COLUMN

අවංක මිනිස්සු……

Summary

2003 දි මං හිටියේ central Norway වල තිබුන Norwegian එවුංවත් වැඩියෙ අහල නැති Tingvoll කියන පුංචි ගමේ

2003 දි මං හිටියේ central Norway වල තිබුන Norwegian එවුංවත් වැඩියෙ අහල නැති Tingvoll කියන පුංචි ගමේ….මුළු ගමේම හිටියෙ දෙසිය ගානක් විතර…මං එහෙ තිබුන organic farming research institute එකේ වැඩ කරා…
දැං කතාවට බහිමුකො…ඒ කාලෙ මගේ බොක්ක තමයි ජෝන්…ටික කාලයක් පොර ලංකාවෙ ඉඳල තියන නිසා මාත් එක්ක හොඳටම සෙට් උනා…පොරගෙ තාත්තා එහෙ university එකක botany professor කෙනෙක්.…සමහර සති අන්ත වල මේ මහාචාර්යතුමා අපිව එක්කගෙන යනව කඳුවල තියන දුර්ලභ පැල ජාති හොයන්න…

ඒ ගමං වලදි අපි නවතින තැන් ගැන තමයි මේ කියන්න යන්නෙ…

මේ තැන් කියන්නෙ පොඩි හුරැබුහුටි ගෙවල්…online search කරාම එනව…එතකොට ඒ නොම්බරේට කතා කරාම කියනව ගේ ඉස්සරහ තියන මේපල් ගහේ හයි කරල තියන පෙට්ටියෙ දොරේ යතුර තියනව තියනව කියල…එච්චර තමයි…

අපි ගිහිං අර යතුරෙන් ඇතුළු උනාම පිලිවෙලට අස්පස් කරපු ගෙයක් තියනව…ෆ්‍රිජ් වල කෑම බීම පුරවල තියනව…අපි ඒ හැමදේම ගන්න කලිං දීල තියන කොල තීරැවක පැන්සලකින් ලියනව…ඊට පස්සෙ කාල බීල කතාකරගත්ත දවස් ගාන ඉඳල එන්න කලිං මුළු ගේම අපි එන්න කලිං තිබුන ගානටම අස්පස් කරනව…ඊට පස්සෙ දීල තියන ගනං වලට අනුව අපි ගත්ත කෑම බීම වල ගාන බලල ඒ ගානයි දවසෙ කුලියයි බලල එතන තියන බෙලෙක්කෙකට සල්ලි දාල ආපහු එනව…තැන ගැන සතුටුයි නං වැඩිපුරත් කීයක් හරි දාල එනව…

මේ තැන අයිති කෙනා තමංට පුළුවං වෙලාවට ඇවිත් කෑම බීම පුරවල අර සල්ලි බෙලෙක්කෙ හිස් කරල ආපහු යනව….
සමහර කඳු මුදුන් වල තියන ගෙවල් වල ලයිටුත් නෑ…දර දාන ගිනි උඳුනකින් තමයි රස්නෙ ගන්නෙ…ඒ කිසිම ගෙදරක CCTV වගේ ගැජට් බැජට් කිසිම දෙයක් නෑ…අපි මොන යකා නටල ගියත් හොයාගන ඔප්පු කරන්න ලේසි නෑ…හැබැයි අවංක කම, “වචනෙ” (the word) විශ්වාසෙ කියන එක හරියටම එතන තිබුන…

අනේ ඉතිං මෙහෙම එකක් ලංකාවෙ උනානං කියල හිතන්න දෙයක් නෑ…මේකට හුඟක් කිට්ටු models අපෙත් තියනව.
මහියංගන පාරෙ යද්දි කඩයක් තියනව සාධාරණ ස්ටෝර්ස් කියල…මං 2012 දි මේ කඩේට ගියාම මුදලාලි කවුන්ටරේ වාඩිවෙලා ඉන්නව…එන මිනිස්සු බඩු කිරාගෙන සල්ලි දීල යනව…සල්ලි මදි උනත් අවුලක් නෑ…මුදලාලි අවුරැද්ද අන්තිමට ලාබෙං කොටසකුත් ගමටම බෙදනව…බඩු ගනිද්දි සල්ලි දෙද්දි මිනිස්සු හොර කරන්නෙත් නෑ…

ඒ වගේම 1995 කාලෙදි අපි හෝර්ටන් තැන්නට යද්දි ඔහියෙ බිංගේ ගාවිං නැගල මග දිගට තියන කුනු එකතු කරගෙන ගෝනි ගානක දාගෙන උඩ ඔෆිස් එකට ගියාම එතන ඉන්න officers ල කවුරැහරි තමංගෙ ක්වාටස් එකේ යතුර අපිට දෙනව ගිහිං ඉඳපං කියල…කවදාවත් නොදැකපු අපිව විශ්වාස කරල…අපි වගේම එහෙම ඇවිත් විශ්වාසෙට නැවතිලා කාටවත් කරදරයක් නොකර ආපහු යන සෙට් ඒ දවස්වල ඕනෙ තරං හිටිය…

ඇත්තටම ගත්තොත් ලංකාවෙත් ඉන්නව Norwegians ල වගේම අවංක, වචනෙ විශ්වාසෙ තියන මේ කිවුව වගේම තැනකට ගිහිං සුපිරියටම හැසිරෙන්න පුළුවං සෑහෙන්න පිරිසක්…ඒ වගේ මනුස්සයංගෙ මූනු මතක් වෙලා තමයි මේක ලියන්න හිතුනෙ…
(තැනකට ගිහිං හැසිරෙන්න දන්නෙ නැති සත්තු වගේ එවුංට බැනල ලේ නරක් කරගන්නවට වඩා හොඳ මිනිස්සු ගැන ලියන එක මාර සනීපයි….)

Leave a Reply

Your email address will not be published.