COLUMN

කපුටා

Summary

මේ සතියේ මාතෘකාව කපුටා. බලයට ආවාට පස්සේ මේ ආණ්ඩුව ඉහළින් ම කරපු සහ කරන වැඩේ තමයි මේ විදිහට මාතෘකා හදලා දෙන එක.
හිතාමතා හැදුවත් නැතත් මේ කපුටු සංවාදය ගැන ආණ්ඩුව සතුටුවෙනවා ඇති. මෙහෙම සද්දයක් ඇතිවුණාම මිනිස්සුන්ට අනිත් ප්‍රශ්න අමතකවෙනවා. ඉතින් ආණ්ඩුව පැත්තෙන් බලද්දී මේක හොඳ වැඩක්.

මේ සතියේ මාතෘකාව කපුටා. බලයට ආවාට පස්සේ මේ ආණ්ඩුව ඉහළින් ම කරපු සහ කරන වැඩේ තමයි මේ විදිහට මාතෘකා හදලා දෙන එක.
හිතාමතා හැදුවත් නැතත් මේ කපුටු සංවාදය ගැන ආණ්ඩුව සතුටුවෙනවා ඇති. මෙහෙම සද්දයක් ඇතිවුණාම මිනිස්සුන්ට අනිත් ප්‍රශ්න අමතකවෙනවා. ඉතින් ආණ්ඩුව පැත්තෙන් බලද්දී මේක හොඳ වැඩක්.
බැසිල් මහත්තයා අය-වැය ඉදිරිපත් කරද්දිත් මෙහෙම ඝෝෂාවක් ඇතිවුණා. ඒ වෙලාවේ කට්ටිය වදවුණේ අය-වැය ඉදිරිපත් කරපු විදිහ ගැන. බැසිල් මහත්තයා ගොතගහපු හැටි, වචන වරද්දපු හැටි ගැන බුද්ධිමත් ජනතාව සංවාද කළා. ඉතින් අය-වැයේ අන්තර්ගතය ගැන හොයන්න බලන්න ඉඩක් ලැබුණේ නෑ.

ඇත්තෙන්ම ඒ අය-වැයේ අඩුපාඩු මහ ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන්න නම් ඒ වෙනුවෙන් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. අය-වැය කියන්නේ ආණ්ඩුවේ ආදයම් වියදම් ලේඛනය. ඒ වාර්තාවෙන් කියන දේවල් ආණ්ඩු කරන්නෙත් නෑ. හුඟක් වෙලාවට කරන්නේ එදා වේල පිරිමහගන්න වැඩ විතරයි. අපි දන්න කාලයේ තිබුණු හැම ආණ්ඩුවක් ම මෙහෙම තමයි. අදාළ ගණන් හිලව් ටික එක හුස්මට කියවලා දැම්මේ විජේතුංග මහත්තයා විතරයි.

මේ වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න නම් රාජ්‍ය පාලනයේ, ආර්ථික කළමනාකරණයේ සහ අනිත් ක්ෂේත්‍රවල මහ වෙනස්කම් ගොඩක් කරන්න ඕන. ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙළක් තියෙන බවක් පේන්න නෑ. අපි දන්න කාලය තුළ මේ දක්වා තිබුණු කිසිම ආණ්ඩුවකට එහෙම වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒක අපේ රටේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. අවශ්‍ය දැනුම නැතිනම් මොන හපන්කම් ද?

අපේ රටේ තියෙන කිසි කමකට නැති අධ්‍යාපන ක්‍රමයෙන් බිහිකරන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සු. ඉතින් එහෙම අය එකතුවෙලා හාරපු වළට තමයි රට වැටිලා තියෙන්නේ.
මේ අඩුපාඩුවලට විසඳුම් හොයන්න ඕන. ඒ වෙනුවෙන් සාකච්ඡාවක්, සංවාදයක් රටේ ඇතිවෙන්න ඕන.
ඒත් අපි සංවාදකරන්නේ කපුටා ගැන. ඉතින් රටේ ප්‍රශ්න ඉක්මනින් ම විසඳෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *