COLUMN

උද්ධමනය වැඩිවීම ලංකාව විතරක් නෙමේ මුළු ලෝකයම බලපෑ ඇති ප්‍රශ්නයක්

Summary

ලෝකය විශ්ව ගම්මානයකි. එම විශ්ව ගම්මානයේ සියළුම සැපැයුම් මාර්ග අවහිර වී ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වී ඇත. මුළු ලෝකයම අපායක් වී ඇති අවධියක ගෝඨාභය රාජපක්ෂට පමණක් කුහක, අවස්ථාවාදී රොත්තක් සිටින රටක් දිව්‍ය ලෝකයක් කළ නොහැකිය.

ලංකාවේ උද්ධමනය වැඩි වෙලා නේද…?
මොනවාද මේ ආණ්ඩුව කරන්නෙ..?
ආණ්ඩුව එළවලා සජිත්ට හරි අනුරට හරි බලය දෙමුද..?
ලිං මැඩි මානසිකත්වයෙ ඉන්න සමහරුන්ට එසේ සිතීම සාධාරණය. ලෝක ඉතිහාසයේ ඇති වූ දරුණුතම ගෝලීය වසංගතයක් හමුවෙ මූළු ලෝකයම දරුණු සමාජීය, ආර්ථික කුණාටුවට හසුව ඇති මොහොතක කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවට පමණක් එතැනින් විතැන් විය හැකිද…?

♦️කැනඩාව වසර 30 කට පසු දරුණුතම උද්ධමනයට මුහුණ දී ඇත..
♦️කෘෂිකර්මන්තයෙ ඇද වැටීම සහ බලශක්ති අර්බුදය හමුවෙ ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් දැඩි අර්බුදයක..
♦️වියට්නාමය සහ ඉන්දුනීසියාව ආසියාවෙ විශාලතම උද්ධමන වර්ධන වේගයක..
♦️පකිස්ථානයේ වෙළද භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය මිල අහස උසට..
♦️පසුගිය මාසයේ පකිස්ථානයේ උද්ධමනය වේගය 12.1 කින් ඉහළට..
♦️කොවිඩ් වසංගතය හමුවේ මුළු ලෝකයේම ආහාර ද්‍රව්‍ය මිල දැඩි අර්බුදයක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි..
♦️තායිලන්තයේ ආහාර ද්‍රව්‍ය හා පෙට්‍රල් මිල දැරිය නොහැකි මට්ටමකට ඉහල ගිහින්…
♦️ඕස්ට්‍රේලියාවේ ටොයිලට් පේපර් එකේ සුනඛ ආහාරයේ සිට සියළුම ද්‍රව්‍ය වල මිල ඉහල ගිහින්..
♦️ඉන්දියාවේ පාරිභෝගික ද්‍රව්‍ය තොග මිල ජනතාවට දැරිය නොහැකි මට්ටමට ඉහළ ගිහින්..
♦️වසර 40 කට පසු ජපානයේ ඉහලම උද්ධමන වේගය වාර්තා කරයි..
♦️එක්සත් රාජධානියේ වසර 30 කට පසු ඉහළම උද්ධමනය වර්තමානයේ..
♦️ඇමරිකා එක්සත් ජනපදයේ 1982 ට පසු වැඩිම උද්ධමනය..
♦️ජර්මනියේ ගෑස් සපයන්න හැකියාව ඇත්තේ තවත් දින කිහිපයකට පමණයි..
♦️ප්‍රංශයේ විදුලි අර්බුදය ඉදිරි දින කිහිපයේදී තීරණාත්මකයි…

මේ නිලන්ත සත්සර ගමගේ ආණ්ඩුවට කඩේ යන්න ලියන පල් හෑලි නොවේ. අද වන විට ජාත්‍යන්තර පුවත්පත් වල සිරස්තල ලිය වී ඇති ආකාරයයි.
ලෝකයේ සියලුම රටවල නායකයින් තම බලය පවත්වා ගැනීමේ තීරණාත්මක මංසන්ධියකට පිවිස ඇත. මෙය හුදු ලංකාවට පමණක් ලඝු කොට දැක්වීමට කවුරුන් හෝ උත්සාහ කරයි නම් ඔහු හෝ ඇය තම මොළය පරීක්ෂා කර ගත යුතුය.
ලෝකය විශ්ව ගම්මානයකි. එම විශ්ව ගම්මානයේ සියළුම සැපැයුම් මාර්ග අවහිර වී ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වී ඇත. මුළු ලෝකයම අපායක් වී ඇති අවධියක ගෝඨාභය රාජපක්ෂට පමණක් කුහක, අවස්ථාවාදී රොත්තක් සිටින රටක් දිව්‍ය ලෝකයක් කළ නොහැකිය.

Leave a Reply

Your email address will not be published.