COLUMN Opinion

ආදර්ණීය ශාමින්ද්‍රි නැන්දේ

Summary

නැන්දා අර විල්පත්තු කාලෙ චූටි ලමයෙක් නෙ.. නැත්තං ඕකටත් ගේම ඉල්ලනවා ඉල්ලනවාමයි නේද?

  • Save

ආදර්ණීය ශාමින්ද්‍රි නැන්දේ මේ ලිව්ම ලියන්නට ටිකක් පමා උනාට නැන්දා තරහ වෙන්න එපා . නැන්දා එකපාරම ටීවී එක ඉස්සරහට ආපු ගමන් මම තිගැස්සී ගියාය. නැන්දා පිංතූර වලින් දැකලා තිබුනාට කතාව ඇහුවේ එදාය. සිංහ රාජිනියක් වගේ සිංහරාජෙ ගැන කතා කරන එක මාරම හොදය. අර සිංහරාජෙ ගැන කතාකරපු අක්කා ඊටපස්සෙ දැක්කෙ නෑනෙ. ආ… ඉස්කෝලෙ පටන් ගත්ත නිසා ඉස්කෝලෙ යනව ඇති නේද? නැන්දා සිංහරාජෙ ගැන කතාකරද්දී මට මතක් වුනේ කිරි සීයා හන්තානෙ ගැන කතා කරපු විදියයි. ගහේ කටු උල් කරන්න ඕන නෑ කියනවනෙ නේද. නැන්දා අර විල්පත්තු කාලෙ චූටි ලමයෙක් නෙ.. නැත්තං ඕකටත් ගේම ඉල්ලනවා ඉල්ලනවාමයි නේද?. අර මොකක්ද නැන්දේ කැලේමැද්දේ පුද්ගලික ඉඩමක කතාවක් කියන්නෙ… අනික් මාමලා නැන්දලා වගේම හත්පොලේ ගාගත්තාවද්ද කියා මට සිතේ. ඒත් කමක් නැත. “මම ඊලග චන්දෙට ලෑස්ති ” කියලා පත්තරේ දැක්ක ගමන් තමයි මේ ලිව්ම ලියන්න හිතුනේ. චන්දෙට එනවානම් හත්පොලේ නෙවෙයි විසි එක් පොලක ගෑවුනත් මොකෝ නේද? නැන්දා ට සියලු වෘක්ෂ දේවතාවුන්ගේ පිහිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap