COLUMN

ඇලහැර – බකමුණ පොහොර ගොවි උද්ඝෝෂනය රටටම කියා දුන් පාඩම හෙවත් සිවූර අස්සෙ පා දඩ දේශපාලනය…..

Summary

තැලෙන පොඩිවෙන නිර්ධන පංතිය වෙනුවෙන් කෑ මොර දෙන ජවිපෙ බැ ලයන් ධනපති පන්තියෙ ඩඩ්ලි ලා නිව් රත්නලා වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන හැටි දැන්වත් පේනවාද..?
මේ දිඹුලාගල රාහුලාලංකාර හාමුදුරුවෝ කියන්නෙ දිඹුලාගල ප්‍රාදේශීය සභාවෙ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් කියලා ඔබ දන්නවාද..?

මේ පිටුපස තියෙන අවස්ථාවාදි, නරුම, කැත දේශපාලනය ඔබට දැන්වත් පැහැදිලි ද..?
ආගම, සංස්කෘතිය පයිසෙකට මායිම් නොකරන ජනතා විමුක්ති පෙරමුණ රටට, ජනතාවට ද්‍රෝහි වෙන අවස්ථාවලදී සිවූර පාවිච්චි කරන අන්දම දැන්වත් පැහැදිලි ද..?
තාමත් ඔබ ඇන්දෙනවාද..?

ඇලහැර ගොවියන් අද මේ උද්ඝෝෂනය අත් හරිනවා. මේ දවස් ටිකේම එතැනට හාමුදුරුවරු වඩිනවා. පිරිත් කියනවා. පිරිත් නූල් බඳිනවා. දැක්කාම ආස හිතෙනවා.
ගරුතර සංඝයා වහන්සේලා ඉතිහාසයෙ පටන්ම රට දැය වෙනුවෙන් සටන් වැදුනා. මේ එම සැරියුත් මුගලන් හිමි පරපුරේ නූතන නියෝජනයද..?

මෙතැන රසායනික පොහොර අවශ්‍යයි කියන සත්‍යග්‍රහයට සහය දෙන හාමුදුරුවන් අතර සුපුරුදු රූපයක් සුපුරුදු නාමයක් දිස් වෙනවා. ඒ තමයි අපේ දිඹුලාගල රාහුලාලංකාර හාමුදුරුවෝ.
මේ හාමුදුරුවොම තමයි 2013 දී ගිනිදමණේ නායක හාමුදුරුවෝ එනම් සඳුන්පූර නාලකලංකාර හාමුදුරුවෝ සමග එකතු වී පොලොන්නරුව ජනතාවට රසායනික පොහොර නිසා වකුගඩු රෝග හැදෙනවා ඒ නිසා රසායනික පොහොර තහනම් කරන්න කියලා විශාල හඬක් නැගුවෙත්…
එදා රසායනික පොහොර එපා වකුගඩු රෝග හැදෙනවො කියා බෙරිහන් දී අද රසායනික පොහොර ඕන කීම පිටුපස ඇත්තේ කැත දේශපාලනය නොවේද..?

ඔබට මතකද පසුගිය කාලසීමාවේ පාරිභෝගික අධිකාරියෙන් ඩඩ්ලි සිරිසේනගෙ අරලිය වී මෝල වටලනවා. එතැනදි පාරිභෝගික අධිකාරියට බාධා කරන්න මූලිකත්වය ගන්නෙත් මේ හාමුදුරුවෝ.

ඊට පස්සෙ පාරිභෝගික අධිකාරිය නිව් රත්න හාල් මෝල වටලනවා. එතැනදි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙනවා. එතැනදී මූලිකත්වය ගන්නෙත් මේ හාමුදුරුවෝ.
ඔබට මතකද පරාක්‍රම සමුද්‍රයේ රළපනාවෙ ඇවිදින මං තීරුවක් හදන්න උත්සාහ කරනකොට හාමුදුරුවරු කිහිප නමක් උද්ඝෝෂනය කරනවා. එතැනත් නායකත්වය දෙන්නෙ මේ සිල්වත් හාමුදුරුවෝ.

ඔබට මේ සියල්ලෙම අමුත්තක් දැනෙන්නෙ නැද්ද..?
ගොවි ජනතාව හූරගෙන කන වී මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින්නෙත් ගොවියන් වෙනුවෙන් පෙනී සිටින්නෙත් එකම හාමුදුරුවෝ. ඒක පට්ට ගැළපීමක් නේද..?

තැලෙන පොඩිවෙන නිර්ධන පංතිය වෙනුවෙන් කෑ මොර දෙන ජවිපෙ බැ ලයන් ධනපති පන්තියෙ ඩඩ්ලි ලා නිව් රත්නලා වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන හැටි දැන්වත් පේනවාද..?
මේ දිඹුලාගල රාහුලාලංකාර හාමුදුරුවෝ කියන්නෙ දිඹුලාගල ප්‍රාදේශීය සභාවෙ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් කියලා ඔබ දන්නවාද..?

මේ පිටුපස තියෙන අවස්ථාවාදි, නරුම, කැත දේශපාලනය ඔබට දැන්වත් පැහැදිලි ද..?
ආගම, සංස්කෘතිය පයිසෙකට මායිම් නොකරන ජනතා විමුක්ති පෙරමුණ රටට, ජනතාවට ද්‍රෝහි වෙන අවස්ථාවලදී සිවූර පාවිච්චි කරන අන්දම දැන්වත් පැහැදිලි ද..?
තාමත් ඔබ ඇන්දෙනවාද..?

නිලන්ත සත්සර ගමගේ ✍️

Leave a Reply

Your email address will not be published.