Opinion

“ඔන්න අපි මේ හිඟන රටෙන් යනවා යන්න හරිද…”

Summary

ලංකාවේ ගැටලු ලෙස හුවා දක්වන ඒවායින් 80%ක් අදාළ වෙන්නේ රටේ ජනගහනයෙන් 20%ක් වන පිරිසකටය. ඒ මෙරට ඉහළම වරප්‍රසාද ලබන පිරිසයි. මෙරට ප්‍රභූන් යැයි හැඳින්විය හැකි පිරිසක් සිටී නම් ඒ පිරිසටයි. ඔවුන්ට තියෙන්නේ ඔවුන්ගේ කුඩා බුබුළේ ප්‍රශ්නයි.

ලංකාවේ ගැටලු ලෙස හුවා දක්වන ඒවායින් 80%ක් අදාළ වෙන්නේ රටේ ජනගහනයෙන් 20%ක් වන පිරිසකටය. ඒ මෙරට ඉහළම වරප්‍රසාද ලබන පිරිසයි. මෙරට ප්‍රභූන් යැයි හැඳින්විය හැකි පිරිසක් සිටී නම් ඒ පිරිසටයි. ඔවුන්ට තියෙන්නේ ඔවුන්ගේ කුඩා බුබුළේ ප්‍රශ්නයි. අතිමහත් බහුතරයකගේ කැප කිරීමෙන් අසාධාරණ ලෙස වරප්‍රසාද භුක්ති විඳින එම පිරිස හැසිරෙන්නේ හරියට මේ මුළු විශ්වයම උන්ගේ වටේ කැරකෙන්නාක් මෙනි.
උන් හිතන්නේ උන්ගේ ටෙම්පර් ටැන්ට්‍රම් වලට අපි ඔක්කොම බය විය යුතුය කියාය. උන්ගේ අධිපරිභෝජනවාදී කාමසුඛල්ලිකානු ආසාවන් පිනවීමට අප සියලු දෙනා සැදී පැහැදී සිටිනවා කියාය. ඒ මහාමාන්‍ය ප්‍රභූන්ගේ හිත උයියා වෙන එක ගැන අනේ අප දුක් විය යුතුය කියාය. උන් අපට තව සමානාත්මතා වැදි බණ කියන්නත් එනවා… උන් කරන්නේ ලෝක ඇන්දිල්ලක්.
උන්ගේ 20% ප්‍රභූ බුබුළ රැකගන්න උන් ලංකා සමාජයේ ගැටලු හදනවා.
ඒක හොඳටම පේනවා ඔය උන්ට උන්ගේ කාම සිහින දකින්න අත් විඳින්න පුළුවන් ආතල් ලන්ත එහෙම හදනවාට උන් කවදාවත් කටක් හොල්ලන්නේ නැහැ. ඒවාට එක පයින්. උන්ට අමාරු වෙන්නේ උන්ට වැඩිය එකෙක් එතන රඟන්න ගියොත් විතරයි. උන් මහා දුෂ්ටම පිරිසක්. ප්‍රජාතන්ත්‍රයේ උග්‍රම සතුරන්. ජනරජයේ කොඩිවින. උන් කැමති නැහැ රටේ හැම මිනිහම වස විස නැති කෑම කනවට. මොකද එතකොට දැන් උන්ට විතරක් තියෙන ඕර්ගැනික් ලයිෆ් ඉස්ටයිල් එක නැති වෙනවනේ… උන් බයයි රටේ ඔක්කොම මිනිස්සු ලෙඩක් දුකක් නැතුව හොඳට ඉඳියි කියලා. එතකොට උන්ට ඉන්ස්ටග්‍රෑම් එකේ පොර වෙන්න බැහැනේ…
උපාධිධාරීන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආචාර්යවරුන් රාජ්ය සේවයේ අරක්ගත් නිලධාරීන්, මන්ත්‍රීවරුන්… මුන් තමයි මේ රටේ ප්‍රභූන්…
මුන් තමයි අර 20%. මුන් තමයි රටේ 80% ක් සම්පත් පරිභෝජනය කරන තඩි බඩ. හැබැයි උන් ඒක වහන්න බොරුවට රටේ ප්‍රශ්න ඇති කරනවා. උන් අරයට මෙයාට වැරැද්ද දම දම උන්ගේ ප්‍රභූ සෙල්ලම කරනවා… සමාජවාදීන් යැයි කියා ගන්නා උන් තමයි මුන්ගේ සුරතලුන්. උන් තමයි මුන්ගේ පැලැන්තිය ආරක්ෂා කරන බ්‍රිටිෂ් බුල්ඩෝග්ලා. සාමාන්‍ය මිනිහව අන්දලා තියන්නේ මුන් තමයි. ඒ උන්ගේ 20% ප්‍රභූ පැලැන්තිය පවත්වා ගෙන යන්න. උන්ම ප්‍රශ්න හදලා ඊට පස්සේ උන්ම වින්දිතයන් වගේ රඟනවා…
උන්ට ඕන එක කරගන්න බැරි වුණාම “ඔන්න අපි මේ හිඟන රටෙන් යනවා යන්න හරිද…” කියලා සත්තම් දානවා…
මේක තමයි ධනවාදයේ යන්න පුළුවන් දුර. මේක තමයි ඊනියා පළමුවැනි ලෝකයේ රටවලත් තියෙන ගේම් එක. මුන්ගේ නොවන එකෙක්ට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. ලෝකයේ අනෙක් රටවල් එක්ක ඇමරිකාව දාන සෙල්ලම තමයි මුන් මේ රටේ දාන්නේ. මේ යථාර්ථය තේරුම් ගන්න හැකි නම් මුන්ව මුන්ගේ වර්චියු සිග්නල් දාන උස් ආසනවලින් ඇදලා අරගෙන රටේ අතිමහත් බහුතරයක් සාමාන්‍ය සාධාරණ මිනිස්සුන්ගේ ලෙවල් එකේ තියන්න පුළුවන්. ධර්මය අපට මග වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *