිදෙන්න ජවිපෙට බෑ.
තමන් මධ්‍යම පංතියේ අතකොලුවක් බවට පත්වෙලා ඉන්න බවවත් ජවිපෙ දන්නේ නෑ. තමන්ගේ වරප්‍රසාද රැකගන්න, වැඩි කරගන්න ඕන වුනාම ඒ වෙනුවෙන් මධ්‍යම පංතියේ එවුන් ජවිපෙ කඩේ යවනවා. වැඩවර්ජන කරවනවා. උද්ඝෝෂණ කරවනවා. ඉතින් බිම් මට්ටමේ ඉන්න ජවිපෙ සාමාජිකයෝ ඒ වෙනුවෙන් දුක් විඳිනවා. තමන්ගේ වැඩේ කරගත්තාට පස්සේ මධ්‍යම පංතියේ සෙට් එක ජවිපෙ දිහා බලන්නේවත් නෑ.
මහත්වරුනි, දැන්වත් මහ පොළොවට බහින්න. කකුල් දෙක බිම තියාගෙන බිම ඉන්න මිනිස්සු වෙනුවෙන් වැඩකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *