Opinion

ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

Summary

1880 ගනන් තෙක් දිවයන ලාංකීය පුරාවිද්‍යාවේ ප්‍රාග් ⁣ඉතිහාසය පිළිබඳව ක්‍රමවත්, විධිමත්, අභියෝගාත්මක පර්යේෂණ මෙහෙය වු මෙතුමා දකුණු ආසියානු කලාපයේ අතිශයින්ම ක්‍රමවත් ලෙසත් අඛණ්ඩ ලෙසත් හැදෑරීමට ලක්කල ප්‍රාග් ඉතිහාසයක් සතු රටක් බවට ලංකාව පරිවර්තනය කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන ලදී. ගල් ආයුධ, ප්‍රාග් ඓතිහාසික ජනාවාසකරණය, භෞතික මානව විද්‍යාව යන උප විෂය ක්ශේත්‍රයන් තුල ලෝකප්‍රකට විද්‍යාඥයකු වු එතුමා හාවඩ් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා විශාල කාලයක් ශ්‍රමයක් වැය කොට රචනා කරන The prehistory of Sri Lanka : An Ecological Perspective ග්‍රන්ථය අදටත් දකුණු ආසියාකරයේ ප්‍රාග්ඉතිහාසය පිළිබඳව වඩාත් වැදගත්ම ලේඛණ අතර අග්‍රස්ථානයේ පසුවෙයි.

හයින්රික් ශ්ලීමාන් ට්‍රෝයි පුරවරය සොයාගත් සැටිත්, ශ්‍රිමත් මෝටීමර් වීලර් විසින් මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ඨාචාරය තුලට කිඳා බැස්ස සැටිත්, හෝවර්ඩ් කාටර් ටූටන්කමුන් සොහොන ගර්භය විවර කල සැටිත් ගැන විශ්මයෙන් යුතුව කියවු කාලයක් තිබුනි. ක්ශේත්‍රයේ අකුරක් ඉගෙන ගන්නට පෙර එකී වීරයන්ගෙ තැන ගන්නට ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල සමත් විය.

1880 ගනන් තෙක් දිවයන ලාංකීය පුරාවිද්‍යාවේ ප්‍රාග් ⁣ඉතිහාසය පිළිබඳව ක්‍රමවත්, විධිමත්, අභියෝගාත්මක පර්යේෂණ මෙහෙය වු මෙතුමා දකුණු ආසියානු කලාපයේ අතිශයින්ම ක්‍රමවත් ලෙසත් අඛණ්ඩ ලෙසත් හැදෑරීමට ලක්කල ප්‍රාග් ඉතිහාසයක් සතු රටක් බවට ලංකාව පරිවර්තනය කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන ලදී. ගල් ආයුධ, ප්‍රාග් ඓතිහාසික ජනාවාසකරණය, භෞතික මානව විද්‍යාව යන උප විෂය ක්ශේත්‍රයන් තුල ලෝකප්‍රකට විද්‍යාඥයකු වු එතුමා හාවඩ් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා විශාල කාලයක් ශ්‍රමයක් වැය කොට රචනා කරන The prehistory of Sri Lanka : An Ecological Perspective ග්‍රන්ථය අදටත් දකුණු ආසියාකරයේ ප්‍රාග්ඉතිහාසය පිළිබඳව වඩාත් වැදගත්ම ලේඛණ අතර අග්‍රස්ථානයේ පසුවෙයි.

ඉරණමඩු සංකීර්ණයෙන් වසර 125,000 දක්වා පැතිර යන පැලියොලිතිකයට අයත් ජනාවාසකරණ සාධකත්, මීසෝලිතික යුගයට අයත් පහතරට තෙත් වනාන්තර ආශ්‍රිතව පැතිරයන ලෙන් ජනාවාසත් පිළිබඳව අතිශය ගැඹුරු ශාස්ත්‍රිය කරුණු ඉදිරිපත් කරන මෙතුමා අනුරාධපුර ඇතුල් නුවර කැණීම ආදී කැණිම් මෙහෙය වීම මඟින් ඓතිහාසික යුගයට පෙර පැවති අනුරපුර සාධක ඉස්මතු කරගනී. ක්ශේත්‍රයේ වීරයන් විස්ථාපනය කර බටහිර පුරාවිද්‍යාඥයන් වෙනුවට එතැන ගන්නට තෙත් වනාන්තර තුල ලෙන් කණින ආචාර්යවරයා පැමිණෙන්නෙ එලෙසින්.
නිහඬ, ඡායාරූපයනට ලැජ්ජාශීලි චරිතයක් වු මේ මහා ප්‍රාඥයා සමඟින් දොඩමළු වු කෙනෙකු එතුමන්ගෙ ක්ශේත්‍රය සිසාරත් ඉන්න ඔබ්බටත් විහිදෙන දැනුම් පරිචය පිළිබඳව සාක්ෂි සපයනු නිසැකය. දොඩමළුවන වචනයක් පාසා ඉගැනීමට යමක් තිබෙන, දැනුමෙන් සාපිපාසා වු අපට එතුමන් සමඟ ගතකල කාලය වනාහී මහාර්ඝ දැනුම් සම්භාරයක උල්පතම විය. මා අවසන් වතාවට මේ ඇඳුරිඳු මුණගැහෙන්නෙ අදින් මාස හයකට ප්‍රථම එතුමන්ගෙ එක්නැලිගොඩ නිවස තුලදීය. එදිනත් අසු දෙහැවිරිදි මේ අපුරු මිනිසා තමන් අඩ සියවසකට පමණ පෙර සිදුකල ෆාහියන් ලෙන් කැණීමේ ස්ථරායනයත්, ඇතුලු නුවර ස්ථරායනයත් ස්ථරයෙන් ස්ථරය අතීතාවර්ජනය කලේ එදින කැණීම සිදුකල ලෙසිනි. එතරම් විශිෂ්ට මතකයක් ඔහු සතු විය.
අවිද්‍යාව රජයන රටක විද්‍යාත්මක ක්‍රමවේදයට නිසි තැන ලබා දීමටත්, අභියෝගාත්මක පරිසරයක සිය ගවේෂණ මෙහෙයවා ඒවායේ ප්‍රතිඵල ලෝකයා හමුවේ තැබීමටත්, ඒ සියළු දැනුම අප පරම්පරා සඳහා සංසරණය වීමට සැලැස්වීමත් තුලින් ඔබ කල මෙහෙය අමිලය.
ගුරුතුමනි ඔබ පැතූ නිවනක් ඇත්නම් එය ඔබට හමුවේවා..!

Pic – Archae dept

Leave a Reply

Your email address will not be published.