Opinion

කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහතා තම දිවිසැරිය නිමා කර ඇත

Summary

අප රටේ ජාතික ඉතිහාසය සංස්කෘතිය වාපි තාක්ෂණය හා සංස්කෘතිය වැව පිළිබඳ දැනුම් සම්භාරය බෞද්ධ දර්ශනය බෞද්ධ සාහිත්‍යය පෙරදිග චින්තාවන් පිළිබඳ ඔහුගේ දැනුම අප පුදුමයට පත් කළේය. ඔහු ජාතික ව්‍යාපාරය තුළ දිගටම ක්‍රියාකාරීව සිටි බුද්ධිමතෙකි. න්‍යායාචාර්ය වරයෙකි. ඔහු එකල මෙකල ජාතික ව්‍යාපාරය තුළ අනලස්ව ඔහු සතු ඥාන සම්භාරය නිර්ලෝභීව බෙදා දුන්නේය.

  • Save

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

ඔහු සතුව තිබූ දැනුම් සම්භාරය මේ දිනවල කතාබහට ලක්වන මහා පරාක්‍රම සමුද්‍රය වැනිය .ඒත් ඒ දැනුම් සම්භාරය නැමැති මහා සමුද්‍රයෙන් දිය දෝතක් වත් ගැනීමට අප සමත් වුනේ නැත .පෙරදිග දර්ශනය චින්තනය පිළිබඳ පෘථුල දැනුමක් තිබූ ප්‍රනාන්ද මහතා බෞද්ධ දර්ශනය හින්දු දහම හා පෙරදිග සියලු ආගමික චින්තාවන් පිළිබඳව අතැඹුලක් සේ දැන සිටි අතර ඒ තුළ ගොඩනැගුණු සංස්කෘතික සාහිත්‍යමය දායාදයන් ද වත්මන් සමාජ ආර්ථික දේශපාලන සන්දර්භයට ගෙන ඒවා විචාරය කරන්නට සුවිශේෂ හැකියාවක් තිබූ වියතෙකි. කතුවරයෙකි. ඔහු විසින් වටිනා කෘති ගණනාවක් රචනා කළ අතර ඒ අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වූ කෘති වූයේ ජාතක කතා පොතේ විමුක්ති දැක්ම විමසුම නම් කෘතියයි .ඒ හැරුණු කොට ඔහු සතුව තිබූ ශක්තිමත්ම දැනුම් පද්ධතිය නම් ආදි සිංහලයින් විසින් ගොඩනැඟූ වාපි කර්මාන්තය එහි විද්‍යාව තාක්ෂණය හා සංස්කෘතිය පිළිබඳ තිබුණු තියුණු දැනුම් සම්භාරයයි .ඔහුගේ මේ දැනුම් සම්භාරය උකහාගත් උරා ගත් අය බොහෝය. එතුමා එම දැනුම නි සරණ ආධ්‍යා සයෙන් බෙදාදුන් අතර ගහකොළ පරිසරය සතා සිවුපාවට ද ආදරය කළ පරිසරවේදියෙක් ද විය. ජාතක කතා පොත විමුක්තිකාමී දැක්ම තුළින් මෙරට සමාජ පරිවර්තනයක් වෙනසක් උදෙසා ඉදිරියට ආ තරුණ පරම්පරාවට ඔහු පෙන්නූ බෝසත් ගුණයෙන් පිරි විප්ලවකාරී සරුනව මාවත සම්ප්‍රදායික වාමාංශිකයන්ගේ ද රැඩිකල් නව වාමාංශයේ ද දැඩි විවේචනයට ද නිග්‍රහයට ද ලක්විය ජාතක කතා පොත තුලින් දේශපාලන චින්තනයක් ප්‍රතිනිර්මාණය කළේය .හැටේ හා 70 දශකයේ තරුණ කැරලිකාරී දේශපාලනේ න්‍යායාත්මකව භූමිකාවක් ඉටුකළ කැපී පෙනෙන චරිතයක් වූ කුලියාපිටියෙ ප්‍රනන්ද මහතා සිරගත ජීවිතය තුළ ද මතවාදී තලයේ ප්‍රධාන අරගල කරුවෙක් වූ අතර ඔහුගේ මතවාදී අවිගබඩාව සන්නද්ධ වී තිබුණේ පෙරදිග චින්තාවන් ගෙන් හා බෞද්ධ දර්ශන යෙනි .වාමාංශික අධිපති මතවාදයට එරෙහිව එකල ස්වදේශික ජාතික සංස්කෘතික චින්තනය හා බෞද්ධ දැක්ම ඔස්සේ උඩුගම් බලා පිහිනු කැරලිකාරී තාපසයෙක් විය. ජී අයි ඩී ධර්මසේකර යන්ද මේ මතවාදී සටනේ නායකත්වය ගත් නියමුවෙක් විය.

88 ,89 මේ දෙවැනි තරුණ කැරැල්ලේදී ඔහුගේ ජීවිතයට ද තර්ජන එල්ල විය .බෝධිසත්ව ඥානයෙන් උපායෙන් ඒ සියල්ලට මුහුණ දී තමන් දිවි බේරාගෙන, දෙවැනි කැරැල්ල ද මහා ශෝකාන්තයකි න් හා ඛේදවාචකයකින් කෙළවර වී නිමාවීමෙන් පසුව නැවත 90 දශකයේ මැද භාගයේ ආරම්භ වූ සමාජ දේශපාලන කතිකාවේදී ඔහු අපට මුණගැසුණු අතර අප සමග දීර්ඝ වශයෙන් ඔහුගේ දැනුම මතවාදය බෙදාහදාගත් අතර එහෙයින් අපගේ චින්තන පරාසය පුළුල් විය .ඔහු ඉතාම කරුණාවන්ත ිත්‍රශීලී දේශපාලන සංකථනය ට විවෘත ගුණවත් නැණවත් ප්‍රඥාවන්ත ප්‍රබුද්ධ මනුෂ්‍යයෙක් විය.

90 දසකයේ අතුරුලියේ රතන හිමි ,චම්පික රණවක ,ඇතුළු අප තරුණ ශිෂ්‍ය කණ්ඩායම සමග පැවති තියුණු දියුණු දේශපාලන සංවාදයෙන් පසු ඔහු අප සමග නිරන්තරයෙන් ජාතික චින්තන මතවාදය හා බෞද්ධ දේශපාලන දැක්ම ගැන නිරන්තර සාමීචියේ යෙදුණේය. දෙදහ වර්ෂයේ අප ජාතික හෙළ උරුමය බිහි කිරීමෙන් පසු අපේ තරුණ ශිෂ්‍ය පිරිසට දේශපාලන අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් අප ඇතිකළ දොරමඩලාව සිහල පාසලේ දැණුම බෙදාදුන් මුල් ගුරුවරයෙක් විය. එකල ඔහු සමීපව ඇසුරු කිරීමට සම්මුඛ වීමට භාග්‍යයක් ලැබුණු අතර එයින් අපගේ දැනුම් පරාසය හා චින්තන පරාසය පුළුල් වීමට මග පෑදූ බව ඔහුට ගෞරවයක් ලෙස සිහිපත් කළ යුතුය. එකල දොරමඩලාව සිහල පාසල පත්වා ගෙන ගියේ මාගේ මෙහෙයවීමෙනි. අප රටේ ජාතික ඉතිහාසය සංස්කෘතිය වාපි තාක්ෂණය හා සංස්කෘතිය වැව පිළිබඳ දැනුම් සම්භාරය බෞද්ධ දර්ශනය බෞද්ධ සාහිත්‍යය පෙරදිග චින්තාවන් පිළිබඳ ඔහුගේ දැනුම අප පුදුමයට පත් කළේය. ඔහු ජාතික ව්‍යාපාරය තුළ දිගටම ක්‍රියාකාරීව සිටි බුද්ධිමතෙකි. න්‍යායාචාර්ය වරයෙකි. ඔහු එකල මෙකල ජාතික ව්‍යාපාරය තුළ අනලස්ව ඔහු සතු ඥාන සම්භාරය නිර්ලෝභීව බෙදා දුන්නේය. ඒ අල්පේච්ඡ නිරහංකාර මානව දයාවෙන් පිරිපුන් රටට දැයට සමයට සැබෑ ලෙස මා ආදරේ කල කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද යන් දැයෙන් සමුගෙන ඇත. ඔහු මතු කළ ඉදිරිපත් කළ නිර්මාණාත්මක චින්තනමය කරුණු වර්තමාන යේ සහ අනාගත යෙ පුරවැසි ජාතික ව්‍යාපාරයකට මග හෙළි පෙහෙළි කර ගැනීමට පහන් ටැඹක් වනු ඇත. එතුමන්ගේ ප්‍රඥාවන්ත දිවිසැරිය නිමාකරඇත. එතුමන්ට අප නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පවුලේ සියලු දෙනාට අපගේ බලවත් සංවේගය ද පළකර සිටිමු.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
2021.09.02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap