Opinion

අරගලය සහ වම්මුන්ගෙ ලැජ්ජාව

Summary

මහාචාර්යලා, ආචාර්යලා සෑහෙන ගණනක් ඉන්න ලංකාවේ වම, කොයිතරම් නම් බුද්ධි හීන ද යතාර්ථයෙන් ඈත්ව ජීවත් වෙනවා ද කියන එකට හොඳම උදාහරණය තමයි, පහුගිය දා නිමා වෙච්ච අරගලය. ඒ අය හිතුවේ, ගෝල්පේස් අරගලය ඒ අයගේ වාමාංශික අරගලයක්ය කියලා. ඒක නියෝලිබරල් අදහස් […]

මහාචාර්යලා, ආචාර්යලා සෑහෙන ගණනක් ඉන්න ලංකාවේ වම, කොයිතරම් නම් බුද්ධි හීන ද යතාර්ථයෙන් ඈත්ව ජීවත් වෙනවා ද කියන එකට හොඳම උදාහරණය තමයි, පහුගිය දා නිමා වෙච්ච අරගලය.

ඒ අය හිතුවේ, ගෝල්පේස් අරගලය ඒ අයගේ වාමාංශික අරගලයක්ය කියලා. ඒක නියෝලිබරල් අදහස් වලට පක්ෂ IMF යා යුතුයි කිව්ව ඇඩ්වකාටා, වෙරිටේ ආයතන වල බුද්ධිමය නායකත්වය ලැබූ, USAID සහාය තිබ්බ අරගලයක්.
වාමාංශිකයො හිතුවේ ඒ අයගේ අරගලයක් කියලා. ඉතින් ඇත්ත අරගලයේ නායකයො, තමන්ට අවශ්‍ය අරමුණු කරා ගියාට පස්සේ ගෝල්පේස් සුද්ද කරගෙන ගියාම, ඒ අරගලය ඉවරයි.

සමහර වමේ බුද්ධිමය පුරෝගාමියෝ අඬනවා, අරගලය පාවා දුන්නා⁣ලු. පාවා දීලා රනිල් ගෙ කඳවුර ට ගියා ලු..ඔය අරගලය, රනිල් ගෙ කඳවුරේ තමයි කොහොමත්. වම්මු වෙන ඔයාලා තමයි ඕකට ගියේ. පෝස්ටර් ටිකක් උස්සන් ඉන්න කොට, අනේ මේ තියෙන්නේ ඔක්තෝම්බර් විප්ලවයේ අපේ වර්ෂන් එක කියලා ඒකට පැන්නේ ලංකාවේ වම තමයි.
අන්තිමට වුනේ වමාලා ගේ කර පිටින් IMF යන, ඒ අදහස් වලට පක්ෂ දේශපාලන ක්‍රමයක් ඇති වීමයි. ඒ අය එහෙම කළේ imf යන එක වළක්වාගෙන හැකි තරම් පුද්ගලීකරණය වළක්වාගන්න උත්සාහ කළ රජයකට එරෙහිවයි. මම හිතන්නේ ලෝක වාමාංශික ඉතිහාසයේ බොහොම ලැජ්ජාශීලි නිදසුනක් බවට මේ අරගලය පත්වේවි.

-ඉෂ් ඩයස්-

Leave a Reply

Your email address will not be published.