කිං බානට් කොලම

ෆේල් පුතානෝ‌ – කිං බානට්

Summary

“…ඔය ලියලා තියෙන මගුල මට තේරුනෙත් නෑ….ෂුවර් එකටම ලියාපු ප්‍රොක්ටරයටත් ඕක තේරිලා නැතුව ඇ‌ති…”

  • Save

කිං බානට්තුමාට ෆේල් පුතානෝ‌ගේ ෆේල් ප්‍රොක්ටර් කෙනෙක් ලියාපු ලියුං කරදහියක් හම්බ වුණා.

ලියුම ලියලා තිබුනේ දිලිත් ජයවීරට.

කිං බානට්තුමා බො‌හො‌ම අමාරුවෙන් ඒ‌ක කියවන්න පටන් ගත්තා.

“…..උපාය මාර්ගික දේශපාලන සන්නිවේදනය පිලිබඳව උනන්දුවක් දක්වන අප වැනි පුද්ගලයන් දිලිත් නායකත්වය දෙන ‘දෙරන’ හා ‘අරුන ‘පුවත්පත් හරහා රටේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම පිලිබඳව බලාසිටින්නේ උනන්දුවෙනි. …”

“….අපට අනුව දිලිත් කරන්නේ පශ්චාත් දෟෂ්ඨිමය දේශපාලනික අවකාෂයක තුල තම මාධ්‍ය හරහා දේශපාලනික ඉලක්කයක් ජය ගැනීමට කටයුතු කිරීමයි. ….”

“….එසේම ජනාධිපතිවරනයෙන් පසුව පොහොට්ටු පක්ෂයෙන් තම පාක්ෂිකයන් අරබයා කලයුතු අභ්‍යන්තර සන්නිවේදනය මෙන්ම ජනාධිපති ප්‍රමුඛ ආන්ඩුවේ බාහිර මුලෝපායික සන්නිවේදනයේ කාර්ය භාරයද කරට ගත්තේ දිලිත් ප්‍රමුඛ දෙරන රූපවාහිනියයි…..”

“….ඒ අර්ථයෙන් ගත් කල දිලිත් ප්‍රමුඛ ‘දෙරන-අරුන’ මාධ්‍ය ජාලය ආන්ඩුව හා පක්ෂය යන සමාජ ව්‍යුහයන් විස්තාපනය කොට රාජ්‍ය කරනයද දේශපාලනයද තම සන්නිවේදනයේ ඒකාධිකාරිය යටතට ගනු ලැබුයේය….”

“….පශ්චාත් දෟෂ්ඨිවාදි දේශපාලනය (post ideological politics) යනු තව දුරටත් සම්ප්‍රදයික ආයතන වන පක්ෂය හා නායකයින් විසින් නොහසුරුවන දේෂපාලනික දෟෂ්ඨියක පැවැත්ම ඇති දේශපාලනික අවකාෂයයි. ….”

“….එම දෟෂ්ඨිය හසුරුවන්නේ ගොඩනඟනු ලැබු (constructed) සදාචාරවාදී (morality ) ආඛ්‍යනයක් (narrative) මතය…..”

“….එම ආඛ්‍යානය නිපදවන්නේ දසම්ප්‍රදායිකව දේශපාලනික නොවන සමාජමය ආයතන මගිනි….”

මේක කියෙව්වට පස්සෙ කිං බානට්තුමාට ඔක්කාරෙට ඇ‌විත් වමනෙත් ගියා.
කිං බානට්තුමා වමනෙ පිහිදාගෙන ගිහින් දිලිත්ව හම්බ වුණා.

“…අර යකා මො‌නවද ලියලා තිබ්බා නේද…?”

කිං බානට්තුමා ඇ‌හුවා.

“…මාත් දැක්කා…”
දිලිත් කිව්වා.

“…ඉතිං ඒ‌කට උත්තරයක් දෙන්නෙ නැද්ද…?”

“…වැඩක් නෑ…!”

“…ඇ‌යි වැඩක් නෑ කියන්නෙ දෙන්න එපැයි ප්‍රොක්ටර්ව කො‌රවෙලා යන්න..”

“…ඔය ලියලා තියෙන මගුල මට තේරුනෙත් නෑ….ෂුවර් එකටම ලියාපු ප්‍රොක්ටරයටත් ඕක තේරිලා නැතුව ඇ‌ති…
ඒ‌කයි මං උත්තර දෙන්නෙ නැත්තෙ…”
දිලිත් කිව්වා.

“..ඇ‌ත්ත තමයි …පිස්සො‌ කලබල වුණාට ඩො‌ක්ටර් කලබල වෙන්නෙ නෑනේ…!”
එහෙම කියලා කිං බානට්තුමා ලොකු කල්පනාවකට වැටුණා.

“මොනවද ඔබතුමා කල්පනා කරන්නේ ?”
ඒ සැරේ දිලිත් ඇහුවා.

” මං කල්පනා කළේ මූ උසාවියෙත් මෙහෙම කතා කළොත් විත්තිකාරයෝ ටික සේරම ගස් නෙ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap