කිං බානට් කොලම

අපේ භෞමික අඛණ්ඩතාවය හා ඉන්දියාවේ අඛණ්ඩ කුහකකම

Summary

ජිනීවා ගිහින් දෙමළ ඩයස්පෝරාව එක්ක සෙට් වෙලා හැමදාම අපට කෙළවන ඉන්දියාව

“පෝර්ට් සිටි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අපේ රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වෙන පරිදි කටයුතු කරන්න කියන්නේ ….”
කිච පීරිස් පත්තරේ නිවුස් බලලා කිව්වා .
” කවුද බං එහෙම කියන්නේ …?”
කිංබානට්තුමා චූන් පාං ගෙඩියක් ගන්න ගමන් ඇහුවා.
” ඉන්දියාව කියන්නේ …”
” මේ අපිට අල්ලපු ‍රට ඉන්දියාව…? “
කිංබානට්තුමා පුදුම වෙලා.
” ඔව්…ඔව්… ඒ ඉන්දියාව තමයි ..”
කිච පීරිස් තහවුරු කළා.
” අපේ රටට විරුද්ධව කොටි ත්‍රස්තවාදීන්‍ට සල්ලි දීලා …ආයුධ දීලා …තමිල්නාඩුවේ කඳවුරු පවත්වන් ගිය ඉන්දියාව….? “
” ඒ ඉන්දියාව තමයි …”
ඒ දීපු සල්ලියි, ආයුධයි, පුහුණුවෙනුයි 1987 ඔක්තෝබර් 6 වෙනිදා දුම්රියේ ගමන් කරපු සිංහලයන් 40 දෙනෙක් කොටි වලචේනේදී සමූල ඝාතනය කරද්දී නිහඬව හිටපු ඉන්දියාව….? “
“1987 ඔක්තෝබර් 7 වෙනිදා බස් එකේ ගමන් කරමින් සිටි සිංහලයන් 30 දෙනෙකු පොතුවිල්වලදි ඝාතනය කරද්දී නිහඬව හිටපු ඉන්දියාව…? “
“1987 ඔක්තෝබර් 19 වැනිදා කල්කුඩා බස් එකේදී පුද්ගලයන් 40 දෙනෙකු මරාදාද්දි වචනයක් කිව්වේ නැති ඉන්දියාව…? “
“1989 පෙබරවාරි 11 වෙනිදා දුටුවැවදී, සිංහල 37 ක් මරද්දී අහක බලපු ඉන්දියාව…? “
” 1989 අප්‍රේල් 13 වෙනිදා ත්‍රිකුණාමලේ සෙන්ට්‍රල් පාරෙදි කොටි බෝම්බයක් පුපුරුවා සිවිල් වැසියන් 51 ක් මරලදාද්දි ඇස් කන් පියන් හිටපු ඉන්දියාව…? “
“1990 ජුනි 11 වැනිදා නැගෙනහිරදී නිරායුධ පොලිස් නිලධාරීන් 600 කට වැඩි පිරිසක් සමූල ඝාතනය කරද්දී පොට්ටයෙක් වගෙ හිටපු ඉන්දියාව…? “
1992 අප්‍රියෙල් 29 වැනිදා අලින්චිපොත මුස්ලිම් ගම්මානයේ මුස්ලිම්වරුන් 130 දෙනෙක් මරාදාද්දි බීරෙක් වගෙ හිටපු ඉන්දියාව…? “
” 1992 ඔක්තෝබර් 15 වැනිදා පොලොන්නරුවේ පල්ලිගොඩැල්ලේදී සිවිල් වැසියන් 146 දෙනෙකු මරා දාලා 80 දෙනක්ට මාරාන්තික තුවාල කරද්දී බුදියගෙන හිටපු ඉන්දියාව…? “
” 1996 ජනවාරි 31 වැනිදා මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා සිවිල් වැසියන් 86 දෙනෙකු ඝාතනය කරද්දී අපට පිටුපාපු ඉන්දියාව…? “
” කොටි ජය සිරිමහ බෝධියට ගහද්දි, දළදා මාලිඟාවට ගහද්දි,අරන්තලාව භික්ෂූ ඝාතනය කරද්දී ගල් පිළිමයක් වගේ හිටපු ඉන්දියාව…? “
” ජිනීවා ගිහින් දෙමළ ඩයස්පෝරාව එක්ක සෙට් වෙලා හැමදාම අපට කෙළවන ඉන්දියාව…? “
” ඇස්ට්‍රසෙනිකා ඉන්ජෙක්ෂන් එකේ ඉතුරු බාගේ දීගන්න බැරි ඉන්දියාව….? “
කිංබානට්තුමා ලිස්ට් එක දිගටම කියෙව්වා.
” ඔව්… ඔව්… ඔව්… ඒ ඉන්දියාව තමයි …! “
කිච පීරිස් කෑ ගහලා කිව්වා.
” යකෝ…! ඉන්දියාවට කියපං අර කොරෝනා හැදිලා
බල්ලො බළල්ලු ගානට මැරෙන උන්ගෙ රටේ මිනිස්සු ගැන
බලන්න කියලා …
මෙහේ භෞමික අඛණ්ඩතාවයට වැළලෙන්න
හදන්නේ නැතුව …! “

One thought on “අපේ භෞමික අඛණ්ඩතාවය හා ඉන්දියාවේ අඛණ්ඩ කුහකකම
  1. කුහකකම කොච්චරද කියනවනම් බොරුවට චීනෙට රට දෙනවා කිය කිය අපිව නවත්තලා, එගොල්ලෝ IFC එකක් කරගන්නයි හදන්නෙ. මොදීගේ ගුජරාට් GIFT City IFC හරිගියේ නැති උනාට දැන් කේරළේ කොචි නගරයේ GIFT City කියලම අයෙත් IFC එකක් හරි හදිස්සියෙන් දාගෙන යනවා. ඉන්දියාවට හොඳයි, අපිට නරකයි. අන්තිමට හැමදාම කරපු එකම තමයි. ලංකාවේ සංවර්ධනය නවත්තන එක. අපිට “රටේ ස්වාධීනත්වය නැති කරන්න යනවා” කියලා නවත්තන්න කියපු සේරම නිතී එගොළ්ළන්ගේ IFC වලට pass කරගෙන. ඔච්චර ලොකු රටක් වෙලත්, තමන්ගේ රටේ මිනිස්සුන්ට හොඳක් කරන්නේ නැතිව කුඩා අසල්වාසී රටවල් එක්ක මෙච්චර තණ්හාකාරී තරඟකාරීත්වයකින් කාලේ ගෙවන්නේ ඉන්දියාවත් බ්‍රිතාන්‍යයෙන්, ඇමෙරිකාවෙන් තවම ස්වාධීනත්වයක් නොගත් රටක් නිසායි. ආය ස්වාධීනත්වය ඕන පාටකුත් නැහැ වගේ.
    https://realtyplusmag.com/kochi-proposed-gift-city-ready-by-june-2021/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *