Opinion

එතකං පොඩ්ඩක් ඉවසපං…

Summary

මහන්සි වෙලා උපරිමයෙන් සෙල්ලම් කරන බව පේනව නම් ඒකට ගරු කරන්න ඉගෙන ගනිං…ක්‍රීඩාවකට ආදරෙන් උදව් කරනව කියන්නෙ ඒකයි…තමන්ගෙ හිතේ තියෙන අවුල් ක්‍රීඩකයන්ගෙ පිටින් යවන්න එපා.

එතකං පොඩ්ඩක් ඉවසපං…
ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක්…
යුද්ධයක් නෙවෙයි…
කවුරුහරි පරදින්නත් ඕන…
හැබැයි, කාලෙකට පස්සෙ අපෙ ටීම් එක එකට එකතුවෙලා සෙල්ලම් කරනව…
වැරදි අඩුපාඩු නැතිව නෙවෙයි…
ඊයෙ පැරදුණත් ගේමක් ⁣දීල පැරදුණෙ…
උන් අපිට බලන්න හිතෙන මැච් එකක් ඊයෙ ගැහුව…
මැච් දෙකේ ගන්න පොසිටිව්ස් ගොඩයි…
දසුන් ටීම් එකට මොරාල් එක දෙනව…
ඒක කරන්න ලොකු ස්⁣ටාර් ප්⁣ලේයර්ස්ලට බැරි වුනා…
ඕන මැච් එකක එක්කෙනෙක් දෙන්නෙක්ට නරක දවසක් තියෙන්න පුලුවන්…
වාසනාවත් තියේ නම් ඊයෙ දිනන්නත් තිබුණ…
ඒ හින්ද මේ තරුණ කණ්ඩායමෙන් බ්‍රොයිලර් කුකුල්ලු බලාපොරොත්තු නොවී, උන්ට ටික කාලයක් එකට සෙල්ලම් කරන්න දුන්නොත් හොඳයි… 2019 පකිස්තානෙ ගිය ටීම් එක එකට තිබ්බ නම් අද මේ කතා ගොඩක් වෙනස් වෙන්න තිබුණ…දිනන්න තියෙන කඩිකුලප්පුවයි ස්ටාර් ප්ලේයර්ස්ල දාන්න තිබ්බ අමාරුවයි නැත්තං රට වෙනුවෙන් ගහන බව පේන එවුන් තිබ්බ නං අද කතාව වෙනස් බං…
දසුන්ට සමහරු පතුරු යන්න බැනල තිබුණ…
සඳකැන්ට බැනල තිබ්බ…
සමහරුන්ට අනුව මැච් එක විකුණල…
මචං, මෙහෙම ප්‍රේක්ෂකයෙක් වෙනවට වඩා හොඳයි කුකුල් ෆාම් එකක් දාගෙන බ්‍රොයිලර් කුකුල්ලු හදන එක…
උඹල දරුවන්ට ක්‍රීඩාව කියල උගන්නන්නෙ මොකක්ද?
මහන්සි වෙලා උපරිමයෙන් සෙල්ලම් කරන බව පේනව නම් ඒකට ගරු කරන්න ඉගෙන ගනිං…ක්‍රීඩාවකට ආදරෙන් උදව් කරනව කියන්නෙ ඒකයි… තමන්ගෙ හිතේ තියෙන අවුල් ක්‍රීඩකයන්ගෙ පිටින් යවන්න එපා.
මැච් එක විඳින්න ඉගෙන ගනිං…
දිනුම පැරදුමත් දරන්න ඉගෙන ගනිං…
විඳින්න පුලුවන් මැච් එකක් ගහන එවුන්ට ආදරේ කරපං…
උන් දිනන්න පටන් ගනියි..
එතකං, පොඩ්ඩක් ඉවසපං…

ලක්මාල් කුලසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *