COLUMN

අරගලයේ හයිය

Summary

මේ හැමෝම කළේ තමුන්ට අවශ්‍ය ඉලක්කයට යන්න අරගලය තුළ ඊට පහළින් ස්ථානගත වුණු පිරිස් කඩේ යවා ගත් එක විතරයි.ඔවුන් ඒක කළේ අරගල කරුවන් ලවා එක පැත්තකින් රට තුළ භීෂණයක් ඇති කරන අතර තුර අනෙක් පැත්තෙන් එය පාලනය කිරීමට පැවති පාලනය ඉදිරිපත් වෙන එක වැලැක්වීමෙන්.

ලක්ෂ 69ක ජනවරමකින් පත් වුණු විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් ගෙදර යවන්න තරම් අරගලය බලවත් කියල හිතාගෙන හිටියට, ඇත්තම කතාව පොලිස් අත්අඩංගුවට පත් වුණු විරෝධතාකරුවො කිහිප දෙනෙක් නිදහස් කරගන්න තරම්වත් හයියක් දැන් අරගලයට නැහැ.

රූපවාහිණියට ඇතුල් වෙලා නිලදාරීන්ට අණ දීල වැඩසටහන් විකාශය නවත්වන්න අරගලකරුවන්ට තිබුණු හයිය දැන් ඔවුන්ට නැහැ.ඔය මීට මාස දෙකකට කලින් අරගලයට තිබුණය කියල අරගලකරුවො හිතාගෙන හිටිය හයිය අරගලයෙ එකක් නෙමේ.

ඒක මූලිකවම ජූලි චන්ග් ඇතුළු තානාපතිවරුන්ගෙ.ඊට මදක් අඩුවෙන් කාඩිනල්ගෙ,ඩයස්පෝරාවෙ සහ ඊට බුරියානි සැපයූ අයගෙ. ඊටත් මදක් අඩුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙ,කොලොම්බියන්ස්ලගෙ සහ කලුකෝට් සංගමයෙ.

මේ හැමෝම කළේ තමුන්ට අවශ්‍ය ඉලක්කයට යන්න අරගලය තුළ ඊට පහළින් ස්ථානගත වුණු පිරිස් කඩේ යවා ගත් එක විතරයි.ඔවුන් ඒක කළේ අරගල කරුවන් ලවා එක පැත්තකින් රට තුළ භීෂණයක් ඇති කරන අතර තුර අනෙක් පැත්තෙන් එය පාලනය කිරීමට පැවති පාලනය ඉදිරිපත් වෙන එක වැලැක්වීමෙන්.

ඉහත අය අරගලෙන් ඉවත් වුණාට පස්සෙ අරගලයට කරන්න හැකියාව තියෙන්නෙ පිටකො‍ටුවෙ පිකට් කරන එක විතරයි.

-අනුජ මංචනායක-

Leave a Reply

Your email address will not be published.