Opinion

කිඹුලන් හැඬවූ කොස්ගොඩ තාරක

Summary

කොස්ගොඩ තාරක නම් පාතාල සාමාජිකයා ඝාතනය කිරීමෙන් පසු කෙටි රචනා නිසදැස්, හයිකු කවි ලියනා සාමාජිකයන් ද කිඹුලන් මෙන්ය.

කිඹුලන් ගොදුරු ආහාරයට ගැනීමේ දී කඳුළු සලන්නේ ඇයි දැයි යන්න තවමත් හරියටම තහවුරු වී නොමැති කරුණකි. සමහර විද්‍යාඥයින් පවසන පරිදි කිඹුලන් තම ගොදුරු අනුභව කිරීමේ දී ඔවුන් හනු චලනය කරන ආකාරය අනුව ඔවුන්ගේ හිස්කබලෙහි කෝටරක (හිස් කබලේ පවතින කුහර) තුලින් ගමන් කරන වාතය මොවුන්ගේ අශ්‍ර ග්‍රන්ථි මගින් කඳුළු නිපදවීම උත්තේජනය කිරීම මීට හේතුවන අතර තවත් සමහරක් විද්‍යාඥයින් පවසන පරිදි කිඹුලන් තම ගොදුර තදින් සැපීම නිසා ඔවුන්ගේ කඳුළු ග්‍රන්ථි වල ප්‍රනාල මිරීකීම මෙසේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගැලීමට හේතු වේ. කෙසේ වෙතත් කිඹුලන් කඳුළු සලන්නේ ඇත්තටම ශෝකයකින් නොවන බව නම් පැහැදිලිය.

කොස්ගොඩ තාරක නම් පාතාල සාමාජිකයා ඝාතනය කිරීමෙන් පසු කෙටි රචනා නිසදැස්, හයිකු කවි ලියනා සාමාජිකයන් ද කිඹුලන් මෙන්ය. ඔවුන් කඳුළු සලන්නේ කොස්ගොඩ තාරක වෙනුවෙන් හෝ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් නොවේ. එසේ වුවා නම් පසුගිය ආණ්ඩුව සමයේ කළ ඝාතන හමුවේ ඔවුන් ගැලූ කඳුළු ප්‍රමාණය පැසිෆික් සාගරය තරම් විශාල විය යුතුය. වාසනාවකට එසේ වුයේ නැත. වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එකළ මෝහන නිද්‍රාවක පසුවන්නට ඇත.
යහපාලන ආණ්ඩුව කාලයේ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදු වු ඝාතන පිළිබඳව විමසා බලමු.

🔺ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බූස්සේ ජීවත් වූ ව්‍යාපාරිකයන් වන
මංජුල අසංක සහ රසීන් චින්තක දකුණු පළාතේ පොලිස් නිලධාරීන් කීපදෙනෙකු විසින් පැහැරගෙන ගොස් වද දී ඝාතනය කර පුළුස්සා දැමීම.
🔹https://srilankabrief.org/…/sri-lanka-police-abducted…/
🔺ගම්පහ දිස්ත්‍රික්කයට අයත් හුණුමුල්ලේ ජීවත් වූ දෙදරු පියෙකු වූ නයිවල අප්පුහාමි ගේ එඩ්වඩ් (50) පොලිස් බාරයේ දී වද දී ඝාතනය කිරීම.
🔹http://www.humanrights.asia/…/urgent…/AHRC-UAC-157-2017/
🔺2017 වර්ෂයේ සැප්තැම්බර් මස 19 දින මාගොඩ පතිරගේ හේමවිපුල් (42) නැමැත්තා ගේ මළ සිරුර පොලිස් සිරකූඩුවේ තිබී හමුවීම.
🔹http://www.adaderana.lk/…/suspect-detained-at-pitigala...
🔺මඩකලපුවේ කරදියනාරු හි පදිංචිව සිටි සතාසිවම් මැඩිසම්
නැමැත්තා මිතුරන් සමග දිය නෑමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් විසින් චේතාන්විතව දියේ ගිල්වා මරා දැමීම ගැන සැකපිට අත්තඩංගුවට ගැනීම.
🔹 http://www.humanrights.asia/…/urgent…/AHRC-UAC-113-2017/
🔺කෑගල්ලේ අරනායක පදිංචිව සිටි බෝධිපාක්ෂිගේ මංජුල ප්‍රභාත් විජේවර්ධන, මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට දී පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම.
🔹http://www.humanrights.asia/news/urgent-
appeals/AHRC-UAC-107-2017/
🔺චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි පෑලියගොඩ පොලිසිය තුළ දී ඝාතනය කිරීම.
🔹http://www.humanrights.asia/…/ahrc-news/AHRC-OLT-002-2017/
🔺ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වූ සුනන්ද ඩයස් ගම්පහ පොලිස් මූලස්ථානය තුළ දී ඝාතනය කිරීම.
🔹http://www.humanrights.asia/…/ahrc-news/AHRC-OLT-002-2017/
🔺යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය කරමින් සිටි නඩරාජා කාජන් සහ පවුන්‍ රාජ් සුලක්ෂන් යන සිසුන් දෙදෙනා කන්කසන්තුරය පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කිරීම.
🔹http://www.ft.lk/…/two-jaffna-university…/44-575433
🔺ඇඹිලිපිටියේ ජීවත් වු සුමිත් ප්‍රසන්න මුණසිංහ, ඇඹිලිපිටිය පොසියේ නිලධාරීන් කීපදෙනෙකු විසින් තුන් මහල් ගොඩනැගිල්ලකින් පහලට තල්ලු කර ඝාතනය කිරීම.
🔹https://srilankabrief.org/…/i-saw-sumith-pushed-off…/
එකල මේ ඝාතන ගැන කඳුළු සැලූ කවුරුන් හෝ ඔබ දැක තිබේ ද?
ඔබ කිඹුලන් ගේ කඳුළු මෙන්ම දේශපාලන තක්කඩින් ගේ කඳුළු ද හඳුනා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *