අහෝ ට්රම්ප්!
Summary
” … තැන්ක් යූ මචං…තැන්ක් යූ… ඇයි බං උඹලාට මාව මෙච්චර වටින්නේ …?”
ට්රම්ප් අන්තිමට ඇහුවා.
” මේකයි මචං උඹ වගේම පොරක් මෙහේ හිටියා…සිරා කියලා … ඌත් උඹ වගේම මෙලෝ වැඩක් කළේ නෑ… ඒ උනාට 365 දවසෙම අපට ආතල් දුන්නා….”
” ඉතින්…?”

පපුව හෝස් ගාලා පත්තු වෙන නිවුස් එකක් ආවා.
ට්රම්ප් ට කොරෝනා හැදිලා.
කිංබානට්තුමා ට්රම්ප් ට කෝල් එකක් ගත්තා .
” මොකද මචං උනේ…”
කිංබානට්තුමා ඇහුවා.
” මටත් කොරෝනා බං…”
ට්රම්ප් කිව්වා.
” උඹ ටිකක් පරිස්සමින් හිටපං..”
” තැන්ක් යූ මචං ….මං හිතුවේ නෑ ලංකාවේ පොරවල් මට මෙච්චර සලකනවා කියලා … ඒකට ඇමරිකාවේ ඉන්න හාල් කෑලි… උන්ට මගේ කිසි අගයක් නෑ බං….”
ට්රම්ප් එයාගේ මපට් මූණ ඇද කරගෙන කිව්වා.
” අප්පට සිරි..! ඒකට ලංකාව …මුළු ලංකාවම සෝක වෙනවා…වැඩියෙන්ම පුරුෂ පක්ෂය …”
“මේ මං ගැන …? “
“.. නෑ බං උඹේ වයිෆ් මෙලනියා ගැන …”
කිංබානට්තුමා පැහැදිලි කළා.
” ඒක මිසක් …”
ට්රම්ප් ගේ මූණ පැත්තක් කුණු වෙලාබිම වැටිච්ච වැල ගෙඩියක් වගේ.
“…මොනවා උනත් උඹ ඉක්මණට සනීප වෙලා ජන්දෙත් දිනලා ආපහු ඇමරිකාවේ ජනාධිපති වෙන්න ඕන …”
කිංබානට්තුමා සුබ පැතුම් එක් කරමින් කිව්වා.
” … තැන්ක් යූ මචං…තැන්ක් යූ… ඇයි බං උඹලාට මාව මෙච්චර වටින්නේ …?”
ට්රම්ප් අන්තිමට ඇහුවා.
” මේකයි මචං උඹ වගේම පොරක් මෙහේ හිටියා…සිරා කියලා … ඌත් උඹ වගේම මෙලෝ වැඩක් කළේ නෑ… ඒ උනාට 365 දවසෙම අපට ආතල් දුන්නා….”
” ඉතින්…?”
“….2019 නොවැම්බර් වල ඌව ගෙදර යැව්වට පස්සේ කිසි සොමියක් නැතුව අපි වේලි වේලි ඉන්නේ…”
“… අම්මපා..!”
“… ඉතිං මේ නොවැම්බර්වල උඹත් ගෙදර ගියොත් මුළු ලෝකෙටම ආතල් දෙන්නේ කවුද …?”
“තොගෙ ආච්චිට….”
ට්රම්ප් එහෙම කියන්න පටන් ගත්තා විතරයි කිංබානට්තුමා කෝල් එක කට් කළා.