COLUMN

කාබනික පොහොර විරෝධය සැබෑ විරෝධයක් ද..? හුදු දේශපාලන උසිගැන්වීමක්ද..?

Summary

♦️වැඩිම උද්ඝෝෂන සහ විරෝධතා පැවැත්වුනු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2020 දී හෙක්ටායර 7️⃣0️⃣, 6️⃣9️⃣3️⃣ ක්ද 2021 දී හෙක්ටායර1️⃣5️⃣, 7️⃣6️⃣4️⃣ කි. ප්‍රතිශතය 2️⃣2️⃣% කි.
වී වගා කරන අනිකුත් දිස්ත්‍රික්කවල වගා කරන භූමි ප්‍රමාණය 75% ඉක්මවද්දි පොලොන්නරුව 22% ක් වීමට හේතුව කාබනික පොහොර ද..? සිරිසේනලාගෙ පටු දේශපාලනය ද..?

අපි සංඛ්‍යයා ලේඛන සහ දත්ත සමගම විශ්ලේෂණය කර බලමු ද..?
🔶ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය අවුරුදු 3000 ක් තරම් ඈතට දිව යනවා. මෙයින් ප්‍රධානතම ගොවිතැන වී ගොවිතැනයි. ශ්‍රී ලංකාවේ වී වගා කරන ප්‍රධාන කන්න දෙකකි එනම් යල සහ මහා කන්නයි. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය යල කන්නය ලෙසත් ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය මහ කන්නය ලෙසද හඳුන්වයි.
🔶ශ්‍රී ලංකාවේ වගා කරන බෝග සලකා බලන කල මුළු ප්‍රමාණයෙන් 40% ක් වී ද, 22% ක් පලතුරු, එළවලු සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝගද, 38% ක් වැවිලි බෝග (තේ , පොල්, රබර්, උක්) ලෙස හදුනාගෙන ඇත.
🔶ලංකාවේ 2020 වසරේදී දී වී වගාව හෙක්ටෙයාර 793, 375 ක පමණ ප්‍රමාණයක සිදු කර ඇත. 2021 වසරේදී හෙක්ටයාර 517,472 ක වගා කර ඇත. ප්‍රතිශතය 65% කි.
🔶වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්ක පෙරමුණේ ඇත
🔶වැඩියෙන්ම වී වගා කරන දිස්ත්‍රික්කය අනුරාධපුරයයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2020 දී හෙක්ටයාර 116,603 ක් ද 2021 දී හෙක්ටයාර 84,875 ක් වගා කර ඇත. ප්‍රතිශතය 73% කි.
🔶දෙවෙනියට අම්පාර දිස්ත්‍රික්කයි. . 2020 දී එහි හෙක්ටයාර 81,757 ක් වගා කර ඇති අතර 2021 දී හෙක්ටයාර 86,305 ක් වගා කර ඇත. ප්‍රතිශතය 106% කි.
🔶තෙවෙනියට වැඩියෙන්ම වී වගා කරන දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කයයි. 2020 දි එහි හෙක්ටාටර 77,607 ක් වගා කර ඇති අතර 2021 දී හෙක්ටයාර 77,805 ක් වගා කර ඇත. ප්‍රතිශතය 100% ඉක්මවයි.
🔶මන්නාරම දිස්ත්‍රික්කයේ 2020 දී හෙක්ටයාර 71,620 කි. 2021 දී 55, 000 කි. ප්‍රතිශතය 77% කි.
♦️වැඩිම උද්ඝෝෂන සහ විරෝධතා පැවැත්වුනු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2020 දී හෙක්ටායර 7️⃣0️⃣, 6️⃣9️⃣3️⃣ ක්ද 2021 දී හෙක්ටායර1️⃣5️⃣, 7️⃣6️⃣4️⃣ කි. ප්‍රතිශතය 2️⃣2️⃣% කි.
වී වගා කරන අනිකුත් දිස්ත්‍රික්කවල වගා කරන භූමි ප්‍රමාණය 75% ඉක්මවද්දි පොලොන්නරුව 22% ක් වීමට හේතුව කාබනික පොහොර ද..? සිරිසේනලාගෙ පටු දේශපාලනය ද..?
🔶දිස්ත්‍රික්ක 25 න් 10 කම මේ වසරේ 75% කට වඩා වගා කර ඇත. දිස්ත්‍රික්ක 9 ක්ම 25% ත් 75% ත් අතර වගා කර ඇත. ප්‍රශ්ණය ඇත්තෙ දිස්ත්‍රික්ක 06 ක පමණි.
🔶වව්නියාව, කිලිනොච්චි, යාපනය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල 100% ඉක්මවා වගා කර ඇත..? මෙයට හේතුව කුමක්ද..? ඔවුන් කාබනික පොහොර ගැන විශ්වාස කරමින් පෙර සිටම ඊට සූදානම් වීම එයට හේතුවයි.
♦️මීට අමතරව අඩුම ප්‍රතිශතයන් වාර්තා කරන්නෙ බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ වැනි කඳුකර ප්‍රදේශවලයි. එහි වී නිෂ්පාදනය සමස්ත වී නිෂ්පාදනයට විශාල අවදානමක් පැන නොනගින හෙයින් එම ප්‍රදේශයෙ දත්ත ගැන විශ්ලේෂණය කර පලක් නැතත් එම ප්‍රදේශ වල ගොවී බිම් වගා නොකිරීම පිළිබඳව ද සොයා බැලිය යුතුය.
මෙම කාබනික පොහොර විරෝධය පිටුපස ඇත්තෙ පා දඩ දේශපාලනය සහ සැඟවුණු න්‍යායපත්‍ර ඇති මාධ්‍ය ආයතන බව ඔබට නොපෙනේද…?

නිලන්ත සත්සර ගමගේ ✍️

(යමක් කමක් තේරුම්ගත හැකි අයට පමණයි…)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *