Opinion

කුලුනු සහ කුහකයෝ

Summary

මෙරට සංවර්ධන කටයුත්තක් සිදුවෙද්දී රටේ පවතින අඨෝරාශියක් ප්‍රශ්න ඉස්මතු කරන්නේ ජානගත කුහකකමක් නිසාද?

🔺 මිලියන 30 කට වැඩි ජනතාවක් තවමත් ගල්ගුහා වල ජීවත් වන චීනයේ යෙන් බිලියන 15.7 ක් වැයකරමින් ශැංහයි කුලුන (Shanghai Tower) හදන්නට එපා යැයි කියූ කුහක චීන වැසියන් හිටියේ නැත.
🔺ඩොලර් 850 ක් වැනි අඩු ඒක පුද්ගල ආදායමක් ඇති ඉතියෝපියාවේ ඩොලර් මිලියන 681 ක් වැය කරමින් මෙසෝබ් කුලුන (Mesob Tower) හදන්න එපා යැයි කියූ කුහක ඉතියෝපියානු වැසියන් සිටියේ නැත.
🔺නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩා විඳින බංග්ලාදේශයේ වැසියන් ඩොලර් බිලියන 12 ක් වැයකර ඩකා නුවර ලෙගසි කුලුන (Legacy Tower) හදන්නට ඒපා යයි කියන්නට තරම් කුහක වුයේ නැත.
🔺දරිද්‍රතා සිමාවෙන් පහල මට්ටමේ මිලියන 30 ක ජනතාවක් සිටිනා ඉන්දියාවේ මුම්බායි නගරයේ සෙන්චරි මිල්ස් කුලුන (Century Mills Tower) හදන්නට එපා යැයි කී කුහකයන් ඉන්දියාවේ සිටියේ නැත.
🔺මහා බිත්‍යානයේ මහජන මුදලින් සෑදු බිග් බෙන් කුලුන Big Ben Tower / Clock Tower එලිසෙබෙත් කුලුන (Elizabeth Tower) ලෙස නම් කරනවාට විරුද්ධ වූ කුහක වැසියන් බ්‍රිතාන්‍යයේ සිටියේ නැත.

රත්නපුරයේ ප්‍රචලිත මැණික් ව්‍යාපාරය නැංවීම උදෙසා යෝජිත පස්මහල් ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයට මුල්ගල තබන විට මෙරට කුහකයන්ට දරිද්‍රතාව මතක් විය. ගංවතුර මතක් විය. සෞඛ්‍ය මතක් විය. අධ්‍යාපනය මතක් විය. මෙරට සංවර්ධන කටයුත්තක් සිදුවෙද්දී රටේ පවතින අඨෝරාශියක් ප්‍රශ්න ඉස්මතු කරමින් ජානගත කුහකකම පෙන්වන්නේ හයි වේ කන්න ද? ඇඹුල් තියල් ගේන්න ද? යි ඇසූ පාරම්පරික කුහකයන් ගේ අනුගාමිකයන් වීම ගැන පුදුම විය යුතු ද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *