COLUMN

“ආදායම සොයා ගන්නා කිසිම උත්පාදන ක්‍රමයක් ගැන අයවැයේ සඳහනක් නැත..” – විජිත හේරත්

Summary

” ආදායම සොයා ගන්නා කිසිම උත්පාදන ක්‍රමයක් ගැන අයවැයේ සඳහනක් නැත..”
– විජිත හේරත් –
( ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී )
2021 නොවැම්බර් 17 දින පාර්ලිමේන්තුවේදි.

ආදායම සොයා ගැනීමෙ උත්පාදන ක්‍රමවල මහ මොලකරුවන් ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් ඔවුන් ආදායම සොයා ගන්නා ආකරයට ආදායම උත්පාදනය කර ගැනීමට ජනතා වරමින් පත්වූ පිළිගත් රජයකට නොහැකිය. ඒ අර්ථයෙන් බැලු කළ විජිත හේරත්ගෙ ප්‍රකාශය සාධාරණය. කිසිදු වැරැද්දක් නැත.
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි මන්ත්‍රීවරුන් ආදායම උපයා ගන්නෙ කෙලෙසද..?

” ආදායම සොයා ගන්නා කිසිම උත්පාදන ක්‍රමයක් ගැන අයවැයේ සඳහනක් නැත..”
– විජිත හේරත් –
( ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී )
2021 නොවැම්බර් 17 දින පාර්ලිමේන්තුවේදි.
ආදායම සොයා ගැනීමෙ උත්පාදන ක්‍රමවල මහ මොලකරුවන් ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් ඔවුන් ආදායම සොයා ගන්නා ආකරයට ආදායම උත්පාදනය කර ගැනීමට ජනතා වරමින් පත්වූ පිළිගත් රජයකට නොහැකිය. ඒ අර්ථයෙන් බැලු කළ විජිත හේරත්ගෙ ප්‍රකාශය සාධාරණය. කිසිදු වැරැද්දක් නැත.
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි මන්ත්‍රීවරුන් ආදායම උපයා ගන්නෙ කෙලෙසද..?
▶️1971 සහ 88/89 දී ඔවුන් බැංකු 117 ක් කඩා ආදායම උත්පාදනය කරගෙන ඇත.
▶️1971 දි සහ 88/89 දී මාල කඩාගෙන සහ ගෙවල් වලට පැන සොරකම් කර ආදායම උත්පාදනය කරගෙන ඇත.
▶️විශාල ව්‍යාපාර වල වෘත්තීය සමිති ඇතිකර වර්ජනය කරනවා යයි තර්ජනය කර ව්‍යාපාරකයින්ගෙන් කප්පමි ගෙන ආදායම උත්පාදනය කරගෙන ඇත. ( නිශ්ශංක සේනාධිපති හෙලිදරව්ව )
⏩සරසවි ශිෂ්‍යයන් මහ මගට ඇද දමා කැට සොලවා හිඟා කන්නට සලස්වා ආදායම උත්පාදනය කරගෙන ඇත.
▶️විවිධ රටවල කොන්ත්‍රාත් බාර ගෙන ආදායම උත්පාදනය කරගෙන ඇත. ( 1982 දී ඉරාකයෙන් මුදල් ගෙන කොළඹ වරායෙ තිබු ඉරාන නැවකට පහර දුන්නේය )
▶️බිම්මට්ටමේ දුගී දුප්පත් සාමාජිකයන්ගේ කලිසම, කමිසය පවා ගලවාගෙන හෝ නිකං ඉල්ලාගෙන ආදායම උත්පාදනය කරගෙන ඇත.
▶️මුදල් හා දේපල ඇති ධනපතියන්ගෙ දරුවන් විවාහ කරගෙන ආදායම උත්පාදනය කරගෙන ඇත.
( විජිත හේරත්ගෙ නාරාහේන්පිට සිව් මහල් ගෙඩනැගිලි සහ බි මල් රත්නායකගෙ බිරිඳගේ කෝටි දෙක හමාරක B MW ය )
▶️එමෙන්ම ධනපති පක්ෂ වලින් කක්කුස්සි වලදි අතයට මුදල් ගැනීමෙන් ආදායම උත්පාදනය කරගෙන ඇත.
( චතුර සේනාරත්න ගෙ හෙලිදරව්ව)
▶️ධනපති පක්ෂවල පෝස්ටර් ගැසීමෙ කොන්ත්‍රාත් බාරගෙන ආදායම උත්පාදනය කරගෙන ඇත.
( විජේදාස රාජපක්ෂගෙන් ලක්ෂ 25 ක් ලබා ගැනීම )
▶️තමන්ගෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වලින් ලැබු සුඛෝපභෝගී වාහන පර්මිට් විකුණා ආදායම උත්පාදනය කරගෙන ඇත.
▶️තම පක්ෂයෙ සදාදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයාගෙ පවුලට ගෙයක් සෑදීමට දුන්කෝටියක මුදල ඔවුන්ට නොදී ආදායම උත්පාදනය කරගෙන ඇත.
🔽එමෙන්ම අනුර කුමාර දිසානායක අහර්ලන්තයෙ සුඛෝපභෝගී නිවාස ලබා ගැනීමේදි හා ලාල් කාන්ත බත්තරමුල්ලෙන් කෝට් 17 ක දේපල මිලදී ගැනීමේදි සිදු වු ආදායම උත්පාදනය කරගත් අයුරු පැහැදිලි නැත.
රටක පිළිගත් ශිෂ්ඨ සම්පන්න රජයකට ජනතා විමුක්ති පෙරමුණ ආදායම උත්පාදනය කරගත් ක්‍රමයන්ට ආදායම් උත්පාදනය කරන ක්‍රම සිය වාර්ෂික අයවැයෙන් ඉදිරිපත් කළ නොහැක.
ජවිපෙ පා.ම විජිත හේරත් නිවැරදිය.

නිලන්ත සත්සර ගමගේ✍️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *