Opinion

අලි මිනිස් මීමැසි කතා

Summary

පාරිසරික විසඳුම් කියන්නෙ අති සුක්ෂම කලාපයක්. තැනක හරියන දේ තවත් තැනකදි හරියන්නෙ නැත්තෙ අති සියුම් කාරණා නිසා.

ඒ අලි මේ අලි නොවේ
  • Save
ඒ අලි මේ අලි නොවේ

මී මැස්සො අලි මිනිස් ගැටුම නවත්තන්න ප්‍රතිකර්මයක් විදිහට යොදාගන්න එක ගැන කිහිප තැනකම අහලා තිබ්බා ටැග් වෙලා තිබ්බා. ඒ තැන්වල  උත්තර දෙන්න ගියොත් මාව තෙල් තාච්චියක දාලා බදිනවා නව නිපැයුම්වලට බාල්දිය දානවා කියලා. ඒ නිසා උත්තරේ මෙහෙම ලියනවා. පලවෙනිම කාරණය තමයි ඕක ලංකාවේ අලුත් සොයාගැනීමක් නෙවෙයි. අප්‍රිකානු රටවල් කිහිපයක සෑහෙන කාලයක් තිස්සෙ කරපු වැඩක්. ගැටලුව තියෙන්නෙ අප්‍රිකාවේ ඉන්නෙ වෙනස් අලි විශේෂයක් සහ වෙනස් මීමැසි විශේෂ.

විශේෂ නාමවලින් කිව්වොත් ඕක වැඩි වශයෙන් අප්‍රිකානු කලාපයේ නියමු ව්‍යාපෘති විදියට ක්‍රියාත්මක වුනේ Loxodonta africana අලි විශේෂය සහ Apis mellifera scutellate කියන මීමැසි විශේෂය එක්ක. තවත් අප්‍රිකානු අලි විශේෂක් ඉන්නවා L.cyclotis කියලා නමුත් crop raiding වලිදි සයි⁣ක්ලොටිස්ලට වඩා ලොක්සොඩොන්ටා සහ මිනිස් ගැටුම අධික නිසා ඒ විශේෂය තමයි බොහෝ නියමු ව්‍යාපෘතිවලදි අධ්‍යනයට ලක්වෙන්නෙ.

මුල් කාලයේදි මේ පර්යේෂණ ප්‍රතිඵල සාර්ථක වුනත් මේ වෙද්දි තත්වයේ අවුල් දකින්න පුළුවන්. ආසියානු කලාපයේ ඉන්නෙ Elepahs maximus කියන විශේෂය. ආසියාවේ විවිධ කලාපවල ඔය විශේෂය තවත් උප විශේෂ පහකට කැඩෙනවා. ලංකාවේ ඉන්නෙ E.maximus maximus කියන උප විශේෂය. කලාපයේ ආසන්න රටක් විදියට තායිලන්තයේත් මේ පර්යේෂණ සිදුකරා. එහිදි භාවිතා වුනේ E.maximus සහ Aphis cerana කියන මීමැසි විශේෂය. වැ⁣ඩේ සාර්ථක නෑ කියලා තමයි ඒ පර්යේෂණ ප්‍රතිඵල දක්වන්නේ.

ලංකාවේ තත්වය ගත්තම ඔය තත්වය මෙහෙදි භාවිතා වෙන්නත් කලින් ඉඳන් අපිට සැක තිබ්බා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අලි කියන්නෙ හැමදාම එකම දේ එකම විදියට කරන යාන්ත්‍රික සතුන් විශේෂයක් නෙවෙයි. අලි එක්ක වැඩ කරන අය දන්නවා අද දෙයක් දැකලා ඔලුවට දාගත්තම හෙට ඒ දේටම වෙනස් විදිහකට ප්‍රතිචාර දක්වන, ඉගෙන ගන්න බුද්ධිමත් සතුන් පිරිසක්.

මේ සත්තු දන්නවා විදුලිය ගැන, මේ සත්තු දන්නවා නියපොත්තට විදුලිය වදින්නෙ නැති බව, මේ සත්තු දන්නවා වියලි කොටයක් ගෙනත් වැට පාත් කරලා මාරු වෙන්න. මේවා එදිනෙදා ඉගෙන ගන්න කරුණු. ඉතින් මීමැස්සන් වැනි ප්‍රතිරෝධයකටත් ප්‍රතිචාරය එයම වෙන්න පුළුවන් කියන සැකය අපිට තිබ්බා. පළමු දෙවන තෙවන අවස්ථාවල බිය වුනත් ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය ඔවුන් අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි මව් පාර්ශවයෙන් ඒ දැනුම සංසරණය කරනවා. ඉතින් දැන් එන අලුත් පර්යේෂණ පත්‍රිකාවලත් ඔය දේම සඳහන් වෙනවා.

අනිත් කාරණය තමයි අප්‍රිකානු මීමැසි ප්‍රභේද තරම් ආසියානු කලාපය තුල ප්‍රභේද ආක්‍රමණශිලි නොවීම. තවත් කාරණයක් තමයි Aphis cerana වගේ විශේෂ රාත්‍රි කාලයේදි එතරම් ක්‍රියාකාරී නොවීම. අලි ගම්වදින්නෙ බොහෝ විට රෑට. ඉතින් එහෙම වුනාම එතන ගැටලුවක් තියෙනවා.

තවත් තාරණයක් තමයි ආර්ථිකමය වශයෙන් ඒ විසඳුම තිරසර නොවීම. මීමැසි පාලනය කරන අය දන්නවා කොලනියක් කරගෙන යන්න නැහෙන්න ඕන තරම. අනිත් අතට වෛරස සහ දිලීර ප්‍රභේද කිහිපයක් නිසා A.cerana වගේ විශේෂ මන් දන්න තරමින් දැඩි තර්ජනයක සිටින්නෙ.

ඉතින් ඔය වගේ කාරණා ගනනාවක් නිසා ලංකාවෙදි මීමැසි විසඳුම අපි හිතුවා වගේම එතරම් සාර්ථක නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ.

පාරිසරික විසඳුම් කියන්නෙ අති සුක්ෂම කලාපයක්. තැනක හරියන දේ තවත් තැනකදි හරියන්නෙ නැත්තෙ අති සියුම් කාරණා නිසා. ෆන්ඩින්ග් ලැබෙනවානන් නියමු ව්‍යාපෘති වලට ගියාට අවුලක් නෑ. හැබැයි ඇකඩමික් ලිට්රෙචර් එකටත් වඩා භුමියේ ඉන්න මිනිස්සුන්ගෙ අත්දැකීම්වලින් යමක් ඔලුවට දාගෙන ඉන්න එක වටිනවා. මොකද ඒවා අවුරුදු ගානක රීසර්ච් එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයෙක්ටවත් නැති මහාර්ඝ දැනුම් එකතුවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap