Opinion

කාලි අම්මා සහ රොඩී විපක්ෂය

Summary

ගිය නුවණ අද්දවා ගැනීමට ඇතුන් ද නැති ළාමක විපක්ෂයේ සිංහ නාද තව වසර 10 ක් යනතුරුත් බලු කෙඳිරි පමණක් වනු ඇත.

කොරෝනා පැණියේ නිර්මාතෘ සහ කාලි අම්මා ගේ හුටපටය නිසා ස.ජ.බ ගුබ්බෑයමේ ප්ලැකනිල් හුලවාලියා ප්‍රමුඛ රොඩී දැහැන කසලගොඩක් දුටු ගං ඌරන් මෙන් ප්‍රමෝදයට පත්ව ඇත. අධෝමුඛ නැකතින් උපන් ගාඩි ජෙප්පන් ද කැකුණ තලන ගං ඌරන් අස්සේ ‍රජ මගුල් කන හබන් කුකුළන් මෙන් ය. MCC ගිවිසුමත් හබක් වීම නිසා ගජබින්න රත්නවල්ලියා ප්‍රමුඛ රතු ගාඩින්ට ද යනඑන මං නැති වී ඇත.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වු සමයේ ජනතාවට ප්ලැකනිල් පොවන්නට දත කැවු දෙක පාස් මළකඩ බාස් හුලවාලියාත් , කේරළය දෙස බලන්නට කී ගජබින්න රත්නවල්ලියාත් සමග ගත්විට කෑගල්ලේ කාලි අම්මා දෙදෙනාට ම වඩා ඉහළින් ය.

කොරෝනා සමයේ කළුපටි, ලේ ස්ටිකර්, කතිර මුඛ ආවරණ, වෙස් මුහුණු, උද්ඝෝෂණ සහ පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට පන්දම් පාලිය නැටූ ස.ජ.බ රොඩී දැහැන ට වඩා ලොරියක නැග නොමිලේ පොළොස් බෙදා දුන් මිනිසා උතුම් ය.

ආණ්ඩු බලය තිබියදී කිසිම අනන්‍යතාවයක් ගොඩනගා ගත නොහැකි වූ ප්ලැකනිල් හුලවාලියා ප්‍රමුඛ රොඩී කැළ මේ දිනවල කතා කරන්නේ ශක්තිමත් ජාතික අනන්‍යතාවක් සහිතව ජාතික රාජ්‍යයක් ගොඩනගාගන්නේ කෙසේ ද යන්න ‍ය.

ආණ්ඩු බලය තිබියදී මහ දවල් මහබැංකුවටත් විද ආර්ථිකය කාබාසිනියා කළ ප්ලැකනිල් හුලවාලියා ප්‍රමුඛ රොඩී කැළ මේ දිනවල කතා කරන්නේ ස්ථාවර ජාතික ආර්ථිකයක් බිහි කරගන්නේ කෙසේද යන්න ය.

ආණ්ඩු බලය තිබියදී ඇල්පෙනෙත්තක් නිපදවාගන්නට නොහැකි වූ ප්ලැකනිල් හුලවාලියා ප්‍රමුඛ රොඩී කැළ මේ දිනවල කතා කරන්නේ අලුත් දැනුම ඇසුරෙන් බුද්ධිමය ප්‍රාග්ධනය දේශීයව නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න ය.

බලයේ සිටිය දී නොමැති වු ජාත්‍යාලයක්, අනන්‍යතාවක්, දැනුමක් ප්ලැකනිල් හුලවාලියා ප්‍රමුඛ රොඩී කැළ ට මේ දිනවල පහල වී ඇත.

ගිය නුවණ අද්දවා ගැනීමට ඇතුන් ද නැති ළාමක විපක්ෂයේ සිංහ නාද තව වසර 10 ක් යනතුරුත් බලු කෙඳිරි පමණක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published.