කිං බානට් කොලම

ඕමල්පේ හාමුදුරුවන්ගේ දෙසීම

Summary

” හාමුදුරුවෝත් සපෝට් කරපු අපේ සමගි ජන බලයේ ජාතික ලැයිස්තුවෙන් තමයි ඔය බඩ්ඩ ඉදිරිපත් වුණේ…

  • Save

ඕමල්පේ හාමුදුරුවෝ ආපහු දෙසන්න පටන් අරන්.
කිංබානට්තුමා ඒ දේසනාව අහන්න ගියා.
කිංබානට්තුමා යනකොට කුෂන් ආසනේක වැඩලා උන්නාන්සේ මෙහෙම දෙසනවා.
“දුරාචාරය වර්ධනය කරවන්න කියල මේ රටේ පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්….
සමස්ත කාන්තා සමාජයේම ගෞරවණිය බව කෙළසන්නියක්…..
සදාචාර ගරුක කාන්තාවන් මේ හඩට ප්‍රතිචාර දැක්විය යුතුයි…”
සභාව මීක් නෑ.
තව දෙන්න පුළුවන් බව ඕමල්පේ හාමුදුරුවන්ට තේරුණා.
” ඒ කාන්තා මන්ත්‍රීවරිය කියනවා මේ රටේ මිනිස්සු සල්ලි හම්බකරනවා බොහොම මහන්සිවෙලා….
හුගක් රෑවෙනකම් රැකී රස්සා කරල සල්ලි හම්බකරල එළියට බැස්සට පස්සේ මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්න ක්‍රමවේදයක් නැහැ…..
මිනිසුන් කැමතියි සල්ලි වියදම් කරන්න තැබෑරුම් වලට එහෙම නැත්නම් මධ්‍යසාර වලට ….
මේ මත්පැන් සල් ඇරල තියෙනවනම් මිනිසුන්ට ලොකු සාධාරණයක් වෙනවා….
හම්බකරගත්ත සල්ලි වයදම් කරන්න හැකියාවක් ලැබෙනවා. ….”
2015 ඉඳන් 2019 වෙනකන් අපවත් වෙලා හිටපු ගොඩක් වහන්සේලා ආපහු පුනරුප්පත්තිය ලබලා.
ඕමල්පේ හාමුදුරුවෝත් ආපහු ඉපදිලා කියලා කිංබානට්තුමාට තේරුම් ගියා.
“මේ රට හදන්න කියල මහජනතාවගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට යන ඇත්තන් මොන ලෝකේ ඉදල ආපු අයද…. ?
මේ අයට ඡන්දය දීපු මිනිස්සු ලැජ්ජාවට පත් වෙන්න ඕන….”
ඔන්න එතකොටම පොරක් ඈත තියා හයි ස්පීඩ් එකෙන් දුවගෙන ආවා.
බැලින්නං ඒ සජිත් හාමු පුතානෝ.
” හාංදුරුවනේ…, “
සජිත් හාමු පුතානෝ කට ඇරියා.
” මොකද..?”
ඕමල්පේ හාමුදුරුවෝ සැර දාලා ඇහුවා.
” වැඩිය කට හොල්ලන්න එපා…”
සජිත් හාමු පුතානෝ තාම හති දානවා.
” ඒ මොකද?”
” හාමුදුරුවෝත් සපෝට් කරපු අපේ සමගි ජන බලයේ ජාතික ලැයිස්තුවෙන් තමයි ඔය බඩ්ඩ ඉදිරිපත් වුණේ…
අපේ පක්ෂෙත් අයිති ඔය යෝදිට හාංදුරුවනේ…, “
සජිත් හාමු පුතානෝ එහෙම කිව්වාම ඕමල්පේ හාමුදුරුවෝ ආපහු අපවත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap