Opinion

කණකර උකස් තියා සංචරණ සීමා රකින අපේ ජනතාව

Summary

ගාමන්ට් ආදිය පමණක් පවත්වාගන්නේත් නැතිබැරි අය ගැන සිතා නොව මෙරට මෙන් ම පිටරට ද ඇති හැකි අයගේ පැවැත්ම සදහා එය වැදගත් නිසා විය හැකියි.

ඊයේ දිනයේ බාර් ඉදිරිපිට තිබුණ දිගු පෝලිම් ගැන බොහෝ අය කතා කළා. එහෙත් උකස් මධ්‍යස්ථාන හා බැංකු ඉදිරිපිට තිබුණ දිගු පෝලිම් ගැන එතරම් කතා වුණේ නැහැ. බැංකු ඉදිරිපිට ද දිගු පෝලිම් තිබුණේ සල්ලි ගන්නවත් දාන්නවත් නෙමෙයි උකස් තියන්නයි.

මේ සංචරණ සීමා නිසා පහර වදින්නේ එදාවේල සොයාගන්න මිනිස්සුන්ට යන සංවාදය සමාජයේ තිබෙනවා. ඒත් එදාවේල සොයාගන්න මිනිසුන් සංචරණ සීමා වෙනුවෙන් කරනු ලබන කැපවීම ගැන ඒ විදිහට ම කතාවෙන්නෙ නැහැ. ඒත් ඔවුන් ඒ වෙනුවෙන් කරන කැපවීම ඊයේ දකින්නට ලැබුණා. ඔවුන් සංචරණ සීමා රකින්නේ කණකර උකස් තියමින්.

ඒ උකස් තබන්නටවත් රත්තරන් බඩුවක් ඇති අයයි. නැති අය කරන්නේ කුමක්ද? නිරාහාරව සිටීමයි. අඩක් කුසගින්නේ සිටීමයි. සංචාරක සීමාවන් රැකීමට කුසගින්නේ සිටීමයි. කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට රටේ වැඩිම කැපවීම කරන පිරිස ඔවුන්.

ඒ නිසා නිතරම හෑල්ලුවට ලක්කෙරුණත් සංචරණ සීමා රැකීම වෙනුවෙන් ජනතාව කරන කැපවීම අවතක්සේරු කරන්න හොද නැහැ. ඇත්තටම එවන් කැපවීමක් නැත්තේ ඇතිහැකි අය අතරයි.

හැම දෙයකම වගේ සංචරණ සීමාවන්හිදී බර පැටවී ඇත්තේ නැති බැරි අයටයි. ගාමන්ට් ආදිය පමණක් පවත්වාගන්නේත් නැතිබැරි අය ගැන සිතා නොව මෙරට මෙන් ම පිටරට ද ඇති හැකි අයගේ පැවැත්ම සදහා එය වැදගත් නිසා විය හැකියි.

අවසන් වශයෙන් හැමදාම යුද්ධයේ දීත් අනෙක් සෑම ප්‍රශ්නයකදීමත් රට වෙනුවෙන් වැඩිම කැපකිරීම් කරන්නේ පොදු ජනතාවයි. සංචරණ සීමා ප්‍රශ්නයේදීත් එය එසේමයි. උකස් මධ්‍යස්ථාන අසල පෝලිම් දිග්ගැසුණේ කණකරමාල රත්තරන් භාණ්ඩ ජනතාවට එපාවී ඇති නිසා නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *