COLUMN

කුක්කු බබාලා

Summary

“කිරි තේ” කියලා කිව්වොත් කුක්කු බබෙක්ට ඒක තේරුම්ගන්න අමාරුයි. කිරි තේ එකක් නිවලා පෙව්වත් කුක්කු බබෙක් හිතන්නේ ඒ “කුක්කු” කියලා.
කිරි තේ එකක කිරිත් තියෙනවා, තේත් තියෙනවා, සීනිත් තියෙනවා, වතුරත් තියෙනවා. ඒත් අපි ඒවාට “කිරි – තේ – සීනි – වතුර” කියලා කියන්නේ නෑ. ඒ වගේ ම, කිරිවල ඔරිජිනල් රහත් තේවල ඔරිජිනල් රහත් කිරි තේ එකකින් ලැබෙන්නේ නෑ කියලා අපි දන්නවා. ඒත් කිරි තේවල ඒකට ම අදාළ රහක් තියෙනවා.

“කිරි තේ” කියලා කිව්වොත් කුක්කු බබෙක්ට ඒක තේරුම්ගන්න අමාරුයි. කිරි තේ එකක් නිවලා පෙව්වත් කුක්කු බබෙක් හිතන්නේ ඒ “කුක්කු” කියලා.
කිරි තේ එකක කිරිත් තියෙනවා, තේත් තියෙනවා, සීනිත් තියෙනවා, වතුරත් තියෙනවා. ඒත් අපි ඒවාට “කිරි – තේ – සීනි – වතුර” කියලා කියන්නේ නෑ. ඒ වගේ ම, කිරිවල ඔරිජිනල් රහත් තේවල ඔරිජිනල් රහත් කිරි තේ එකකින් ලැබෙන්නේ නෑ කියලා අපි දන්නවා. ඒත් කිරි තේවල ඒකට ම අදාළ රහක් තියෙනවා.

සිංහල – බෞද්ධ කිව්වමත් එහෙම තමයි. සිංහල – බෞද්ධ කියන්නේ බෞද්ධ කියන එකට නෙවෙයි. ඒ යෙදුමෙන් අපි මූලික වශයෙන් හඳුන්වන්නේ සංස්කෘතියක්. මේ සංස්කෘතිය මූලික වශයෙන් ම සිංහල. ඒ වගේ ම, මේ සංස්කෘතිය බුදුදහ‍මින් පෝෂණය ලබලා තියෙනවා. ඉතින් “සිංහල – බෞද්ධ” කියන විශේෂණයෙන් අපි මේ සංස්කෘතිය හඳුන්වනවා.
සිංහල මිනිස්සු කියන්නේ දත්, නියපොතු ගලවපු සත්තු ජාතියක් නෙවෙයි. තමන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ලවුනාම රැකෙන විදිහ සිංහල මිනිස්සු දන්නවා. මේ දක්වා ගතවෙලා තියෙන අවුරුදු දෙදාහකට වැඩි කාලය තුළ සිංහල මිනිස්සු වඳවෙලා නැත්තේ ඒ හින්දා.

මහ තර්ජනයක් නැති වෙලාවට සිංහල මිනිස්සු එකතුවෙන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් එක එක පිල්වලට බෙදිලා කාකොටාගන්නත් කැමැතියි. වැඩකරන්න කැමැත්තක් නෑ. වැඩියෙන් කරන්නේ පම්පෝරි ගහන එක. මට මතක විදිහට රොබට් නොක්ස්ගේ පොතේ මේ පම්පෝරි කතාව කියලා තියෙනවා. ඒක හොඳ නිරීක්‍ෂණයක්.
නිතර නිතර කල්ලිවලට බෙදිලා කාකොටාගත්තත් ඕන වෙලාවට සිංහල මිනිස්සු එකතුවෙනවා. සිංහල මිනිස්සු යුද්ධකරන්න දක්‍ෂයි. මහ යුද්ධයක් ඉවරකන්න වැඩි කාලයක් ගන්නෙත් නෑ. සිංහල මිනිස්සු හරිම වේගවත්.
හැබැයි හෙට විභාගයට අද පාඩම්කරනවා වගේ වැඩ තමයි සිංහල මිනිස්සු කරන්නේ. අපේ ගම්වල මහ උත්සවයක් සංවිධානයක් කරන අවස්ථාවක් ගැන හිතන්න. හෙට වෙසක් නම් අද රෑ තමයි කූඩු හදලා, අනිත් සැරැසිලි කරලා ඉවරකරන්නේ. සිංහල මිනිස්සු මේ වැඩ කරන්න මහ වෙලාවක් ගන්නේ නෑ. අකුණක් ගහනවා වගේ හරි වේගවත්.

සිංහල මිනිස්සුන්ට ඉක්මනින් තරහ යනවා. හරිම ලේසියෙන් අවුස්සන්නත් පුළුවන්. එහෙම මල පැන්නාම අම්මා මුත්තා මතක නෑ වගේ තමයි සිංහල මිනිස්සු හැසිරෙන්නේ. ඒත් කිසිම තරහක් හිතේ පැසව පැසව තියාගන්න පුරුද්දක් සිංහල මිනිස්සුන්ට නෑ. වයිරක්කාර හැඟීම් දීර්ඝ කාලයක් හිතේ තියාගෙන පලිගන්න පුරුද්දක් සිංහල මිනිස්සුන්ට නෑ. කවුරු හරි තමන්ගේ එකෙක් මැරුවොත් ඒ වෙලාවට කම්පාවෙනවා. ඒ කම්පාව එක එක විදිහට පිටකරනවා. හැබැයි බොහොම ඉක්මනින් ඒක අමතක කරලා ආයෙත් පරණ විදිහට වල්පල් කියවා කියවා ඉන්න සිංහල මිනිස්සු යොමුවෙනවා.

බුද්ධාගමෙන් ලැබිච්ච ශික්‍ෂණයත් සිංහල මිනිස්සුන්ගේ හැසිරීම්වලට බලපාලා තියෙනවා. හැබැයි සිංහල මිනිස්සු කියන්නේ රහත්වෙච්ච මනුස්ස කොට්ඨාශයක් නෙවෙයි.
අපේ ස්වාමින්වහන්සේලාත් සිංහල. ඉතින් උන්වහන්සේලා තුළිනුත් සිංහල හැසිරීම් දකින්න පුළුවන්. සිංහලකම කියන්නේ ගිහි ගෙය අතහැරපු ගමන් ගලවලා අයින් කරන ඇඳුමක් වගේ එකක් නෙවෙයි. සිවුර ඇතුළේ ඉන්නෙත් සිංහලයෙක්. ඉතින් සිංහල මිනිස්සුන්ට අදාළ හැසිරීම් සෑහෙන ප්‍රමාණයක් අපේ ස්වාමින්වහන්සේලා තුළිනුත් දකින්න පුළුවන්. ඉතින් කිසියම් භික්‍ෂූන්වහන්සේ නමක් තුළින් “නොගැළපෙන” හැසිරීමක් ප්‍රකටවුනා කියලා අපි කම්පාවෙන්නේ නෑ.

ජාතියක් විදිහට සිංහලයා කැපවෙලා ඉන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්. ඒක සාමූහික පරම අරමුණක්. බුදුදහම රැකෙන්න නම් ශාසනය ආරක්‍ෂාවෙන්න ඕන කියලා සිංහල මිනිස්සු දන්නවා. නෙළුම් මල පිපින්නේ සහ රැකෙන්නේ විල රැකගත්තොත් විතරයි. ඉතින් මේ කාරණයට අදාළ දේශපාලනයක් තියෙනවා. දේශපාලනය කියන්නේ බලය පිළිබඳ කාරණයක්. ඉතින් මේ ජාතික අරමුණ වෙනුවෙන් සිංහල මිනිස්සු වදවෙනවා. ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කැපකරනවා. තමන්ගේ නිවන කල්දාගන්නවා. අවශ්‍ය වුනොත් යුද්ධ කරන්නත් පෙළැඹෙනවා.
අපේ ලිබරල් කුක්කු බබාලාට මේ කාරණය තේරුම්ගන්න අමාරුයි. මේ දේ තේරුම්ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔය ලිබරල් මගුල පස්සේ ඒ අය යන්නෙත් නෑ. මේ කුක්කු බබාලා හිතන්නේ සිංහල – බෞද්ධ කිව්වාම තනිකර බෞද්ධ කියලා. ඉතින් මේ බබාලා සිංහල මිනිස්සුන්ගේ හැසිරීම් හොයන්නේ ත්‍රිපිටකයේ. ඔය කිව්වට මේ බාබාලා දන්න ත්‍රිපිටකයකුත් නෑ. මේ අය ඇහින්දාස්ලා ටිකක් විතරයි. ලිබරල් කතාවත් අහුලගත්ත එකක්. ඒකත් සංස්කෘතියක්. ඒකට අදාළ ඇගැයීම් තියෙනවා. ඒ ඇගැයීම්වල ක්‍රිස්තියානි මුල් තියෙනවා. මේ කරුණු එකක්වත් අපේ ලිබරල් කුක්කු බබලා දන්නේ නෑ. මේ සම්බන්ධයෙන් බටහිර මිනිස්සු පළකරලා තියෙන පොත් සහ පර්යේෂණ පත්‍රිකා අපේ ලිබරල් කුක්කු බබාලා කියවලත් නෑ.

හැබැයි සිංහල මිනිස්සු ගැරැඬි මරන්නේ නෑ කියලා මේ ලිබරල් කුක්කු බබාලා දන්නවා. ඉතින් බය නැතුව තමන්ගේ ම ජරාව හත්පොළේ ගාගෙන ඇඹැරි ඇඹැරි ඉන්න බාධාවක් මේ අයට නෑ.
එතකොට සීයට හයේ කුක්කු බබා? ඒ නිකම් ම නිකම් ජෝක් එකක් විතරයි. වැඩක් නැති වෙලාවට බයිට් එකට ගන්න හොඳයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

Your email address will not be published.