Opinion

කඨින චීවර පූජාව, යකඩකට හා මඩ පෝස්ටරේ

Summary

අන් අයට හිරිහැරයක් වෙන ශබ්ද දූෂණය නවත්වන්න කියලා. ඒක නීත්‍යානුකූළ ඉල්ලීමක්. එතකොට මේ ශ්‍රමණවේෂධාරියා මට තර්ජනය කළා. පුළුවන් දෙයක්ක කරනවා පොලිසි බැරිනම් ඕන තැනකට යනවා. බුද්ධාගමට නීති අදාල නෑ කියලා. මම අවශ්‍ය දේවල් කළා.
මම පොලිසියට කිව්වා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පොලිසිය කළේ පැමිණිලි කරපු මාව ගෙන්නලා වැරදි කාරයාට හඳුන්වලා දුන්නා. මෙන්න මෙයා තමයි ඔයාට විරුද්ධව පැමිණිලි කළේ කියලා. දැන් ඒ පාර්ශවය මාව ගමෙන් පන්නන්න හදනවා. මේක තමයි අද රටේ නීතිය වෙලා තියෙන්නේ.

අද උදේම දැනගන්න ලැබුණේ මට විරුද්ධව ගාල්ල පුරාම මඩ පෝස්ටරයක් අලවලා කියලා. එක පෝස්ටරයක් නෙවෙයි දෙකක්ම. එකක මගේ පින්තූරයත් දාලා.

කොහොම ස්තූති කරන්න ද මන්ද ? මටත් මම කරගෙන යන “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” වැඩපිළිවෙලටත් විරුද්ධව කොන්ද පනනැති එවුන් පිරිසක් දෙන ප්‍රචාරය නියමයි.
මේකෙන් සිදුවෙන්නේ අපි තවත් ශක්තිමත් වෙන එක. මේ වගේ බියගුල්ලන්ගේ වැඩ නිසා.
එක පෝස්ටරයක මගේ වර්ණවත් පින්තූරයකුත් දාලා.

මම “උත්තම කඨින පූජාව නැවැත්වීමට උත්සාහ දැරුවාලු. ඒ උත්සාහය පරාජය කරපු බෞද්ධ ජනතාවට ප්‍රණාමය පුදනවාලු” අනිත් එක “බුද්ධාගමට ගරහන සජීව විජේවීර මූසලයා ගමෙන් පන්නමු” කියලා පෝස්ටර් ගහලා.

මේ වැඩේ මෙහයවපු අම්බරුවා කවුද කියලා දැනටමත් හෙළි වෙලා ඉවරයි. මම නම් මේ ගමේ ඉපදුණු මිනිහෙක්. අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ගමට ඇවිත් මාව එලවන්න කාටවත් බෑ. දෙවනි කාරණේ මේවා කරපු කෙනා කඨින පූජාව ගැන දන්නේ නෑ. කඨිනයේ දී පූජා කරන්නේ චීවරයක්. ලවුඩ්ස්පීකර් නෙවෙයි. මම විරුද්ධ වුණේ කඨින පූජාවට නෙවෙයි. අපේ ගෙදරිනුත් වාර ගණනක් කඨින පූජා කරල තියෙනවා. අප්පච්චී හැමදාමත් කඨින උත්සව වෙනුවෙන් වැඩ කළා. නමුත් දැන් බිහිවෙලා ඉන්න බුද්ධාගම නොදන්නා ශ්‍රමණවේශධාරීන් බුද්ධාගමේ මූලික හරයවත් දන්නේ නෑ.

මම පහුගිය දවස්වල ගිංතොට මුස්ලිම් පල්ලි හයකට විරුද්ධව ගාල්ල පොලිසියට පැමිණිලි කලා. ගාල්ල මූලස්ථාන පොලිසිය ඒ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට ක්‍රියා කළා. නමුත් මුස්ලිම් ජනතාව මේ වගේ ත්‍රස්තවාදී වැඩනම් කළේ නෑ.
බුද්ධාගම කියන්නේ අවිහිංසක දහමක්. එමගින් කාටවත් හිංසා කරන්නේ නෑ. මම බටුවන්තුඩාවේ ශ්‍රමණවේශධාරියාගෙන් ඉල්ලුවේ කඨිනය නවත්තන්න නෙවෙයි. ගමේ ගෙදරක හයිකරපු ලවුඩ්ස්පීකරේ ගලවන්න කියලා.

අන් අයට හිරිහැරයක් වෙන ශබ්ද දූෂණය නවත්වන්න කියලා. ඒක නීත්‍යානුකූළ ඉල්ලීමක්. එතකොට මේ ශ්‍රමණවේෂධාරියා මට තර්ජනය කළා. පුළුවන් දෙයක්ක කරනවා පොලිසි බැරිනම් ඕන තැනකට යනවා. බුද්ධාගමට නීති අදාල නෑ කියලා. මම අවශ්‍ය දේවල් කළා.
මම පොලිසියට කිව්වා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පොලිසිය කළේ පැමිණිලි කරපු මාව ගෙන්නලා වැරදි කාරයාට හඳුන්වලා දුන්නා. මෙන්න මෙයා තමයි ඔයාට විරුද්ධව පැමිණිලි කළේ කියලා. දැන් ඒ පාර්ශවය මාව ගමෙන් පන්නන්න හදනවා. මේක තමයි අද රටේ නීතිය වෙලා තියෙන්නේ.

සමහරු කියනවා ගෙවල්වල කන්න අදින්න නැතිව හිටපු එවුන් මහණ කරලා උන් නීතිය අතට ගත්තම මෙහෙම වෙනවා කියලා. නමුත් මම දශක ගණනාවක් උගත් බුද්ධිමත් සිල්වත් හිමිවරු ඇසුරුකරපු නිසා ගෞරවනීය මහා සංඝරත්නයට එහෙම කියන්න කැමති නෑ.
දැන් මම කඨින නවත්වන්න හැදුවා කියලා ප්‍රචාරය කරනවා. මම බුද්ධාගමට වින කරනවා කියලා පෝස්ටර් ගහලා මාව ගමෙන් පන්නමු කියලා මිනිස්සු උසි ගන්නවා.
එයා පොලිස් පොතේ ලියලා ආවේ මාත් එක්ක ගැටුම් ඇති කරගන්නේ නෑ කියලා. නමුත් එදා ඉදලා අද දක්වාම හැමදාම එක එක පුද්ගලයන් ලවා මට බලපෑම් කරනවා. දැන් පෝස්ටරුත් ගහලා.
අපි බලමු වෙන්නේ මොකක් ද කියලා.
ඇත්තටම වෙලාවකට මේ ආගමික උන්මාදකාරයන් ගැනනම් දුක හිතෙනවා.
අපි ඕවට බය නෑ.
මට බුද්ධාගම උගන්නන්න එස්සෙල්ලා 10 ශ්‍රේණියේ බුද්ධාගම පොත ඉගෙනගෙන එන්න. එතකොට තේරේවි කවුරුන් හරිද කියලා.

Leave a Reply

Your email address will not be published.