Opinion

කතරගම දෙයියෝ තැටි හොරාට ලියයි…..

Summary

මේක මගේ ප්‍රාන්තේ උනාට,
කපු බ්‍රෝකර්ලා සෙට් එක පිටිපස්ස හරියේ කඩකාමර ගසා විෂ්ණු ට, සමන් ට, outlets දමා දීම ගැන ද මම ඉන්නේ කලකිරිලාය,
ඒකෙන් වෙන්නෙත් මගේ නම්බුව left වෙන එකය..

මචන් තැටි හොරා..
උඹ කරපු ශුක්‍රානු වැඩෙන් මගේ රෙද්ද ගැලවුන බව කියන්නට ඕනා ය.
මේ දේවාලේ ඇතුලේ ඉන්න හොරුන්ගේ හැටියට උඹ හාල්මස්සෙක් උනත්,

උඹ කෙලියේ මගේ ආත්මගරුත්වය ට ය….

මට උඹව අල්ලන එක සිම්පල් උනත් මම එහෙම කරන්නේ නැත්තේ..

මුන්ගේ වැඩ ගැන කලකිරිලා මමත් දැන් ගේම අතැරලා rest එකේ ඉන්න හින්දාය..

උඹ නොදන්නවා උනාට මෙහෙ වෙන්නේ මරු වැඩ ය,.
මගේ රූපයක් රෙද්දක ඇඳ පාට පාට ලයිට් දාලා රෙද්ද අස්සේ මුන් ගන්නේ මාර ආතල් ය..

මම තාම යන්නේ හැට පැනපු ලොන්ත මොනාරා පිටේ උනාට,, මගේ බ්‍රෝකර් ලා යන්නේ v8 වලය…
හත්දවස් පේවී උඹලා මෙහෙ ආවාට කපු බ්‍රෝකර් ලා set එක හැන්දෑවට ගෙදර යන්නේ පුකෙන් ය..
ඇත්ගොව්වෝ, අලින්ගේ අලිබෙට්ටේ සිට කර ගැහුවාට.

.උන්ට තැපැල් නය්න්ටියක්වත් ඇත්තේ නැත.ඒ උනාට v8 එකේ එන නිලමයා පෙරාහැර දවසට ඇතා පිටේ යන හැටි දැක්කාම මට හිනා යන්නේ දේව පුකෙන්ය..
‌මැණික් ගඟේ න් නාලා පිරිසිදුවට පේ වෙන උන් ගැන දුක හිතෙන්නේ උඩහින් ගගට රෙන එව්න් කන්දරාව දැක්කාමය…

වට්ටිවල එන දාහේ කොළ අන්තරස්දාන වෙන්න වේගයට ජපානේ bullet කොච්චියවත් යන්නේ නැත..

උදේ ඇවිත්, සිරිපාලයාව හැඳි ගෑවෙන්න කමලාවතී පොල් ගහලා ගිය හින්දා මම සිරිපාලයාට කෙලවන්න හදද්දී ම…
සිරිපාලයා ඇවිත් කමලාවතී ට කෙලවන්න ඊට වඩා ලොකු පොලයක් කෙලින්නේය.. ඒ වෙලාවට,
මොන දෙය්යා උනත් එතකොට confuse වෙන එක නවත්තන්න සක්කරයටවත් බැරිය..

මේ මෝඩ හැත්ත තරගෙට පොල් ගහද්දි.. කපු බ්‍රෝකර් ලා ඒවාද තෙල් මෝල් කාරයන්ට විකුණලා ගාන කපති..

වන්දනාකාරයෝ උන්ගේ ම පොල් වලින් පෙරූ පොල් තෙල් ආයේ සල්ලි දීල ගන්නේ පහන් පත්තු කොරන්නටය.

ඒ පහන පත්තු කොට යනගමන් අයෙත් පොල් ගෙඩියක් ගහන්නේ අරූ ට තෙල් හිදින්නට බව මුන් දන්නේ ද නැත..
දැනගත්තත් වැඩකුත් නැත..

මේක මගේ ප්‍රාන්තේ උනාට,
කපු බ්‍රෝකර්ලා සෙට් එක පිටිපස්ස හරියේ කඩකාමර ගසා විෂ්ණු ට, සමන් ට, outlets දමා දීම ගැන ද මම ඉන්නේ කලකිරිලාය,
ඒකෙන් වෙන්නෙත් මගේ නම්බුව left වෙන එකය..

ඒක හරියට foodcity ය ඇතුලේ… Arpico, ලාෆ්, දැම්මා වගේ ය..
කැඩෙන්නේ මගේ customers ලා ය..
මාව බලන්න එන එවුන් ඊට වැඩිය ඇම්ඩන් ලා ය..
මට පේන හින්දා මැණික් ගඟේ පාලම උඩ ඉඳන් කොරලින්ට පොරි දාලා,,,
යන ගමන් බැදපු කොරලි එක්ක බත් කන්නේ ම‍ට හොරෙන් තිස්ස හරියට ගිහිල්ලාය..
මගේ ප්‍රාදේශීය මන්ත්‍රී දෙවි සෙට් එක කේලම් ටික මට කියන බව ගොන් හැත්ත දන්නේ නැත…

දැන් මම හදිසියේ රතන්පුරේ යන්නට ඕනය..ඒ නිසා නවතිමි..

එහෙට හොදටම වහින බව සමන් පණිවිඩයක් ඒවා තියනවා ය..
කළු ගඟට හතර දෙනෙක් චූ කරත් සමන් ලා ගේ ඒරියා එක යටවෙන හින්දා පොඩ්ඩක් visit එකක් දාන්න ඕනෑය..

ගියපාර වැස්ස කාලෙට සමන් දෙය්යන්ගේ පිහිටෙන් ගං වතුර පීඩාවක් නොවේවා කියලා facebook එකේ post එකක් දැකල මම සමන් ට කෝල් කරලා බලනකොට මිනිහගේ පොට් එකත් ගං වතුරෙන් යටවෙලා කියලා දැනගත්තාම අපි දෙන්නට ම හිනා ගියේ ඉබේටම ය..

Leave a Reply

Your email address will not be published.