COLUMN

අරගලය, ප්‍රශ්නය සහ උත්තරය…!

Summary

GoHomeGota2022 කියලා පටන්ගත්ත campaign එකට දැන් අයිතිකාරයෝ ගොඩයි. හැමදාම වෙන්නේ ඇත්ත අරගලය කවුරුහරි hijack කරන එකය. මේකත් ඒ වගේමය. System Change එකක් වෙනුවෙන් පටන්ගත්ත #GoHomeGota2022 අරගලය දැන් එක එක කට්ටිය වෙන වෙන අරමුණු වලට attached කරගෙන ඉන්නේ. System Change කට්ටිය […]

GoHomeGota2022 කියලා පටන්ගත්ත campaign එකට දැන් අයිතිකාරයෝ ගොඩයි. හැමදාම වෙන්නේ ඇත්ත අරගලය කවුරුහරි hijack කරන එකය. මේකත් ඒ වගේමය.

System Change එකක් වෙනුවෙන් පටන්ගත්ත #GoHomeGota2022 අරගලය දැන් එක එක කට්ටිය වෙන වෙන අරමුණු වලට attached කරගෙන ඉන්නේ.

System Change කට්ටිය : මේකේ ඉන්නේ ඇත්තටම ලංකාවේ දේශපාලනේ, රාජ්‍ය යාන්ත්‍රනේ, system change එකක් ඕනා කියපු, #GoHomeGota2022 slogan එක හරහා Whatsapp, Telegram, FB සහ අනෙකුත් social media හරහා gather උන, “Gota ගෙදර පල” කිවුවටම එහෙම කරන්න පුලුවන්ද, ගියොත් කාවද ගේන්නේ, ලංකාවේ ප්‍රශ්නයට ඒකෙන් උත්තරේ ලැබෙයිද දන්නැති වගේම ගෑස්, තෙල්, විදුලිය නැති එක නිසා අන්ත අසරණ වෙලා මාරාවේශ වෙලා ඉන්න genuine කට්ටිය.

Regime Change කට්ටිය : මේකේ ඉස්සරහම ඉන්නේ SJB, JVP ගැන්සිය. මේ කට්ටියට ලංකාව හොම්බෙන් ගියත් කමක් නෑ, බලය අල්ලන්න පුලුවන්ද කියන එකයි, තියන ආන්ඩුවට තල තල ඉන්න එකයි වැදගත්. හැබැයි රට කරපන් කියලා දුන්නොත් පන එපා කියලා දුවනවා. SJB එක මේ දවස්වල ෆුල් අවුල්, මොකද “225ම එපා” කියන slogan එක නිසා. JVP එක නිකම්ම අතාරින්නේ නෑවගේ. ඒගොල්ලො කියන්නේ “225” නෙමේ “224ම එපා” කියලා. ඕන කියන “1” අනුරලු…! එතකොට මලාට රාජ්‍ය බලයක් ගන්න බැරි, අන්තරේ කුලප්පු කරලා, අරගලයට දාලා SJB, JVP ගේමට වක්‍රව සපෝට් එක දෙන FSP අයත් ඉන්නේ මේකේ.

Face Saving කට්ටිය : මේකේ ඉන්නේ ගෝඨාභය ගේන්න ඒ දවස්වල social media වල campaign කරලා, change එක බලාපොරොත්තුවෙන් ගෝඨාභයට චන්දේ දීලා, ගෝඨාභය දින්නාම තාප්පවල චිත්‍ර ඇදලා, පුරන් කුඹුරු වපුරලා, බලාපොරොත්තු උන change එක නොවුන එකටයි, චන්දේ දුන්න එකටයි, අනික් එවුන්ගෙන් බැනුම් අහන එකටයි තරහට, “#GoHomeGota2022” කියලා placard එක අල්ලගෙන, සෙල්ෆියක් ගහලා, වීඩියෝ එකක් කරලා, FB එකේ post කරලා , YouTube එකේ upload කරලා, අපි දැන් anti-ගෝඨාභය කියලා පෙන්නන රැට්ටා, පැට්ටා, මැට්ටා වගේ කට්ටිය.

Fish in the Brown Water කට්ටිය : මේකේ ඉන්නේ එකාට එකෙක් වෙනස්, කලදුටු කල වල ඉහින, අන්තිම භයානකම ගැන්සි. රාජපක්ෂලා එක්ක ජම්මාන්තර, බෞද්ධ ආගම, පන්සල පෙන්නන්න බැරි, හමුදාව, පොලීසිය එක්ක නයි වෛර, ෆෙඩරල් ඉල්ලන දෙමල අන්තාවාදී සෙට් එක, ලංකාවට ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලන මානව හිමිකම් ඔස්තාර්ලා, NGO වලින් පෝෂණය වෙන ඔය එකී නොකී මොකී සියලුම anti-Sri Lankan කට්ටිය ඉන්නේ මේකෙ. ඊලමට ලග එකක් දුන්නොත් ඩයස්පෝරා ඩොලර් ටික දෙනවා කියන සුමන්තිරන්ලා, ආර්ථික අර්බූදය ආවෙ පාස්කු කුමන්ත්‍රණය නිසා කියලා කියන කාදිනල්ලා, දළදා මාලිගවේ දේපල රාජසන්තක කරන්න කතා කරන සන්නස්ගලලා, ලංකාව අනාගාමික රටක් කරමු කියන, ස්වාමින්වහන්සේලා කහකඩයෝ කියන පල්ලියේ ගැන්සිය, ජාතිවාදය එපා කියන චාල්ස් තෝමස්ලා, හැමෝටම අමතක වෙලා හිටිය පරන අන්තරේ ලහිරුලා, බයිසිකල් සංගමයේ චින්තකලා වගේ අවස්ථාවාදී සෙට් ඉන්නේ මේ “බොර දියේ මාලු බාන” කට්ටියගෙ කන්ඩායමේ.

ආතල් Revolution කට්ටිය : මේ කට්ටිය වෙනම සීන් එකක්. මේ අය ආතල් එකක් ගන්න අරගල කරන, පොෂ් පැලැන්තියේ, හැම්, බේකන්, චීස් බටර් කන, විස්කි, බ්‍රැන්ඩි බොන, BMW, Benz, Audi පාවිච්චි කරන, ඉංග්‍රීසියෙන් “Fuck You Gota” කියන, කොයි ආන්ඩුව ආවත් යහමෙන් වැජබෙන, තුනට නිදහස් චතුරශ්‍රයට ඇවිත්, අරගලය ආතල් එකක් කරලා, හයට කඩේ වහලා, club ගිහින්, කාලා, බීලා, නටලා, අරගලය සමරන කට්ටිය ඉන්නේ මේකේ.

ඔය කිවුව කොයි කවුරැත් “ගෝටාගෝගමේ” සාමාජිකයෝ.

දැන් අරගලේ එහෙම උනාට ප්‍රශ්නේ කොහොමද ? ප්‍රශ්නේ පටන්ගත්ත තැනමයි. අරගලේ වස්තු බීජය තෙල්, ගෑස්, විදුලිය.

ලංකාවේ දිනක සාමාන්‍ය ඩීසල් පරිභෝජනය MT 6,500. මේ දවස්වල ඒක MT 9,000. නැවක සාමාන්‍යයෙන් ඩීසල් MT 40,000ක් එනවා. ඒ කියන්නේ නැවක් ආවොත් දවස් 5ක් ලංකාවට අල්ලන්න පුලුවන්. මාසෙකට නැවු 6ක් වත් ඕනා. එක නැවකට ඩොලර් මිලියන 43ක් යනවා. ඒ කියන්නේ ඩීසල් වලට මාසෙකට ඩොලර් මිලියන 258ක් යනවා. එතකොට හරියටම ගනන් හැදුවොත් ඩීසල් ලීටර් එකක් රුපියල් 311 ක් වෙනවා.

ලංකාවේ දිනක සාමාන්‍ය පැට්‍රෝල් පරිභෝජනය MT 3,500. නැවක සාමාන්‍යයෙන් පැට්‍රෝල් MT 38,000ක් එනවා. ඒ කියන්නේ නැවක් ආවොත් ලංකාවට දවස් 11ක් අල්ලන්න පුලුවන්. මාසෙකට නැවු 3ක් වත් ඕනා. එක නැවකට ඩොලර් මිලියන 38ක් යනවා. ඒ කියන්නේ පැට්‍රෝල් වලට මාසෙකට ඩොලර් මිලියන 114ක් යනවා.එතකොට හරියටම ගනන් හැදුවොත් පැට්‍රෝල් ලීටර් එකක් රුපියල් 290 ක් වෙනවා.

ලංකාවේ දිනක සාමාන්‍ය ගෑස් පරිභෝජනය MT 1,300. නැවක සාමාන්‍යයෙන් ගෑස් MT 3,900ක් එනවා. ඒ කියන්නේ නැවක් ආවොත් ලංකාවට දවස් 3ක් අල්ලන්න පුලුවන්. මාසෙකට නැවු 10ක් වත් ඕනා. එක නැවකට ඩොලර් මිලියන 4ක් යනවා. ඒ කියන්නේ ගෑස් වලට මාසෙකට ඩොලර් මිලියන 40ක් යනවා. එතකොට හරියටම ගනන් හැදුවොත් ගෑස් සිලින්ඩර් එකක් රුපියල් 3,700 ක් විතර වෙනවා.

ඔක්කොම ගත්තොත් ඩීසල්, පැට්‍රෝල්, ගෑස් වලට විතරක් මාසෙට ඩොලර් මිලියන 412ක් යනවා. එතකොට අත්‍යාවශ්‍ය බෙහෙත් ? අත්‍යාවශ්‍ය කෑම ? ඉතින් අපි මේ ඩීසල්, පැට්‍රෝල්, ගෑස් පෝලිම් නැති කරන්නනම්, ලයිට් කැපිල්ල නවත්වන්න නම් අඩුම ගානේ ඩොලර් මිලියන 410ක් මාසෙකට හොයන්න ඕනා. නැත්නම් ඩොලර් මිලියන 410ක් මාසෙකට සැරයක් කාගෙන්හරි හිගා කන්න ඕනා. ඔන්න අපි ඉන්න තැන.

මේකට recovery plan එකක් තියෙනවාද ? ඩොලර් ගෙන්නන්න, investment ගෙන්නන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රමයක් තියෙනවාද ? අන්න එතනයි අපිට ඕනා උත්තරේ තියෙන්නේ ….! මේකට “ගෝටාගෝගමේ” කාටහරි විසදුමක් තියෙනවාද ? අන්න එයා තමයි අපිට ඕනා….!

මේ වෙලාවේ රටට ඇත්තටම ආදරේ කවුද කියන එක, ඇත්තම නායකයෝ කවුද කියන එක, හොදටම පෙනුනා ජාතික ආන්ඩුව හදන්න කට්ටිය පොරකකා ආපු හැටි දැකලා. ලංකාවේ ආන්ඩු පක්ෂයේ එවුනුයි, විපක්ෂයේ එවුනුයි ඔක්කොමලා, කටින් බතල කොල හිටවන, සත පහකට වැඩක් නැති, පට්ට වැඩබැරි දාසලා.

කලින් ලිවුවා වගේ මේකට උත්තරේ Gota, Sajith, Ranil, Anura, Patali, Sarath Fonseka හෝ අපි නොදන්න Pathum වත් ආවා කියලා ගොඩ දාන්න පුලුවන් ගේමක් නොවේ. එක්සත්ව, එක්සිත්ව, රටක් හැටියට ගොඩ යන්න ඕන සීන් එකක්.

සිරාවටම ඇගට ලේ ටිකක් හරි ඉනුවේ, මහ බැංකුවේ නව අධිපති ප්‍රොෆෙසර් නන්දලාල්ගේ කතාව අහලා. අන්න මිනිස්සු..! මෙච්චර කල් මේ අයව වැඩට නොගත්ත එකේ පලවිපකය තමයි අපි අද විදින්නේ. කොහොම හරි ලංකාවේ “welfarism @ සුබසාධන” ක්‍රමවේදය අනිවා ඉවර වෙනවා කියන එක තමා නන්දලාල් මහත්මයාගේ කතාවෙන් තෙරුනේ. ඒ හින්දා අනාගතේදී අධයාපනය, සෞඛ්‍ය වගේ දේවලුත් නොමිලේ දෙන එක නැවතුනොත් පුදුම වෙන්න දෙයක් නැත.

අරගලයේ දිශානතිය බොදවී ඇත, System Change එක Regime Change, Federal Solution, Secular State දක්වා වෙනස්වී ඇත, ගෑස්, තෙල්, විදුලිය ප්‍රශ්නය එතනමය, උත්තරය බිංදුවය..!

අන්තිමේදී කියන්න තියෙන්නේ “වසන්තය අවසාන වී ඇත. එහෙත් ඉඩෝරය සම්පූර්ණයෙන් අප වෙලාගෙන නැත. ඉඩෝරය අප වෙලා ගනිමින් පවතී. ක්‍රියාත්මක වීමට අපට ඉතාම ටික කාලයක් ඇත. අප ගැන නොව, අපේ අනාගත පරපුර ගැන සිතා අපි ක්‍රියාත්මක වෙමුද ? අරගල කරමින් ඉඩෝරයට ගොදුරු වෙමුද ….?”

කොහොමත් ගිලිලාම ඉන්න එකේ අවුරුද්දත් ජයටම කාලාම ඉමු..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *