Opinion සතරැස් නුවර පුවත්

එකුන් විසි (19) වසංගත වස්තුව

Summary

“මා මේ එකුන් විසිවන වසංගතය මුලුනිපුටා දමන්නේ විසිවන වසංගතයෙණි.. විසිවැන්න වූ කලි එකුන් විසිවැන්න මොනවට සුන්නද්ධූලි කරණු ඒකාන්තයැ….”

  • Save

සතරැස් නුවර වෙලගත් එක් වසංගත සමයෙක් වියැ. මේ වසංගතය උපුටා දමනුවස් ගොටු අභය තෙමේ චතුරාංගනී සේනව බනවා මෙසේ පැවසූහැ. එකුන් විසි වසංගතය නම්වූ ඒ වසංගතයෝ ජනතෙම මහත් පීඩාවේ හෙලීයැ. ඉදින් මේ එකුන් විසි වසංගත කාරකය මුලිනුපුටා දැමීමට ගොටු අභය නරපති තෙමේ මහත් වෙර දැරීයැ.

චූල පෙම්දස් තෙම නරපතිදුන්ගේ මේ ව්‍යායාමයෙන් තුමූ හට කිනම් වරදානයෙක් ලැබේදෝයි සිතා “එකුන් විස්ස මුලුමනින්ම උපුටා දැමීම අභාග්‍යයකැ” සියැ සාචරයින් බනවා පැවැසීයැ මේ මේ ඔසු නිසියැ යි ඔසු නියමකිරීමෙක් නොවීයැ. අහෝ ඒ අරුණ දිස්සානෝ නිද්‍රෝපහතයැ….. එකුන් විස්ස තබා විස්ස ද නොදන්න සෙයකි. සතරැස් නුවර උත්තර දිශාවේද කිසිදු හඩක් නොවීය . එකුන් විස්ස පරයව්!!!! එකුන් විස්ස පරයව් !!! එකුන් විස්ස මුලිනුපුටාලනු!!!ආදී සටන්පාට කියමින් ජනතෙම හඩ නැගීයැ.

ගොටු අභය මෙන්මැ මහේන්ද්‍රයෝ ද ඉන් උද්දාම වියැ. “ඉදින් මල්ල අප එකුන් විසි වසංගතය මුලුනිපුටා ලන්නෙමු.” යි ගොටු අභය මලණු දිරිගැන්වීයැ. ගොටු අභය තෙමේ නියඩයැ.

චූල පෙම්දස්සෝ ඇමතුම් යන්ත්‍රය කරකවා ගොටු අභය ඇමතීයැ. “මහ රජාණෙනි… කිමැ මුබ දෑ එකුන්විසි වසංගතය පරයන්නේ දැ… ඒ කෙසෙදැ… අපහට කුමක් වේදැ ” යි වැලි වැලිත් විමසන්නට වියැ.

ගොටු අභය තෙමේ නිහඩ වියැ. මෙලෙසැ සියල් කැත් පුත් හු ගොටු අභය මලිගය වටා රොක්වැ…. “කිමැ… මහා රාජෝත්තමයාණෙනි. මුබදෑ වසාලූ මුවින් සිටීමැ අප කුකුසට හේතුවේ. ඉදින් වදාල මැනවැ මුබ දෑ කෙසේ නම් මේ එකුන්විසි වසංගතය කෙසේනම් මුලිනුපුටා දමන්නේ ද?… අපට යම් නොකටයුත්තක් නොවන්නෙදැ…” යි ඒ කැත් කැල විමසී.

කිසිදු කලබලයකින් තොරවැ ගොටු අභය දොඩමලු වියැ. “හෙම්බා කැත් ගොත් ඇත්තනි.. මා මේ එකුන් විසිවන වසංගතය මුලුනිපුටා දමන්නේ විසිවන වසංගතයෙණි.. විසිවැන්න වූ කලි එකුන් විසිවැන්න මොනවට සුන්නද්ධූලි කරණු ඒකාන්තයැ….” පැවැසීයැ.

කැත් පුත්හු යායුතු දිශාවෙක් නොදැන පාශානිභූත වූහැ. එකුන් විසි වසං ගත වස්තුව මෙතෙකින් නිමියේයැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap