Opinion

කෘමිනාශක ද? වල්නාශක ද?

Summary

සියදිවි නසා ගන්නට යන මිනිසෙකු තමන් ගේ අතට අහුවෙන කුප්පියේ ඇත්තේ කෘමිනාශක හෝ වල්නාශක දැයි සොයා බලන්නේ නැති අතර ඔහු දියර දෙකෙන් කුමක් පානය කළත් මිය යයි.

පලංචියේ ලී ඉරුවේ අපි එකටමල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකටඑක වාඩියේ කල් ඇරියෙත් හිත හොඳටඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට
වසන්ත කුමාර කොබවක පද රචනයෙන් දායක වු , රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ, එඩ්වඩ් ජයකොඩි සහ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ඉහත සඳහන් අපූරු ගීතය දශක කීපයක් පැරණි ගීයක් වුවද අදටත් එක සේ රස විඳිය හැකි ය.

පලංචියක ලී ඉරීම යනු දෙදෙනෙකු සමබරව අවබොධයෙන් කළ යුතු වෘත්තීමය ක්‍රියාදාමයකි. වත්මන් විපක්ෂ දේශපාලන වාඩියේ ලී ඉරන්නන් වන සජිත් ප්‍රේමදාස සහ පාඨලී චම්පික දෙදෙනා මැද්දට 2024 ජනපතිවරණය නැමැති යුවතිය පැමිණ ඇති බවත් දෙදෙනා ම ආදරය කරන්නේ එකම මලකට බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ජනපති සිහිනයකින් පෙළෙන දෙදෙනා ම විරසක වී රුපුන් ලෙස යුද වදින්නට සුදානම් වන්නේ ජනපතිවරණය නැමැති කුළුඳුල් පෙමින් අත් මිදෙන්නට නොහැකිව ය.

මෙයින් එක් අයෙකු සාමාන්‍ය පෙළවත් නැති අහිංසක මෝඩයෙකු ( useless & harmless) වන අතර අනෙකා CCTV දර්ශන පවා අතුරුදන් කළ හැකි පට්ටම ගේම් කාරයෙකි. එක් අයෙකු ජානගත හීනමානයකින් පෙළෙන අතර අනෙකා අධිමාන කාරයෙකි. එක් අයෙකු ෆොටෝ ගැනීමේ දක්ෂයෙකු වන අතර අනෙකා ෆොටෝශොප් මෘදුකාංගයේ නිපුනයෙකි. එක් අයෙකු අලියන් බැලීම ප්‍රියකරන්නෙකු වන අතර අනෙකා නිළියන් බැලීම ප්‍රියකරන්නෙකි. එක් අයෙකු පාරම්පරික ඡන්ද මත යැපෙන අතර අනෙකා ඡන්ද වෙනුවෙන් පක්ෂ මාරු කර වාර්තා තැබූවෙකි. එක් අයෙකු පෙට්ටි ගෙවල් තැනූ අයෙක් වන අතර අනෙකා කඩා වැටෙන අට්ටාල තැනූවෙකි. එක් අයෙකු නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් තම ප්‍රතිරූපය පුම්බාගැනීමට යොදාගත්තෙකු වන අතර අනෙකා නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් තම ප්‍රතිරූපය පුම්බාගැනීමට යොදාගත්තෙකි. එක් අයෙකු තමන් ” දුප්පතා ගේ හිතවතා” ලෙස හඳුන්වා ගන්නෙකු වන අතර අනෙකා “යකඩ මිනිසා ” ලෙස තමන්ව හඳුන්වා ගන්නෙකි. දෙදෙනා ගේ එකම සමානකම වන්නේ තමන් සිටි පක්ෂ වල නායකයන්ට පස්ස පෙන්වු අය වීම ය.

සියදිවි නසා ගන්නට යන මිනිසෙකු තමන් ගේ අතට අහුවෙන කුප්පියේ ඇත්තේ කෘමිනාශක හෝ වල්නාශක දැයි සොයා බලන්නේ නැති අතර ඔහු දියර දෙකෙන් කුමක් පානය කළත් මිය යයි. සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට ද 2024 දී තෝරාගන්නට ඇත්තේ මාරාන්තික කෘමිනාශක හෝ (වල්)නාශක යන වස දෙවර්ගයෙන් එකක් වුවත් ඔවුනට අවසානයේ සිදුවන්නේ සිය දිවි නසාගන්නට ය.

පලංචියේ ලී ඉරුවේ අපි එකටමල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකටඑක වාඩියේ කල් ඇරියෙත් හිත හොඳටඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට

Leave a Reply

Your email address will not be published.