අලුත් විපක්ෂ නායකතුමා සභාව අමතනවා
Summary
විපක්ෂ නායකතුමා ස්පීච් එක දීලා සුද්දෙක් වගෙ ලුක් එකක් දාලා සීට් එකේ සිට් වෙලා කූල් වතුර වීදුරුවක් ඩ්‍රින්ක් කළා.
පොළොවේ පය ගහපු, පොදු ජනතාවගේ දුක හදුනන, සාමාන්‍ය ජනතාවගේ හද ගැහෙන රාවය හදුනාගත් අලුත් විපක්ෂ නායකතුමා සභාව අමතනවා.
කිං බානට්තුමාත් මේ මංගල කතාව අහන්න බැල්කනියේ පුටුවක සෙට් වුණා.
අලුත් විපක්ෂ නායකතුමා නැගිට්ටා.
ඊට පස්සේ දෙන්න පටන් ගත්තා මෙන්න මෙහෙම.
“…. ඈස් ද කස්ටෝරියල් ඔෆ් දිස් ඔගස් එසෙම්බ්ලි යූ ආර් එතිකලි ඇන්ඩ් මොරලි බ්ලයින්ඩ් ටු අප්හෝල් ග්‍රේට් ප්‍රින්සිපල්ස් ඔෆ් ඩිමො- ක්‍රේසි ඇන්ඩ් ද ලෙජිනමසි ඔෆ් දිස් ඉන්ස්ටිටියුෂන් ඉට් ඉස් අනකම්පනෝන් යූ ටු බී ඉක්විට්බල් ඉන් පාෂල් අන බයස් ඇන්ඩ් නන් පොජරිසම්….”
නිව් විපක්ෂ නායකතුමා ස්පීච් එක දීලා සුද්දෙක් වගෙ ලුක් එකක් දාලා සීට් එකේ සිට් වෙලා කූල් වතුර වීදුරුවක් ඩ්‍රින්ක් කළා.
සභාව ෆිනිෂ් කළාට පස්සේ ලොබි එකේදි නිව් විපක්ෂ නායකතුමා කිං බානට්තුමාව මීට් වුණා.
“…සෝ…හව්..? හව්ස් මයි ස්පීච්..?”
නිව් විපක්ෂ නායකතුමා ඇහුවා.
“…මරු .. දුගී,දුප්පත්,අසරණ ජනතාවට මරු එකට තේරුනා….”
“…රියලී….?”
“….යස් සෑර්,ඔබතුමාගේ කතාව වැඩියෙන්ම තේරුනේ ඇමරිකන් තනාපතිටයි, බ්‍රිතාන්‍ය තානාපතිටයි,
දයාන් ජයතිලකටයි, ශිරාල් ලක්තිලකටයි…!”
This part sums up the whole thing!!
“….යස් සෑර්,ඔබතුමාගේ කතාව වැඩියෙන්ම තේරුනේ ඇමරිකන් තනාපතිටයි, බ්‍රිතාන්‍ය තානාපතිටයි, දයාන් ජයතිලකටයි, ශිරාල් ලක්තිලකටයි…!”. 😁👍👍👍
එතුමාට තේරුනාද දන්නේ නෑ හැබැයි!