COLUMN

කෙන්ද කන්ද කරලා පෙන්නන කිඹුල් සීන් එක

Summary

කිඹුල් සීන් එක කෙන්ද කන්ද කරලා පෙන්නන වැඩේ නිසා තව ඩිංග කාලයක් මාධ්‍යට නිව්ස් තියෙනවා. ඊට පස්සෙ ආයෙත් ඕක ගැන හා හුවක් නෑ.

කිඹුල් සීන් එක කෙන්ද කන්ද කරලා පෙන්නන වැඩේ නිසා තව ඩිංග කාලයක් මාධ්‍යට නිව්ස් තියෙනවා. ඊට පස්සෙ ආයෙත් ඕක ගැන හා හුවක් නෑ. Jagath Gunawardana සර්ට අනුව බේරේ වැවේ මේ වෙද්දි සෝල්ටීස්ලා 18 ක් විතර ඉන්නවා. බේරේ වැවට කිඹුල්ලු අලුත් දෙයක් නෙවෙයි. 15, 16 සියවස් ගත්තම 1554 දි කොළඹ කොටුව පෘතුගීසින් ඉදිකරනවා. 1656 දි මේක අල්ලගන්වා ලන්දේසි. පෘතුගීසි කාලේදි කොටුවේ එන්ට්‍රන්ස් එක ඇල හරහා වැටෙන්නෙ අද අපි කියන කයිමන් දොරටුව ගාවින්. මේ කයිමන් දොරටුව තියෙන්නෙ වුල්ෆන්ඩාල් කන්ද පාමුල. පෘතුගීසින් මේකට කිව්වෙ Porta reinha කියලා. ඒකෙ තේරුම රැජිනගේ ගේට්ටුව. ඕක ලන්දේසි කාලෙදි Kaaiman gate බවට පත්වෙනවා. සුනිල් එදිරිසිංහයන්ගෙ ‘පාරු පාලමෙන්’ ගීතයේ කියවෙන්නෙ මෙන්න මේ කයිමන් දොරකඩ. ලන්දේසි භාෂාවෙන් Kaaiman කියන්නෙ කිඹුලට. කේමන් (caiman) කියලා ඇලිගේටරොයිඩ් විශේෂයක් මධ්‍යම ඇමරිකානු කලාප වලිනුත් හම්බෙනවා. ඒ විශේෂයට කේමන් කියන නම යෙදුන හැටිත්, කයිමන් දොරටුවට නම ලැබුනු ආකාරයෙත් නිරුක්තිය බොහෝ විට ලන්දේසි භාෂාවේ තැනකට හා විය යුතුයි.

දැන් ඇත්තටම කියන්න උවමනා කරපු එ⁣ක නෙමෙයි වෙන බයිලා ලියන් යන නිසා ආයේ මාතෘකාවට ආවොත් කයිමන් දොරටුව එහෙම නැත්තන් Kaaimans gate එකට ඔය නම ලැබෙන්නෙ බලකොටුව ඇතුලෙ හිටපු වැසියො ඇලට විසි කරන කුණු කන්න එකතු වෙන හැල කිඹුලො නිසා. බේරේ වැවේ හැලයන්ගෙ (muggers) හොඳ ගහන ඝනත්වයක් තිබිලා තියෙනවා.

දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ හැලයො වෙනුවට දැන් ඉන්නෙ ගැටයො. ගැට කිඹුලා එහෙම නැත්තන් සෝල්ටී,සෝල්ට් වෝටර් ක්‍රොක් කියන නමේම කතාව තියෙනවා. හැලයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වෙන, ආක්‍රමණශීලි ගුණ වැඩි, ලෝකයේ විශාලතම උරගයා තමයි ගැටයා. බේරේ වගේම ගැටයන්ගෙ කන්සන්ට්‍රේශන් එක මිනිස් ක්‍රියාකරකම්, දුරදිග නොබලා සිදුකරන ව්‍යාපෘති, ගංගාවල වැලි කැණීම් වගේ හේතු නිසා ප්‍රසාරණය වෙමින් යනවා.

සෝල්ටීස්ලාගෙ එක්ස්පෑන්ශන් එක ගැන හොඳ නරක කියන්න නෙමෙයි ඇත්තටම මට උවමනා වුනේ. අපි වෙනස් කරලා තියෙනවා වසර දහස් ගානක් තිස්සෙ මේ කිඹුල් විශේෂ ජීවත් වුන පද්ධති සමතුලිතතාව. සමතුලිතතාව වෙනස් කිරීම කියන්නෙ අලුත් තැනක නව සමතුලිතතාවක් හටගැන්ම. මේ සත්තුන්ගෙ ඩිසයින් එක පෘථෘවිය මත පරිණාමය වෙලා දැනට වසර මිලියන 240 පමණ වෙනවා. ස්පීසීස්, නැත්තන් විශේෂ ඉතිහාසය ගන්නෙ නැතුව ඩිසයින් එකේ ඉතිහාසය ගත්තොත් වසර මිලියන 240 ක් තිස්සෙ මේ මොඩ්ල් එකට හෙන හත ගැහුවත් නශ්ඨකරණයට ලක් නොවුන මොඩ්ල් එකක්. මහා නශ්ඨවීම් දාම තුනක් මේ කාලේ ඇතුලත පෘථෘවිය මත ක්‍රියාත්මක වෙනවා. පර්මියන් ට්‍රයැසික් දාමය, ට්‍රයැසික් ජුරැසික් දාමය සහ අදින් වසර මිලියන 60 කට ප්‍රථම සිදුවු ක්‍රිටැසියස් දාමය. සත්ව විශේෂ බිලියන ගනනක් ඔය දාම ත්‍රිත්වයේදි සදහටම වඳවෙලා යද්දිත් කිඹුලා මොඩ්ල් එක නොනැසී පවතිනවා. මානව වර්ගයාගේ සම්පුර්ණ පරිණාමික ක්‍රියාවලියටම තවමත් වයස වසර මිලියන 8 පමණ. වසර මිලියන 8 සහ මිලියන 240 සන්සන්දනය කලොත් කිඹුලා කියන ඩිසයින් එක වෙනස්වන පරිසර තත්වයන් අභිමුව කොතරම් සුහුරු ලෙස අනුවර්තනය වීමේ හැකියාවක් දක්වන සත්වයෙක්ද කියලා හිතාගන්න පුළුවන්.
එහෙම හැකියාවක් තියෙන සත්ව කාණ්ඩයක විශේෂයක් මානව අභියෝග හමුවේ නව සමතුලිතාවන් ⁣තුලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම තමයි අපි මේ අත්දකිමින් ඉන්නෙ. කරදියත්, මිරිදියත් එකලෙස සුහුරු ගැටයන් තමන්ගේ රෙන්ජ් එක්ස්පෑන්ශන් එක තව දුරටත් සිදු කරයිද, බටහිර වෙරළ කිඹුල් මිනිස් ගැටුමක් දක්වා දුරදිග යයිද, නැත්තන් වසර මිලියන ගානක සාර්ථකත්වය මානව සංවර්ධන කටයුතු හමුවේ නශ්ඨකරණය ලක්වෙයිද ? ඕවා ඉතින් ප්‍රශ්න. ඕවා ගැන හිතන්න වෙලා නෑ. තව ටිකකින් අපිට කරන්ට් එක නැති වෙන නිසා හෑල්ල ඉවර කරලා බැටරිය චාර්ජ් වෙන්න ගහනවා.

Leave a Reply

Your email address will not be published.