Opinion

ඔස්කා අබේරත්න පියතුමා

Summary

පහත ලිපිය මම ලිව්වෙ මීට වසර දෙකකට උඩදි, ප්‍රේමදාස උඩුගම්පොල මැරිචිච වෙලාවෙ. නමුත් ලිපියෙ තියෙන්නෙ ඔස්කා අබේරත්න පියතුමා ගැන. එවෙලෙ මම එතුමා වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලා. දැන් එතන පමනක් වෙනස් කරනවා, මොකද අද එතුමාගෙ දිවි සැරිය නිමා උනා.

පහත ලිපිය මම ලිව්වෙ මීට වසර දෙකකට උඩදි, ප්‍රේමදාස උඩුගම්පොල මැරිචිච වෙලාවෙ. නමුත් ලිපියෙ තියෙන්නෙ ඔස්කා අබේරත්න පියතුමා ගැන. එවෙලෙ මම එතුමා වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කලා. දැන් එතන පමනක් වෙනස් කරනවා, මොකද අද එතුමාගෙ දිවි සැරිය නිමා උනා.

ප්‍රේමදාස උඩුගම්පොලගේ ස්වර්ණමය කාලෙ මගේ වයස අවුරුදු හතරයි පහයි. එහෙව්
මටත් හොඳටම මතකයි නම. පහුගිය දවසක මියගිය පුවත අහල ඇඟ කිලිපොලා ගියා,
මෙච්චර කල් ජීවත් උණු බව නොදැන හිටපු හින්ද.
උඩුගම්පොල කියන්නෙ අහුවෙන හැම එකාම මරපු මිනිහෙක්. ඔය කාලෙම හිටිය අහුවෙන
හැම එකාවම බේර ගත්ත මිනිස්සුත්.

මේ පිංතූරෙ ඉන්න ඔස්කා අබේරත්න පියතුමා එහෙම අය අතරේ ප්‍රමුඛ කෙනෙක්.
මෙතුමගෙ නිවස්නය වෙන රාගම ප්‍රශංසාරාමය කියන්නේ භීෂණ කාලෙ ජීවිත දෙතුන් සීයක් සැඟවිලා බෙරිච්ච තැනක්. එතුමගේ මේ කටයුතු වලට දිවි හිමියෙන් දායක වෙච්ච කෙනෙක් තමයි ඒ වෙනකොට මැරුම් කන වයසෙම හිටපු ඇනට් අක්කා ( ඇනට් කන්‍යා සොයුරිය). තමන් මැදිහත් වී බේරාගත් බොහෝ දෙනා බෞද්ධයන් බවත්, එසේ ජීවිතය බේරා දීමේ ප්‍රථිපලය විදිහට ඒ කිසිම කෙනෙක් ආගම මාරු නොකළ බවත් ඇනට් අක්කා කියන්නෙ දුකෙන් නොවේ ආඩම්බරයෙන්. මේ විදිහට රාගම ප්‍රශංසාරාමයේ සැඟවිලා ජීවිතය බේරාගත්ත එක් කෙනෙක් තමයි පාඨලී චම්පික රණවක මහතා. ඔහු මරණය අතේ තබාගෙන අඳුරු කුටියක සැඟවිලා ඉඳිත්දීත් නොකඩවා පොත් කියවපු හැටි ඇනට් අක්කා තාම සිහි කරනවා.

තමන් විසින් ගෙන ආපු අයගෙන් එකම කෙනෙක් හමුදාවෙන් හොයාගෙන ඇවිත් ගෙනිච්ච බවත්, පසුව මරාදාපු බවත් ඇනට් අක්කා කියනවා. අනෙක් සියලු දෙනා තමන්ගේ දිවි හිමියෙන් රැකගත් නමුත් ඒ එකම එක මරණය අමතක නොවෙන බවත් ඇය කියන්නෙ කඳුළු දෙනෙතින්. මේ දේවල් කියන හැම විටකදිම ඇනට් අක්කාවත් ඔස්කා පියතුමාවත් බදාගෙන සිප ගන්න මට හිතෙනවා. ඇනට් අක්කා කියන්නෙ ආදරෙන් පිරිච්ච ගැහැණියක්.

රාගම ප්‍රශංසාරාමය ගස් කොලන් වලින් වැහිච්ච විශාල නිස්කලංක භූමියක්.
භීෂණ කාලේ චම්පික වැනි පිරිසි සැඟවිලා ඉඳල තියෙන්නෙ මෙහි තිබෙන කුටි
වල. යම් යම් ප්‍රතිසංස්කරණ වලින් පසුව ඒ කුටි තවමත් එලෙසම තිබෙනවා. මම
දැන් වසර දෙකකට පමණ ප්‍රථම ගියා මෙතන බලන්න. ඔස්කා අබේරත්න පියතුමා එතකොට ඔත්පලයි.

ඔස්කා අබේරත්න පියතුමා ගැන ලංකා ඉතිහාසයේ ලියවෙන්නෙ, මර්සිලින් ජයකොඩි
පියතුමාගෙ ජාතිකත්ව කතෝලික සම්ප්‍රදාය නව ආරකින් ඉදිරියට ගෙනියපු යුග
පුරුෂයෙක් හැටියට. කිතු දන පුබුදුව කියන්නෙ එතුමන් විසින් ගොඩනගපු සමාජ
දේශපාලනික සංවිධානය. සාම්ප්‍රදායික කතෝලික පල්ලිය නිහඬ වෘතයක් අනුගමනය කරපු බොහෝ ජාතික ගැටළු වලදි කිතුදන පුබුදුව බොහොම සාධනීය විදිහට මැදිහත් වෙනවා. අනූව දශකයේ ඇවිලුණු ෆෙඩරල් විරෝධී සටනේ පෙරමුණේම මේ සංවිධානය සහ දහම් ගුරු සභාව ඉන්නෙ මේ අනුව. කිතු දන පුබුදුව , රටේ එවකට තිබුණු
ජාතිකවාදී සංවිධාන වෙච්ච සිහල උරුමය, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය,
ජාතික ඒකාබද්ධතා කමිටුව වැනි සංවිධාන සමග සමාන්තර දේශපාලනයක නිරත වෙනවා.
කතෝලික පල්ලිය ඇතුලෙත්, කතෝලික සමාජය ඇතුලෙත් කිතු දන පුබුදුවට සහ ඔස්කා අබේරත්න පියතුමාගෙ අදහස් වලට යම් විරෝධයකුත් තිබෙනවා. සිංහල ජාතිකවාදී ස්ථාවරයන්ට සමීපව සිටීම කතෝලික දේශපාලනයට තරමක් අපහසුයි.

ඔස්කා අබේරත්න කියන්නෙ මට නම් contemporary ජාතික වීරයෙක්. උඩුගම්පොල සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න අමාරුයි. නමුත් මම ඔස්කා අබේරත්න පියතුමාට මුලු හදවතින්ම ස්වර්ග මෝක්ශ සැප සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.
ඔස්කා පියතුමනි, අපි ගැනත් ලංකාව ගැනත් ජේසුට කියන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

දිනෙත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *