COLUMN

අරගලකරුවනි ඔබේ ගමන් මග වඩාත් පුළුල් කළ යුතුව පවතියි !

Summary

අරගලකරුවනි, මා පෙරදීත් සඳහන් කළා මෙන් GotaGoHome අරගලය ඔබ විසින් විද්‍යාත්මකව විශ්ලේෂණය කළ යුතුව පවතියි.
පවත්නා විකෘති දේශපාලන සමාජයීය ක්‍රමවේදය ගෝඨාභය නම් පුද්ගලයාගේ තනි නිර්මාණයක් නොවන බවත් එය ඡන්ද දායකයාගේත් දේශපාලඥයාගේත් හැසිරීම්වල වසර ගණනාවක ප්‍රතිඵලයක් බවත් ඔබ දැනටමත් දන්නා කරුණකි. නමුත් ශ්‍රි ලංකාවේ ඡන්ද දායකයාට තවමත් මේ කරුණ පැහැදිලි නැත.

අරගලකරුවනි, මා පෙරදීත් සඳහන් කළා මෙන් GotaGoHome අරගලය ඔබ විසින් විද්‍යාත්මකව විශ්ලේෂණය කළ යුතුව පවතියි.
පවත්නා විකෘති දේශපාලන සමාජයීය ක්‍රමවේදය ගෝඨාභය නම් පුද්ගලයාගේ තනි නිර්මාණයක් නොවන බවත් එය ඡන්ද දායකයාගේත් දේශපාලඥයාගේත් හැසිරීම්වල වසර ගණනාවක ප්‍රතිඵලයක් බවත් ඔබ දැනටමත් දන්නා කරුණකි. නමුත් ශ්‍රි ලංකාවේ ඡන්ද දායකයාට තවමත් මේ කරුණ පැහැදිලි නැත.
ඔබ විසින් නිර්මාණය කළ හැෂ්ටැගයේ අරමුණ මතුපිට පෙනුමින් ඉටු වී අවසන්ය. ගැඹුරට ගමන් කිරීමට ශ්‍රි ලංකාවේ ඡන්ද දායකයාට බුද්ධියක් නැත. තමාගේ නිවසේ තමාගේ අයවලුන් කෙටිකාලීනව මුහුණ දුන් බඩගින්නේත් රැකියාවට යාමේත් ගැටලුව නිසා පමණක්ම ආත්මාර්ථකාමී හැඟීමෙන් අරගලයට එකතු වූ අතිවිශාල ඡන්ද දායකයන් සංඛ්‍යාවක් අරගලය සමඟ සිටියෝ ය. කොහොමත් මෙය ස්වභාවික අරගලයකට පොදු මුහුණුවරකි. අප විසින් මෙය පිළිගත යුතුව ඇත. මෙම ස්වභාවයේ මීළඟ ප්‍රතිඵලය වන්නේ තමාගේ අතිශය පෞද්ගලික කෙටි ප්‍රශ්නය විසඳුණ පසුව එම බහුතර ජනතාව තව දුරටත් අරගලය සමඟ රැදී නොසිටින බව ය.
ක්‍රමවේදය වෙනස් කිරීම වෙනුවෙන් ඔබ කළ සටනේ ක්‍රියාකාරී සතුරා මේ වන විට වඩාත් කපටි වූද වඩාත් උපායශීලී වූද මානුෂීය මුහුණුවරක් රහිත වූ ද ආකාරයකට පෙනී සිටින්නේය. සතුරාගේ ස්වභාවය වෙනස් වන විට එයට ගැළපෙන මුහුණුවරට ඔබ ද වෙනස් විය යුතුව පවතින්නේ ය.
අරගලය හරහා ඔබ ලැබූ ජාත්‍යන්තර අවධානය සතුරාගේ යථා ස්වභාවය අනාවරණය කිරීම උදෙසා ඔබට භාවිත කළ හැකිය. එය ද ඉතාම සූක්ෂම සහ ජාත්‍යන්තරව පිළිගත් දේශපාලන ප්‍රජාතාන්ත්‍රිය ක්‍රමවේ ද හරහා සිදු කළ යුතුව ඇත්තේ ය.
ක්‍රියාකාරී සතුරා වෙත මුහුණ දෙන අතරම ඔබ ඔබගේ අරගලයේ පොදු සතුරා හඳුනා ගත යුතුව ඇත. ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා වූ අරගලයේ වඩාත්ම භයානක සහ වඩාත්ම ප්‍රබල පොදු සතුරා වන්නේ ශ්‍රී ලංකික ඡන්ද දායකයාගේ පවත්නා නූගත් භාවයයි. මේ නූගත් භාවය නමැති සතුරා විනාශ කිරීමට ඔබට අවුරුදු දෙකක කාලයක් හිමිව ඇත !
අරගලකරුවනි, ඔබ විසින් නිහතමානීව පිළිගත යුතු කාරණා කිහිපයක් ඇත. අරගලයට සහය දක්වන විවිධ කථිකයන් සහ යූටියුබ් ක්‍රියාකාරීන් ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද කලාකරුවන් ද සාමාන්‍ය පොදු ජනතාව තුළ නිතර ගැවසීමෙන් ලබා ගත් ජනප්‍රියත්වය සහ රසිකත්වය හේතුවෙන් ජනතාව එකතු කිරීමේ අසමසම හැකියාවකින් යුක්ත වූවෝ ය. නමුත් ලාංකික ඡන්ද දායකයාගේ නූගත් භාවය තුරන් කිරීමට මේ හැකියාව පමණක් ප්‍රමාණවත් නොවන්නේ ය.
පොදු සතුරාට මුහුණ දීමට නම් ඡන්ද දායකයා වේදිකාව අසලට එකතු කිරීමේ හැකියාවෙන් යුක්ත ඔබත් වේදිකාවේ සිට ඡන්ද දායකයාට අවශ්‍ය බුද්ධිය ලබා දීමේ හැකියාවෙන් යුක්ත දේශපාලන සවිඥානයක් සහිත උගත් බුද්ධිමත් පුරවැසියාත් එක් විය යුතුව ඇත. ඔබ විසින් තනා දෙන වේදිකාවේ බුද්ධිය පැතිරවීමට ඔවුන් අත්‍යවශ්‍ය බව ඔබ විසින් නිහතමානීව පිළිගත යුතුව ඇත. ඔබ දෙපාර්ශවයේ මේ එක්වීම හරහා පමණක් ඔබට මීළඟ ඡන්දයේ දී ඔබේ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා වූ සැලැස්ම මුදුන් පමුණුවා ගත හැකි වනු ඇත.!

  • සාජානි අමරතුංග –
Leave a Reply

Your email address will not be published. Required fields are marked *