Opinion

අහවල් දා අහවල් වෙලාවට සෙට් එකම බහිමු!

Summary

අපි O/L කලේ 1983 අවුරුද්දෙ. නුගේගොඩ ටියුශන් ගිය අපේ පන්තියෙ යාලුවෙක් ට විසාකා විද්යාලයේ ගෑණු ළමයෙකුට හිත ගිහිං. අනේ අසරණයා ඒ ගෑණු ලමයාව ඉම්ප්‍රෙස්ස් කරන්න වැඩ කෝටියයි…
අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කියලා කියන පඬි වදන සනාථ කරමින් අපේ පාසැලේම වෙනත් O/L පන්තියක හිටි හාදයෙකුත් ඒ ගෑණු ළමයට බැල්ම දානවා කියලා අපේ යාළුවට තේරිලා…

අපි O/L කලේ 1983 අවුරුද්දෙ. නුගේගොඩ ටියුශන් ගිය අපේ පන්තියෙ යාලුවෙක් ට විසාකා විද්යාලයේ ගෑණු ළමයෙකුට හිත ගිහිං. අනේ අසරණයා ඒ ගෑණු ලමයාව ඉම්ප්‍රෙස්ස් කරන්න වැඩ කෝටියයි…
අපි වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බෙක් කියලා කියන පඬි වදන සනාථ කරමින් අපේ පාසැලේම වෙනත් O/L පන්තියක හිටි හාදයෙකුත් ඒ ගෑණු ළමයට බැල්ම දානවා කියලා අපේ යාළුවට තේරිලා…
බොහොම ඩිප්‍රෙස් වෙච්චි අපේ යාලුවා පංතියට ඇවිත් අහවල් පන්තියේ ඉන්න අහවලා මම කවර් කරන කෙල්ලට පැණි පෙරණවා කියලා ප්‍රකාශ කලා…. යාළුවගේ ලඟම සැට් එක වන අපි හත් අට දෙනෙක් මේකට මොකද්ද කරන්නෙ අකියලා සාකච්චා කරනකොට එකෙක් කීවා, ආයෙ මොනා බලන්නද කට්ටියම බහිමු… උන්ට නෙලමු කියලා.
නෙලන්න ගිහිං නෙලීමට ලක් වෙයිද කියලා හිතුනු මම ඊට විරුද්ද වුනත් ඒ විරුද්දතාවෙ නිශේද බලය පාවිච්චි කරලා අහෝසි කරපු සැට් එක, අහවල් දා අහවල් වෙලාවට (තුන් වෙනිදා තුනට වගේ ඉතිම්…) නුගේගොඩ රොටරි එක ආසන්නයේ තොපිට නෙලනවා කියලා විරුද්ද පාර්ශවේට පණිවිඩ ඇරියා…. සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ දෙන්නා චැලේන්ජ් කරලා ෆයිට් කරමු, අනිත් වුන් එක එකා එක්ක ගහ මරාගමු කියන සාමකාමී එකඟතාවයට ආවා….
උනුත් නාහෙට අහන්නෙ නැති කස්ටිය… උඹලා අපිට නෙලනකම් අපි බලා ඉඳී … ගුටිකන්න ලෑස්ති වෙලා වරෙන් වගේ වීර ප්‍රකාශ කීපයක් සමග අපේ පණිවිදකරුවා ව ආපහු එවලා තිබුනා….
දැන් මොනවා කරන්නද… කස්ටියම යන නිසා බෑ කියන්නත් බෑ… උන් වගේ එක්සසයිස් කරලා සික්ස් පැක්ස් හදා නොගත්තු මම ශේප් වෙන්න විදියක් හෙවුවට කට ලඟටම මාට්ටු… අහවල් දා අහවල් වෙලාවට උඹ රොටරි එන්නම ඔනේ කියන සුහද තර්ජනේ නිල වසයෙන් ම ලැබුනා….
කරන්න දෙයක් නෑ… ගුටි කමු කියලා හිත හදාගත්තු මම අහවල් දා අහවල් වෙලාවට විනාඩි දහයකට විතර කලිං රොටරි ගියා…. අපේ සැට් එකේ වෙන කවුරුත් නෑ… විරුද්ද පාර්ශවේ සැට් එකේත් කවුරුවත් ම නෑ…
පැය කාලක් විතර යද්දි විරුද්ද පාර්සවේ සාමාජිකයෙක් වෙන කංකානම්ගේ හෙමින් හෙමින් රොටරියට සේන්දු වුනා… මා දිහාත් බැලුවා… මම අහක බලා ගත්තා… කංකානම්ගේ ඒ කාලෙ පුංචි අලිපැටියෙකුට වඩා ටිකයි විසාල… මුගෙන් ගුටි කෑවොත් දත් ඇන්ද බඩේ කියලා මම හිත අහ්දාගන්න උත්සාහ කලා… තවත් පැය බාගයක් ගියා… දැන් අපි දෙන්නම අදාල පාර්සවෙයෙ කස්ටිය එනකම් බෙල්ල උලුක් කරං බලා ඉන්නවා….
මෙහෙම අහවල් වෙලාවට සම්පූර්ණ පැයකට පස්සෙත් රොටරියෙ හිටියෙ මායි කංකානම්ගේයි විතරයි… ටික වෙලාවකින් කංකානම් ගේ මා ලඟ ඇවිත් කෝ උඹලගෙ සැට් එක කියලා ඇහුවා… දැනෙයි… කෝ උඹලගේ කස්ටිය කියලා මම ඇහුවා… කන්කානම්ගේට උත්තර නෑ….
තවත් පැය බාගෙකට විතර පස්සෙ දෙපැත්තෙම රැඩිකල් වීරයෝ එන්නෙ නෑ කියලා අපි දෙන්නටම තේරුම් ගියා… වරෙං බං ඩ්‍රින්ක් එකක් බොන්න කියලා කංකානම්ගේ මාව ඇදගෙන ලඟ තිබුනු ස්නැක් බාර් එකකට ගියා…
කරගන්න ගිය ගොං කම ගැන අපි දෙන්නටම හිනා…
පහුවදා දෙපාර්ශවයෙම වීරයෝ තමන්ට ඊයෙ එන්න බැරි වීම ගැන එක එක හේතු විස්තර සහගතව අපිට කිවුවා… ඒ ඔක්කොම ඉතාම මානුසීය හේතු ඉතිම්….
ඔන්න ඔහොමයි සැට් දෙකම ෆේස් ටු ෆේස් බැස්සෙ….
අපේ සැට් එකේ බෘන්ග රාජයා දැන් ලොකු තනතුරක් දරන කෙනෙක්…වැදගත් මහත්තයෙක්!
අනික් පාර්ශවේ බෘන්ගයා ගැන තොරතුරු නෑ…
ගෑණු ළමයා නම් කොලඹ හතේ බාලිකා විද්යාලයක උගන්නනවලු…
ඔය සිද්දියෙන් වුන එකම ප්‍රතිඵලය කන්කානම්ගේ සහ මම හොඳ යාලුවෝ වීම පමනයි…
මම මේක ලිවුවෙ තුන් වෙනිදා තුනට සැට් එකම බහිමු කියලා සංසරණය වන වට්සැප් මෙසේජ් දැකලා…
පරිස්සමිං…..
බෘංගයෝ එන එකක් නෑ…
කංකානම්ගේලා වගේ ඔනෙම දේකට මුහුණ දෙන්න සූදානම් අවංක උන් එයි….
ගෑණු ළමයා ට ඔය ගොංපාට් එකක් වත් දැනෙන එකක් වත් නෑ…
එයා කොලඹ හතේ බාලිකා පාසැළේ දිගටම උගන්නයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *