Opinion

අප වඩාත් බියවිය යුත්තේ කා ගැනද?

Summary

ලොකුම ජෝකර් රාජිතද, ඩලස්ද, ගම්මන්පිලද, ජෝන්ද, තෙවරප්පෙරුමද, බන්දුලද, රංගේද, විමල්ද, රංජන්ද, ශෂී- සුජා ප්‍රමුඛ දරු මුණුඹුරෝද?

වඩා භයානක මහින්දද,ගෝඨාභයද,රනිල්ද, මෛත්‍රීපාලද, අනුරද, ෆොන්සේකාද, සජිත්ද යන්න නොවේ.

ලොකුම ජෝකර් රාජිතද, ඩලස්ද, ගම්මන්පිලද, ජෝන්ද, තෙවරප්පෙරුමද, බන්දුලද, රංගේද, විමල්ද, රංජන්ද, ශෂී- සුජා ප්‍රමුඛ දරු මුණුඹුරෝද යන්න නොවේ.

ලොකුම හොරා රවීද, මහින්දානන්දද, බැසිල්ද, සුජීවද, දයාසිරිද, මලික්ද, කෙහෙලියද, ජොන්ස්ටන්ද, දුමින්දද, ඇලෝසියස්ද, කබ්‍රාල්ද, පී.බීද, යන්න නොවේ.

ලොකුම ජාතිවාදියා ඥානසාරද, පාඨලීද, විජයකලාද, උලපනේද, ඉත්තෑකන්දේද, විග්නේශ්වරන්ද, උලමාද, බදුර්දීන්ද, ශිවාජිලිංගම්ද, වෙඬරුවේද, බෙංගමුවේද, මහසෝන්ද, අංපිටියේද යන්න නොවේ.
රටේ අනාගතය අත් පත් කරගන්නේ නාමල්ද, චතුරද, ධහම්ද, යෝෂිතද, චතුරිකාද, චිචීද, විමුක්තිද, මධූෂාද, මදුමාධවද යන්න නොවේ.

වැඩිම කුණුහර්ප කියන්නේ වාසුද, හරීන්ද, ප්‍රසන්නද, විජයමුණිද, එස්බීද, මර්වින්ද, වෙල්ගමද යන්න නොවේ.

අප වඩාත් බිය විය යුත්තේ මෙහි සඳහන් හා සඳහන් නොවන සියල්ල තම ජන්දයෙන් බලයට පත් කර, තම බදු මුදලින් නඩත්තු කරමින්, ඔවුන්ටත් ඔවුන්ගේ දංකුඩ කන හෙන්චයියන්ටත් ආවඩමින්, තම බදු මුදලට සිදුවන දේ පිළිබඳව නොවිමසමින්, අපරාධ විනිර්මුක්තිය ඉල්ලමින්, නීතියට පිටින් සිදුකරන ඝාතන සාධාරණීයකරනය කරමින්, කොල, නිල්, රතු, කහ, අලි, පොහොට්ටු, පුටු, අත්, බුලත්, සීනු, හංස, හක් ගෙඩිවලට බෙදෙමින්, ජාති, කුල, ආගම්වලට බෙදෙමින්, ජාතීන් ආගම් වශයෙන් ගහ මරා ගනිමින්, සත්‍ය, සාධාරණ, යුක්තිය, අතීතය, වර්තමානය සහ ඕනෑම දෙයක මුල වෙනුවට අග පමණක් පාට කන්නාඩියෙන් දකිමින්, යුතුකම් වෙනුවට අයිතිවාසිකම් පමණක් බලාපොරොත්තු වෙමින්, සාමය, සහජීවනය, එකමුතුව ඇති සිංහල – දෙමළ – මුස්ලිම් සැමට එක රටක් නොඉල්ලමින්, අනෙකාගේ රැකවරණය, ආරක්ෂාව, සතුට නොබලමින්, පරාර්ථකාමය වෙනුවට ආත්මාර්ථකාමී අදහස් හා ක්‍රියාකාරකම් සහිත සියලුම මිනිස්සුන්ටය.

Leave a Reply

Your email address will not be published.