COLUMN

එක මිනිහෙක්, එක විශ්වවිද්‍යාලයක්..!

Summary

ඒ පෙබරවාරි මාසෙ ශීත ඍතුව හරිම දරුණුයි.. හිම වැටෙනව ඔසාකා නුවරට, හීතලේ ගැහෙමින් අපි පාරෙ යන්නෙ. මේ දරුණු කලගුණේ උනත් නිතරම එලියට ගිහින් සුරුට්ටුවක් වැනි යමක් බොන තරමක් අපිළිවෙල මිනිහෙක් හිටිය අපේ නැවතුමේම නැවතිලා. තරුණ විශ්වවිද්‍යාල සිසුන් සහ අපි වගේ පිටරට අය හුඟක් හිටිය ඒ නවාතැන් පොලේ. මේ මිනිසා මගේ අවධානයට යොමු උනේ ඔහුගේ නොගැලපෙන ගැන්සිය නිසා. ඔහු සමග හිටිය කට්ටිය ඒ නවාතැන් පොළට කොහොමවත් හරියන්නෑ. ජපාන සංස්කෘති අංග, ක්‍රීඩා සහ විනෝද කටයුතුවල සෑම රාත්‍රියකම නිරතවූ අපි වගේ නෙවයි ඔවුන්. තරමක් වයසින් වැඩියි, හරිම තැන්පත්, සද්ද නැතිව ඉන්නෙ. උස අය, මිටි අය විවිධ මුණු එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. ඔවුන් දහ පහළොස් දෙනෙක් අර අපිළිවෙල මිනිසා සමග කුටු කුටු ගාමින් තමයි නිතරම එහෙ මෙහෙ වෙමින් හිටියෙ.

ඒ පෙබරවාරි මාසෙ ශීත ඍතුව හරිම දරුණුයි.. හිම වැටෙනව ඔසාකා නුවරට, හීතලේ ගැහෙමින් අපි පාරෙ යන්නෙ. මේ දරුණු කලගුණේ උනත් නිතරම එලියට ගිහින් සුරුට්ටුවක් වැනි යමක් බොන තරමක් අපිළිවෙල මිනිහෙක් හිටිය අපේ නැවතුමේම නැවතිලා. තරුණ විශ්වවිද්‍යාල සිසුන් සහ අපි වගේ පිටරට අය හුඟක් හිටිය ඒ නවාතැන් පොලේ. මේ මිනිසා මගේ අවධානයට යොමු උනේ ඔහුගේ නොගැලපෙන ගැන්සිය නිසා. ඔහු සමග හිටිය කට්ටිය ඒ නවාතැන් පොළට කොහොමවත් හරියන්නෑ. ජපාන සංස්කෘති අංග, ක්‍රීඩා සහ විනෝද කටයුතුවල සෑම රාත්‍රියකම නිරතවූ අපි වගේ නෙවයි ඔවුන්. තරමක් වයසින් වැඩියි, හරිම තැන්පත්, සද්ද නැතිව ඉන්නෙ. උස අය, මිටි අය විවිධ මුණු එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. ඔවුන් දහ පහළොස් දෙනෙක් අර අපිළිවෙල මිනිසා සමග කුටු කුටු ගාමින් තමයි නිතරම එහෙ මෙහෙ වෙමින් හිටියෙ.

නවෝත්පාදනය ගැන චීනෙ වැඩසටහනක් ගැන මම ලිව්වෙ ගිය සතියෙ. මිනිසුන් කෝටි ගණනකින් 10,000ක් තෝරන වැඩක් ගැන. අද කථාව ජපානය ගැන. ලෝකෙ තුන්වැනි ආර්ථික බලවතා ජපානෙ තියෙනවා NEDO (New Energy Development Organisation) නමැති ආයතනයක්. එහි වාර්ෂික ආයෝජනය ඩොලර් මිලියන 1,500ක්…

රුපියල් නම් කෝටි තිස් හතලිස් දහසක්. එහි ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් දහසක් හෝ දෙදහසක් වැඩ. හිතන්න පුළුවන්ද ඒවගේ වෑයමක් ගැන? අළුත් බලශක්ති ප්‍රභේද ගැන හොයන්න පමණක් එතරම් ආයෝජනය කරන හැටි..!

තව මේ වගේ ආයතන අනිකුත් පර්යේෂණ සඳහා පිහිටුවල ඇති ජපානෙ. මම දන්නෙ NEDO ගැන විතරයි. ඉතින් මම හිතේ අමාරුවෙන් හිටියෙ අපේ රට කොහොමද තාක්ෂණ වැඩ වල නායකත්වයක් ගන්නේ, අපිට කොහෙද මේ වගේ සම්පත් කියා.

දවසක් ඒ කට්ටියෙ එක්කෙනෙක් මා සමග මිතුරු උනා, මගෙන් පෑනක් ඉල්ලාගෙන ඇතිවූ දෙබසකින් පස්සෙ. ඔහු ඉංග්‍රීසි දන්නැති කෙනෙක් උනාට කීව Sri Lanka… good කියල thumbs up කරන ගමන්. මම ඇහුව ඔහු ඔසාක වල මොනවද පුහුණු වෙන්නේ කියා. ඔහුට තේරුං ගියේ නැතිව අතින් සන් කරල ඔහු ගියා. ශිගේරු පස්සෙ දවසක අර කට්ටියේ තව කෙනෙක් එක්ක ඇවිත් මගේ උදැසන ආහාර මේසේ වාඩි වෙලා තමයි මට උත්තර දුන්නෙ. මේ ඔහුගේ කතාව…

“මම හුඟක් ග්‍රාමීය ප්‍රදේශයකින් ජීවිතේ පටන් ගත්තෙ, දුක් මහන්සියෙන් තමයි මේ තත්වෙට ආවෙ. නමුත් මගේ ව්‍යවසාය ගොඩනගාගන්න මුල් කාලෙ මහන්සි වෙච්ච් නිසා මට හරියට ඉගෙනගන්න බැරි උනා. නමුත් මම ව්‍යාපාරිකයෙක් හැටියට දැන් හොඳ තැනක ඉන්නෙ. මම හොටෙල් සප්ලයි තමයි කරන්නෙ – හෝටල් වල කුස්සියේ ඉඳල රෙස්ටුරන්ට් එකේ තියෙන බොහොම දේ මට නිෂ්පාදනය කරන්න පුළුවන්. මට සේවකයො පනහක් විතර වැඩ කරනවා… ආදී වශයෙන් ඔහු තමන්ගෙ විස්තර කීව, මසාරු පරිවර්තනය කලා කැඩුණු ඉංග්‍රීසියෙන්. මම මේ ඔසාක ආවෙ නවෝත්පාදනය ගැන ඉගෙන ගන්න, මොකද මගේ බිස්නස් එක ගැන අවධානයෙන් හිටි අපේ ප්‍රදේශයේ වාණිජ කටයුතු නිලධාරියා මට අනතුරු අඟවා තිබුන නිසා මගේ ව්‍යාපාරයේ පරිණත අවධිය එළඹෙන බවට. ඒ නිලධාරියා මට කිව්ව මගේ බිස්නස් එකට දැන් නව ආකාරයේ නිෂ්පාදන එලියට දාන්න බැරිනම් අනාගතේ අඳුරුයි කියා. ඉතින් මා ආව ඔහු නිර්දේශ කරපු “වන් මෑන් යුනිවසිටියට”. මගේ විමතිය දුටු ශිගේරු සහ මසාරු ජපන් බසින් මොනවා හෝ කියා විනෝද වුනා. ඔවුන් මට ආරාධනා කරා රෑකෑම වෙලාවක “වන් මෑන් යුනිවසිටියට” යමු කියා…”

ඔවුන් කලින්ම ඇවිත් හිටිය එදා…

අපි උණුසුම් තේ බී වහාම ගියා අපේ කැන්ටිමේ පිළිකන්නට සීතලේ වෙව්ලමින්. ගියහම ඉන්නවා අර අපිළිවෙල සුරුට්ටු කාරය..!

ශිගේරු ඔහුට මා හඳුන්වා දුන්න ශ්‍රී ලංකා ශ්‍රී ලංකා කියමින්. නැවතත් මසාරු ගේ උදව්, මොකද අර කෙනාටත් භාෂාව බැහැ…

බැලින්නම් පුදුම කතාවක්. මේ මහාචාර්ය ටකාෂි ගේ කථාව…

“මම ජපන් විශ්වවිද්‍යාලයක අවුරුදු තිහක් පමණ වැඩ කලා, ඉංජිනේරු පීඨයේ, මගේ විෂය තමයි නවෝත්පාදනය. ඉතින් දැන් මම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන කාර්යාංශයේ වැඩ කරන්නෙ, විශ්‍රාම ගිය පසු. සෑම වසරකම මට බාර වෙනවා මිනිස්සු විස්සක් විතර, සම්ප්‍රදායික අධ්‍යාපන අවස්ථා ගිලිහිච්ච නමුත් දැන් තමන්ගෙ ව්‍යාපාරයක් කරන මුහුකුරා ගිය අය තමයි මට ලැබෙන්නේ. මම මේ අවුරුද්ද පුරාම මේ ගොල්ලන්ට නවෝත්පාදන අත්දැකීම් ලබා දෙනව. ඒ අයමයි ඉගෙන ගන්නෙ, මම කරන්නෙ උන්ගෙ හිතන විදිය වෙනස් කරන එක විතරයි. හැමෝම යම් අළුත් දෙයක් හදන්න ඕනෙ, අනික් අය ඒක නිර්දය ලෙස විවේචනය කරනවා. ඉතින් අපි අලුත් දේවල් හදන කම්හල් වලට යනවා ඒවා හදාරනවා…

දැන් මේ ඔසාකා නවතුනෙත් එහි එක පියවරක් හැටියට…

භාණ්ඩය පිලිබඳ සංකල්පය යථාර්තයක් වෙනකම්ම අපි ඔවුන් පිටුපසින් ඉන්නව. මේ වැඩේ ඉවර උනහම ඒගොල්ල ආපහු තමන්ගෙ කම්හලට යන්නේ අලුත් මිනිහෙක් වෙලා…”

මම ඇහුව අවුරුද්දක් යනකං ඔහුගේ කම්හල වහලද කියල. ඔහු කීව නැහැ මේක අවස්ථාව කරගන්නව ඒ ව්‍යාපාරයේ දෙවෙනි පෙළ හදන්න, අපේ කාර්යාංශය උදව් කරනවලොක්ක නැතිව ව්‍යාපාරය දුවන්න එහි ඉන්න අනික් අයට. ඔහු තව කීව ගොඩක් වෙලාවට founder ඉතා ශක්තිමත් පුද්ගලයෙක්, ව්‍යාපාරහුඟක් ඔහු මත රඳා පවතිනව. ඉතින් ඔහු නැතිකාලෙට ඒවා වැනසිලා යනවා. මේ පුහුණුවෙන් පස්සේ founder සාමාන්‍ය කටයුතු වලින් මිදී අනාගතය ගැන වැඩ කරන තැනකට ගෙන යන එක තමයි අපේ උත්සාහය…

පැය විසිහතරම, දවස් තුන්සියහටපහම මා එක්කල මේ අය ඉන්න නිසා මේ කාලය ඔවුන්ට හුඟක් ප්‍රයෝජනවත්. ඒ වගේම රජයට මේක හරිම අඩු වියදම් ක්‍රමයක් මිනිස්සු ගොඩක් එක පාර එගොඩ කරන්න….

මේ මොන අරුම පුදුම ක්‍රමයක්ද කියා මා හිතුව. මම ඇහුව මේ පාඨමාලාව හුඟක් ගණන් ද කියා. ඔහු කීව “ඔව් තරමක් ගණන්, හැබැයි ගෙවන්න වෙන්නේ අවසානෙදි” කියා. වැඩිම වියදම යන්නේ නවාතැන් සහ රටපුරා ගමන් යන්න, නමුත් මේ ගාස්තුව ගෙවන්නෙ එහෙමත් එක්කෙනෙක් කියා ඔහු උනන්දුවෙන් බැලුව මගේ ඊළඟ ප්‍රශ්නේ කෝ කියා. මම ඇහුව “ඇයි හැමෝම ගෙවන්නේ නැත්තේ” කියා. ඔහු කීව “මේක අවසානේ ඔවුන් මොනයම් හෝ product එකක් develop කලොත්, ඒක වානිජමය වටිනාකමක් තියෙන දෙයක් කියා මා අනුමත කලොත් පාඨමාලා ගාස්තුව ආපසු දෙනව.. ඒකයි” මගේ පුදුමය දුටු ඔහු තව දෙන්නෙක්ගේ නම් කීව දැනටමත් වැඩේ ගොඩ දාපු. එක් අයෙක් හදල වාෂ්ප නොබැඳෙන වීදුරු පෘෂ්ඨයක් – බාත්රූම් කණ්නාඩි සඳහා. අනෙකා ටූත් පික් එකක් – හරස්කඩ හැඩය සමපාද ත්‍රිකෝණාකාරයට – දත් අතරට හොඳින් යන්න..!

මා කීව අපේ රටේ කුරුඳු පොලු වලින් තමයි ටූත් පික් හදන්නෙ කියා. මහාචාර්ය ටකාෂි ගේ දෑස බැබළුණා. “ඒක නියමයි..!” ඔහු කීව… ප්‍රසන්න කුළුබඩු රසක් දත් හාරන ගමන්..! අපි මර හීතලෙන් ගැලවිලා ඇතුළට ආව එකටම, ඉන් පස්සෙ මම ගියා කාමරයට.

පසුදා උදේ මගේ අපිළිවෙල යහළුවා තව හීන්දෑරී කෙනෙක් එක්ක මගෙ උදෑසන තේ මේසේ…

මහාචාර්යතුමා ටූත් පික්‌ කාරයාව එක්ක ඇවිත් කුරුඳු පොළු ගැන මගෙන් ගොඩදාගන්න..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *