COLUMN

කාදිනල් මානව හිමිකම් කොමිසමට ගොස් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් සහරාන් නිදහස් කිරීම….!

Summary

කලින් ලියුවා වගේම කාදිනල් රෝමෙට ගියේය. ඒ ගිහින් පාප් වහන්සේට පාස්කු ප්‍රහාරයේ කේලම කිවුවේය. පාප් වහන්සේට ලොවෙත් නැති පාස්කු ප්‍රහාරයේ “කුමන්ත්‍රණ විස” කැවුවේය.

කලින් ලියුවා වගේම කාදිනල් ජිනීවාද ගියේය. ඒ ගිහින් මිචෙලා බැචෙට් හමුවූයේය. එයාටද පාස්කු ප්‍රහාරයේ කේලම කිවුවේය. මිචෙලාටත් ලොවෙත් නැති පාස්කු ප්‍රහාරයේ “කුමන්ත්‍රණ විස” කැවුවේය.

කලින් ලියුවා වගේම කාදිනල් රෝමෙට ගියේය. ඒ ගිහින් පාප් වහන්සේට පාස්කු ප්‍රහාරයේ කේලම කිවුවේය. පාප් වහන්සේට ලොවෙත් නැති පාස්කු ප්‍රහාරයේ “කුමන්ත්‍රණ විස” කැවුවේය.

කලින් ලියුවා වගේම කාදිනල් ජිනීවාද ගියේය. ඒ ගිහින් මිචෙලා බැචෙට් හමුවූයේය. එයාටද පාස්කු ප්‍රහාරයේ කේලම කිවුවේය. මිචෙලාටත් ලොවෙත් නැති පාස්කු ප්‍රහාරයේ “කුමන්ත්‍රණ විස” කැවුවේය.

හොදම ආතල් එක ඒක නොවේය. කාදිනල් පාස්කු ප්‍රහාරය සහරාන් නොකල බවත් එය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ජිනීවා කොමිසම ඉදිරියේ කිවුවේය. කාදිනල් ඉන්ග්‍රීසියෙන් කිවුවෙ “The first impression of this massacre was that it was purely the work of a few Islamic extremists. However, subsequent investigations indicate that this massacre was part of a grand political plot”. කාදිනල්ගේ මොලේ upsetදැයි සුවර් නැතිය. තනි ඇහැට ඇඩෙනවාය.

කලින් ලියපු විදියටම කාදිනල් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණ theoryය ජිනීවා කොමිසම හරහා internationalize කරේය. ලංකාවේ නීතිය වල් වැදිලාය කියා UN එකෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුවේ. ඉතිරි ඇහැටත් ඇඩෙනවාය.

තවත් ආතල් තියෙනවාය. කාදිනල් ජිනීවා මානව හිමිකම් කොමිසමටම ගිහින් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය උනා කියලා ආරක්ෂක හමුදාවල අයව දඩුකදේ ගහන්න මානව හිමිකම් කොමිසම හොරෙන් හදන “Evidance Collection Mechanism” එකම බලාත්මක කරන්න කියලා ඉල්ලුවේය. ඒකෙන් පාස්කු ප්‍රහාරයේ යුක්‍තිය ඉල්ලුවේය. අපිටනන් අඩන්න කදුලුත් නැතිය.

ඇමෙරිකානු ජාතිකයන් 5 දෙනෙකු 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් මැරුනේය. FBI එක 2020 දෙසැම්බර් වෙනකොටම පරීක්ෂණ කරලා ප්‍රහාරයට සහරාන් හා අන්තවාදය සම්බන්ධයි කියලා තහවුරු කරගෙන ඇමෙරිකාවේදි නඩුත් දැම්මේය. ඒ මැරුණු 5 දෙනා වෙනුවෙන් ඇමෙරිකාවේ කැක්කුමය. FBI එක “පාස්කු කුමන්ත්‍රණයක්” ගැන කිවුවේත් නැත – හෙවුවෙත් නැත.

“පාස්කු කුමන්ත්‍රණය” කාදිනල්ගේ හිතේ ඇදුනු සිහිනයක්ය. ඒ හීනේ කොච්චර ගැඹුරුද කියනවානම් කාදිනල් නින්දෙන් නැගිටින්න කැමතිම නැත. නැගිට්ටවන්න එන අයවත් එලවනවාය. හීන පලාපල “පාස්කු කුමන්ත්‍රණය” confirm කරනවානම් අහනවාය. නැත්නම් බීරා ගානට ඉන්නවාය. ඇත්තටම නිදි අය ඇහැරවන්න පුලුවන්ය. හොරට නිදි අය ඇහැරවන්න බැරිය.

කාදිනල්ට කොමිසම – මීසම පැටලිලාය. පාස්කු කොමිසම කලේ එක එක්කෙනාගෙන් ප්‍රකාශ ලියාගෙන වාර්තාව හදන එකය. පාස්කු කොමිසමට ප්‍රකාශ ලියාගෙන, පරීක්ෂණ කරලා, සාක්ෂි හොයාගෙන, නඩු දාලා, නඩු අහලා, දඩුවම් දෙන්න බලයක් දුන්නැතිය. මීසමට ඒ ඔක්කොම කරන්න පුලුවන්දැයි දන්නේ නැතිය. කොමිසම පත්කලේ යහපාලනයය. වාර්තාව බලලා, පරීක්ෂණ කරලා, සාක්ෂි හොයාගෙන, නඩු දාලා, නඩු අහලා, දඩුවම් දෙන එක බාරගත්තේ යහපාලනයම පත්කරපු නීතිපතිවරයාය. තීන්දු දෙන්නේ උසාවියෙන්ය.

ඉතින් පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා උසාවියෙන් කියන්නැති එකේ වෛරය ආන්ඩුවෙන් පිරිමහගන්න කාදිනල් ජිනීවා ගිහින්, සහරාන්ට සුදු හුනු ගාලා, ජාත්‍යන්තරය බලෙන් අපේ ඇගේ ගහන්න හදන “Evidance Collection Mechanism” එකම බලාත්මක කරන්න කියලා ඉල්ලුවාම, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය උනා කියලා හමුදාවල අයව දඩුකදේ ගහන්න බලාගෙන ඉන්න එවුන්ට චූන් නැද්ද ?

එතකොට කාදිනල් ආන්ඩුවත් එක්ක තියෙන ඔරොප්පුවට රට, ජාතිය, හමුදාව පාවාදෙන එක හරිද ? දැන් ලංකාවේ ජාතිමාමක, ජාතිහිතෛෂි, අධිරාජ්‍ය විරෝධී, හමුදාවට පන දෙන, ලංකාව මානව හිමිකම් උල්ලංඝණය කලා කියනකොට පොලවේ පස් කන සංවිධාන, පක්ෂ, නායක, මහානායකලා මීක් නැත. තෙල්, විදුලිය, ගෑස්, බඩුමිල අස්සෙ ඒ කට්ටියත් හැංගිලා ගිහින්ය.

හෙට අනිද්දා ජිනීවා ටුවරය නිමකොට කාදිනල් චන්ඩියා වගේ ලංකාවට ගොඩ බසීය. සිරිල් ගාමිණීලා, තව තව කට්ටිය ගිහින් උඩදාලා කාදිනල්ව පිලිගනීය. කාදිනල් ජිනීවා විජයග්‍රහණය ගැන මීඩීයා conference වල පට්ට ගසයිය. කාදිනල් ජීවිත කාලෙම “පාස්කු කුමන්ත්‍රණ” හීනයේ ජීවත් වෙයිය. මේ ඔක්කොම කරලා අපි අපේම පස්ස අතගාපුවාම ලේ ඇවිත් නොතිබුනොත් පුදුමයක්ය. අහෝ දුකකි, තිතකි ඉරකි කිවුවලු…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *