COLUMN

කාල්ලෙකක්!

Summary

මන්ත්‍රීවරුන්ට කාර් ඕන. එහෙම නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒ කරුණු නොදැන කියන කතාවක්.

මන්ත්රීවරුන්ට කාර් ඕන. එහෙම නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒ කරුණු නොදැන කියන කතාවක්.
දැන් මන්ත්රීවරු තෝරන්නෙත් දිස්ත්රික්ක පදනමින්. ඉතින් ලොකු ප්රදේශයක යන්න එන්න මන්ත්රීවරුන්ට සිද්දවෙනවා. ඒක කරන්න නම් වාහනයක් ඕන.
ඒත් මන්ත්රීවරුන්ට වාහන ගෙනැල්ලා දෙන්න රටේ සල්ලි නෑ. ඩොලර් නෑ. ඉතින් වාහන ඇරගෙන දෙන වැඩේ නැවැතිලා.
මෙහෙම කරන්න හොඳ නෑ. මන්ත්රීවරුන්ට වාහන ගෙනැල්ලා දෙන්න ඕන.
මේ වෙනුවෙන් ඕන කරන රට සල්ලි මන්ත්රීවරුන්ට ම හම්බකරන්න බැරි ද? ඒකට හරියන ක්රමයක් හඳුනාගන්න බැරි ද?
මේ කියන්නේ එහෙම ක්රමයක්.
අපේ රටේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය ගානක් තියෙනවා. අපිට පුළුවන් මේ අතරින් කොට්ඨාස දෙසීයක් මන්ත්රීවරු දෙසිය දෙනෙක්ට බෙදලා දෙන්න.
ඒ අය කරන්න ඕන තමන්ට පවරපු කොට්ඨාසයේ තියෙන සම්පත් පාවිච්චි කරලා රට සල්ලි හොයන්න පුළුවන් ව්යාපාර පටන්ගන්න එක. ප්රදේශයේ මිනිස්සු, අනෙකුත් සම්පත් මේ වැඩේට යොදාගන්න පුළුවන්.
මේ දෙසිය දෙනාට අවශ්ය ආයෝජන සහ විදේශ වෙළෙඳපොළ හොයලා දෙන වැඩේ ඉතිරි විසිපස් දෙනාට පවරනවා.
ඉතින් මෙහෙම වැඩක් කරලා රට සල්ලි හෙව්වාම සේවක පඩි නඩි, අනෙක් වියදම් අත ඇරලා ඉතිරිවෙන ලාභයෙන් කොටසක් වැය කරලා වාහන ගන්න පුළුවන්.
තමන් යෝජනා කරපු බිස්නස් එක කරන්න බැරි වුනා කියලා හරිනි මන්ත්රීතුමිය ඇතුළු නෝනලා තුන් දෙනා කම්පා වෙයි ද දන්නේ නෑ. ඒකට පිළියමක් නම් මම දන්නේ නෑ.
ආචාර්ය වරුණ චන්ද්රකීර්ති
Leave a Reply

Your email address will not be published.