Opinion

අපි තමයි හොඳටම කරේ

Summary

ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රමාණයෙන් 25% පමණක් සිටින නවසීලන්තය (ලිබ්බන් ගේ පරම පූර්වාදර්ශී රට) ද මේ වනවිට එන්නත්කරණයේ දී අත්කරගෙන ඇත්තේ 29% ප්‍රගතියකි.
මේ වනවිට ශ්‍රි ලංකාව මුළු ජනගහනයෙන් 50% ක් පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇත.

ලෝකයේ මිලියන 20කට වඩා වැඩි ජනගහනයක් සහිත රටවල් 60ක් ඇත.
ඒවා අතරින් ජනතාව පූර්ණ ඒන්නත්කරණයට ලක්කළ ප්‍රතිශතයන් ගත්විට ශ්‍රි ලංකාව අභිබවා සිටින්නේ පහත සඳහන් රටවල් ය.
ජපානය -51%
මැලේසියාව – 53%
ඇමරිකාව- 54%
ජර්මනිය – 62%
ප්‍රංශය – 62%
ඉතාලිය – 63%
එක්සත් රාජධානිය – 66%
කැනඩාව – 69%
ස්පාඤ්ඤය – 74%
ඉහත රටවල් 9යෙන් 7ක් ම G7 කණ්ඩායමේ (ලෝකයේ විශාලතම ආර්ථිකයන් ඇති) රටවල් වේ.
ඉහත රටවල් 9යෙන් 5ක් (ඇමරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, ජපානය) ම එන්නත් නිපදවන රටවල්ය.
එන්නත්කරණයේ දී ශ්‍රි ලංකාව පහළින් ඇති රටවල් දෙස බැලීමෙන් අප අත්කරගෙන ඇති ප්‍රගතියේ ප්‍රමාණය පිළිබඳව අදහසක් ගත හැකිය.
දකුණු කොරියාව 38%
ඔස්ට්‍රේලියාව 34%
ශ්‍රී ලංකාවේ ජනගහනයේ ප්‍රමාණයෙන් 25% පමණක් සිටින නවසීලන්තය (ලිබ්බන් ගේ පරම පූර්වාදර්ශී රට) ද මේ වනවිට එන්නත්කරණයේ දී අත්කරගෙන ඇත්තේ 29% ප්‍රගතියකි.
මේ වනවිට ශ්‍රි ලංකාව මුළු ජනගහනයෙන් 50% ක් පුර්ණ එන්නත්කරණයට ලක් කර ඇත.

කිසිම දේක හොඳක් නොදකින උපන්ගෙයි කුහකයන්ට පේන්න ශෙයා කරන්න!

සොනාල ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published.