COLUMN

අර්බුධයට විසඳුම මහමැතිවරණයක්ද?

Summary

මෙතනදි මැතිවරණයක් ඉල්ලලා පුප පොලොවෙ ගහගන්න ජෙප්පන් වෙනුවෙන් ලාල්කාන්ත කතා කරා. එයත් ආස ඇති නේ පාර්ලිමේන්තුවට ඇවිත් බයිලා ගගහා පුටු රත් කරන්න.

අර්බුධයට විසඳුම
මහ මහමැතිවරණයක්ද?
➖➖➖➖➖➖➖▪️

දැන් රනිල්ගෝහෝම් වෙනුවට, මේ ආන්ඩුවට අකමැති අයගෙන් මහ මැතිවරණයක් ඉල්ලලා මළ අඬෝවැඩියාව.

ඒ පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ කොහේ හරි ගුබ්බෑයමක තිබුනා. දැන් ඒවට සෙනඟ එන්නෙත් නෑ. එතනත් 25-30 ක් වගේ හිටියා.

සජබෙන් වෙනදා එන හර්ෂලා තියා සුමන්තිරවත් දැක්කෙ නෑ. හිටියේ මන්ද බුද්ධික. එයා කිව්වා මන්ත්‍රිවරුන්ට වෙන වෙනම ලියුම් යවන ජනාධිපති කෙනෙක්ගේ සර්වපාක්ෂිකයකට එයා හා සජබෙ නැතෙයි කියලා.

කොහොමත් රනිල්ට මේ වගේ මළහෝන්තුවකට ඇමතිකමක් දෙන්න තරම් පිස්සු ඇතෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඊට හොඳා මොන්ටිසෝරී බබෙක්ට ඒ ඇමතිකම දෙනේක.

මෙතනදි මැතිවරණයක් ඉල්ලලා පුප පොලොවෙ ගහගන්න ජෙප්පන් වෙනුවෙන් ලාල්කාන්ත කතා කරා. එයත් ආස ඇති නේ පාර්ලිමේන්තුවට ඇවිත් බයිලා ගගහා පුටු රත් කරන්න.

හැබයි මෙතනදි අරගලයට අවංකව ඇත්ත කිව්වේ පෙරට්ටන්ගේ දුමින්ද නාගමුව ඉතරයි. ඇත්තටම අරගලයෙන් ඉල්ලුවේ, සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් මිස, පවතින සිස්ටම් එක ඉදිරියටත් පවත්වාගෙන යන මැතිවරණයක් නෙමේ.

උන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් පිට බලයක්, ඒ කියන්නේ වම්මුන්ගේ මිලිටරි පාලනයක්, දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පාලනයක්.

ඒ සිස්ටම් එකේ මැතිවරණ නෑ. මාධ්‍ය නිදහසත් නෑ. උද්ඝෝෂනත් නෑ. පෙලපාලිත් නෑ. රැස්වීමුත් නෑ. මානව අයිතිවාසිකමුත් නෑ. යුනියනුත් නෑ. වෙන පක්ෂක් නෑ. ඔක්කොගෙම පස්සත් නෑ.

රජයෙ සියල්ල පරිපාලනය වන අමු ගොබ්බ AR & FR සිස්ටම් එක එක්ක මේ රට ගොඩදාන්න බෑ කියනෙක අපි කියන්නෙත් මෙයාලා කියන්න කලින් බොහෝ කාළයකට පෙර ඉඳලා. ඊටත් කලින් වික්ටර් අයිවන් සුනන්ද දේශප්‍රිය එහෙම කිව්වා.

මේ දේශපාලන ක්‍රමය තුල ආර්ථිකයේ යම් කිසි විප්ලවයක් කලා නම්, එහෙම කරපු උන් ඒ දේ කලේ මේ ගොබ්බ සිස්ටම් පයිසෙකටවත් මායිම් නොකර ගත්ත නිර්භීත තීන්දූ තිරණ නිසා.

අනික වාමවාදි පාලනයකින් මේ රට ගොඩගන්න පුළුවන් කියාලා යමෙක් හිතනවා නම් ඌ හෝ ඈ කෙලින්ම යවන්නෝන කියුබාවට. මොකෝ රට ගොඩ ගන්න බැරි ඒ වැහි නැති හෙණ ගහන සිස්ටම් ගොඩකුත් මේ සිස්ටම් එක අස්සෙ ඔබලා තියෙන නිසා. ලොකුම කොඩිවිනේ හූනියම් හෙවත් දේශපාලන වෘත්තීය සමිති.

මේ මොහොතේ මැතිවරණයක් තියන්න පුලුවන් පරිසරයක් රටේ කොහොමත්ම ඇත්තේ නෑ. මිනිස්සුන්ට දැන් 225 නෙමෙයි, එකෙක්වත් පෙන්නන්න බෑ. උන්ට අරගල කාරයොත් අරහං.

අනික අරගලේ ඉවරයි, දැන් අර 30 අවුරුදු යුද්ධයේ ජයග්‍රහණයේ අයිතිකාරයෝ වැහි වැහැලා ඉන්නෝ වගේ, මේකටත් අයිතිවාසිකම් කියන පිරිස කුණුහබ්බ වපුරනවා. හම්බ කර ගත්ත උන් සියල්ල වමාරනවා පාවා දෙනවා…

සරළවම කියනවා නම් මෙච්චරයි….

මහ මැතිවරණයක් තියන්න වෙන්නේ මේ තියෙන සමානුපාතික මනාප ක්‍රමයටමයි..

එතකොට එන්නේ 225 ම එපා කියපු මේ පිරිසමයි. එකෙක් දෙන්නෙක් හැලෙයි. ඒ වෙනුවට ඒ ජාතියෙම උන් එයි.

ජනාධිපති රනිල්මයි.

එයා එලවන්න 2/3 ක් ඕන.

ඒ 2/3 බලය මේ මොහොතෙ පවත්වන මැතිවරණයකින් කිසිසේත්ම කාටවත්ම එන්නේ නෑ.

අනික අරගලකාරයෝ කියලා පෙන්වන ජෙප්පන්ට ලැබෙන්න තිබුන ගානමයි. 3% යි. ඒකත් ෂුවර් නෑ.

මොකෝ මැතිවරණයකට ගිය ගමන් අරගලේට අයිතිකාර කණ්ඩායම්, උනුන් එකිනෙකා මරාගෙන ඕක ජෙප්පන්ගෙ වැඩක් නොවන බව හෙලිවනවා.

පෙරටුගාමින් ඉල්ලුවත්, උන්ට එක ආසනයක් තියා රටෙන්ම ඡන්ද 20000 ක් ලැබෙන්නේ නෑ.
මිනිස්සුන්ට දැන් උන්වත් පේන්න බෑ.

උන් රට පාලනයට තියා ගෙදරකටවත් වැද්ද ගත යුතු නැති මිලේච්ඡ ගෝත්‍රික හොරු රැලක් කියලා ඔප්පු වෙලා ඉවරයි.

චන්ඩි දැන් නොන්ඩි වෙලා හැංගිලා ඉන්නේ.

අරගලේට ඇවිත් පිම්බිච්ච අනික් පොලිටික්කන්ට නම් මනාප ටිකක් වැඩිවෙයි..

ඒ වගේම ඔතනට ඇවිත් චරිත වෙච්චො ගල් ආඳෝ කිහිප දෙනෙක් මහ පක්ෂ වලින් පාර්ලිමේන්තු එයි.

හැබයි එක දෙයක් නම් ටක්කෙටම වෙයි…

කිහිප දෙනෙක් ඝාතනය වෙලා…
ඉතිහාසයේ තිබූ කෲරතම ප්‍රචන්ඩ මැතිවරණය වෙයි.

හිතන්න එපා මහින්දගෙ, රනිල්ගේ, සජිත්ගේ මැරයෝ මේ අයට බයේ හැමදාම හැංගිලා ඉඳියි කියලා…

උන්ට අවස්ථාවක් ලැබුන ගමන් උන් ඉන්නේ රිටර්න් එක දෙන්න බලාගෙන…

නම් ගම් ඇඩ්‍රස් පොලිසියෙන්ම අරගෙන, ලැයිස්තු ගත කරලා ලිස්ට් හදලා ඉවරයි….

එවරි ඇක්සොන් හෑස් ඒ රියැක්සොන්..

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ටේන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමනෙවති
චක්කංච වහතො පදං

(ධම්ම පදය යමක වර්‍ගය)

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුය. ඒ ගති සිතම ශ්‍රේෂ්ඨකොට පවතින්නෝ ය. සිතින්ම උපදින්නෝ ය.

ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම්; කරයි නම් කරත්තය අදිනා ගොනාගේ පය අනුව රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී.

ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ …..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *