Opinion

කැරොලයින් ජූරි ආදර්ශය

Summary

අපට හිතැති රටට හිතැති කිසිවෙකුත් කැරොලයින් ජූරිගෙ ඉල්ලා අස්වීමේ ආදර්ශ නොගනීත්වා යැයි අපි උදක්ම ප්‍රාර්ථනා කරමු.

  • Save

ලංකාවෙ අය මළාට ආදර්ශමත් වැඩ කරන්නේ නැත. කැරොලයින් ජූරි අපේ රටේ මහා සම්ප්‍රදාය බින්දාය. ලංකාවෙත් රැමත් කාන්තාවන් ඇතැයි අපටත් සිහි කරමින් පළමුව ඈ ලෝක විවාහක රෑ රැජිණ වූවාය. ඉඳින් අපි තුටු වීමු. අනතුරැව ශ්‍රී ලංකා විවාහක රෑ රැජිණ තරඟ වේදිකාවට ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කළ ඇය ජයග්‍රාහිකාවගේ කිරැළ ගලවා දැම්මාය. ඉඳින් අපි කොර වීමු. තමන්ගේ හැසිරීම රටට අපකීර්තියක් ගෙන ආ නිසා ඈ දැන් ඇගේ ලෝක රෑ රැජිණ කිරැළින් ඉල්ලා අස්වී තිබේ. අපි දැන් කුමක් කරමුද?

“මම නම් කියන්නෙ මුලින්ම ජූරිගෙ ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත පරීක්ෂා කරන්න ඕනේ. වේදිකාවට නැගලා ජූරියේ තීරණය බල්ලට දාලා හැසිරැණු විදිය නම් හරිම ලාංකීයයි. අපි අධිකරණ තීන්දු වලටත් සලකන්නෙ ඔහොමනේ. ඒත් ලැජ්ජා හිතිලා එයාගේ කිරැළ නැවත දීපු එක නම් කොහොමවත්ම අපේ කමට ගැල පෙන්නේ නෑ” ම මිතුරියක් කියා සිටියාය.

“ඔව් ඔව් කරපු වැඩ ගැන ලැජ්ජා හිතෙන එක නම් මහ ජරා පුරැද්දක්. මම ඒ නිවුස් එක අපේ ළමයින්ගෙනුත් හැංගුවා. මොකද උනුත් ඕවා දැකලා ලැජ්ජ බයට හැදෙන්න ගත්තොත් ඉතිං මේ රටේ වසන්න හම්බු වෙන්නෙ නෑ නෙ” ලෝකේ රටේ සියලුම උළව් සිය පවුලට සම්බන්ධ කර ගන්නා මිතුරෙක් කීය.

“ඒක නෙමෙයි. ඔය ආරංචිය අපේ දේශපාලකයෝන්ට දැන ගන්න ලැබුණොත් නම් මහ විනාශයක් වෙන්නේ” මිතුරිය කිව්වාය.

“ඒ මොකද?” මම ඇසීමි.

“ඇයි යකෝ උන්ටත් ඔය පුංචි පුංචි දේවල් වලට ලැජ්ජා හිතිලා ඉල්ලා අස්වෙන්න ගත්තොත්. කවුද එතකොට රට කරන්නෙ?” ඈ විමසුවාය.

“ඒකත් ඇත්ත. විජේදාසට පරැෂ විදියට බැනපු එකට ලැජ්ජා හිතිලා ජනාධිපති ඉල්ලා අස්වේවි. ජනාධිපතිට අශීලාචාර විදියට බැනපු හින්දා විජේදාසත් අස්වෙයි. #කයා කියපු ලැජ්ජාවට වාසු අස්වෙයි. ෆොන්සේකට පරයා කියූ ලැජ්ජාවට චමල් ඉල්ලා අස්වෙයි. විමල්ට කළවැද්දා කියපු ලැජ්ජාවට ෆොන්සේකා අස්වෙයි. යූඇන්පිය දෙකඩ කළ ලැජ්ජාවට සජිත් අස්වෙයි. ජනාධිපති වෙලා ඉදලා ආයේ පාර්ලිමේන්තු ආපු ලැජ්ජාවට මෛත්‍රිපාලයි මහින්දයි අස්වෙයි” මිතුරා දිග ලැයිස්තුවක් කියා ගෙන ගියේය.

“හොද වෙලාවට අපේ උන්ට ලැජ්ජ නැත්තේ. අපේ දේශපාලකයොන්ට ලැජ්ජා තිබ්බ නම් මේ වෙන කොට ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ” මම කීවෙමි.

“උන්ට ලැජ්ජා නැති හින්දා දැන් ඉතිරි වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුව විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය ලැජ්ජා හිතිලා ඉල්ලා අස්වෙලා දැන් කාලයක්” මිතුරා හරස් කැපුවේය.

“කොච්චර කරත් ජේවීපී කරයෝ ටිකයි තව කීප දෙනෙකුයි කියයි නේද උන් ලැජ්ජා නැති වැඩ කරලා නෑ. ඒ හින්දා ඉල්ලා අස්වෙන්න හේතුවක් නෑ කියලා?” මම ඇසුවෙමි.

“මුන් එක්ක පාර්ලිමේන්තුවේ හිටිය එකත් මැදෑ ඉල්ලා අස්වෙනව නම්”

“පාස්කු ප්‍රහාරය දේශපාලන වාසි ගන්න කරපු එකක්ය කියලා මැල්කම් රංජිත් කියලා පහුවදා එයා කිව්ව දේ අපිට තේරිලා නෑ කිව්වම ලැජ්ජ වෙන්න ඕන එයා ද අපිද?” මිතුරිය ඇසුවාය.

“අපි වෙනුවෙන් ජේසු හිටිය නම් ලැජ්ජාවට පත් වෙලා එයා ඉල්ලා අස්වෙනවා ඔක්කොන්ටම කලින්” මම කීවෙමි.

“එතකොට ප්‍රමිති ආයතනයේ අනුමත කෑමවල වස පොඩ්ඩක් තියෙනවා කියලා කියපු සිද්ධිකාත් ඉල්ලා අස්වෙයි නේද ලැජ්ජා හිතිලා?” මිතුරියගේ ප්‍රීතිය ආවැඩුණි.

“ඇත්තත් කියලා ඉල්ලා අස්වෙන්න ඒ මනුස්සයට පිස්සුද? ඇත්ත කියන අයට හිනා වෙන අපි තමයි ලැජ්ජ වෙන්න ඕන” මිතුරා කීය.

“දීපු තීන්දු ගැන ලැජ්ජා හිතිලා විනිසුරැවොත් ඉල්ලා අස්වුණොත් තමයි වැඩේ”

“එහෙම වුනොත් හිරේ ගිය රංජා වගේ උන් ලැජ්ජාව දරා ගන්න බැරිව හිරෙන් එළියට එන එකක් නෑ”

“දවසකට පීසීආර් විසි දහක් කර කර ඉදලා ඒක පන්දහට බස්සලා කෝවිඩ් රෝගීන් ගණන හතරෙන් එකකට අඩු වුණා කිව්වට ලැජ්ජා වෙලා අස් වෙන්න ඕන කවුද?” මිතුරිය සටන නොහරී.

“වැඩ නැතිව ඉන්න පීසීආර් මැශින් ටික තමයි” මට කියැවුණා.

“ඒත් කවුරැ කොහොම ලැජ්ජා හිතිලා ඉල්ලා අස්වුණත් ඒ නරක පුරැදු නැති නියම මනුස්සයෙක් අපිට ඉන්නවා. එයා තමයි අපේ ඉල්ලා අස් නොවීමේ හෙළ සිරිතේ පරමාදර්ශය. අපිට ඉන්න හොදම ලාංකිකයා. දැන් ලොවෙත් නෑ. ඒත් අස්වෙන්නෙත් නෑ”

“ඒ මොකාද?” මිතුරිය ඇසුවාය.

“එයාගේ නම කියන්න, මට ලැජ්ජයි”

“ඔය කියන්නෙ රනිල් ගැන නම් වෙන්න බෑ. මොකද එයා තමයි ලෝකේ වැඩිම වාරයක් ඉල්ලා අස්වෙන්න උත්සාහ කරලා ගිනස් වාර්තා පොතට ගිය කෙනා. පක්ෂෙට ආදරේ මිනිස්සු විසින් බලෙන් තර්ජනය කරලනෙ තියාගෙන ඉන්නෙ” මිතුරිය කීවාය.

කෙසේ වෙතත් අපට හිතැති රටට හිතැති කිසිවෙකුත් කැරොලයින් ජූරිගෙ ඉල්ලා අස්වීමේ ආදර්ශ නොගනීත්වා යැයි අපි උදක්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap