Opinion

කොටි මස් ?

Summary

වතුකරයේදි පහුගිය වකවානුව තුලම මන්දවල් වලට අසුවුන කොටි ප්‍රමාණය හා මස් වෙළඳාම එක්ක සබඳතාවක් තිබේද යන ගැටලුව. තියෙනවානන් ඒක ලොකු අවුලක්. අපි හිතන තරම් සරල ප්‍රශ්නයක් හෝ අහිංසක ගැමියාගෙ දඩමසට යොදාගන්න මන්දක කතාවක් නෙමේ එතෙන තියෙන්නේ.

අද නුවර උඩුදුම්බර ප්‍රදේශයේදි වැටලීමකින් අහුවෙලා තියෙනවා කොටි මස් විකුණන්න ගිය තුන් දෙනෙක්. ඉතුරු වෙලා තියෙන කොටස්වල හැටියට හොඳින් වැඩුන සතෙක් වගේ පේන්නෙ. මේ සිද්ධියේදි විශේෂයෙන් මට සඳහන් කරන්න අවශ්‍ය කාරණා කිහිපයක් තියෙනවා.

පලවෙනි එක තමයි කොටි මස් වෙළඳාම ගැන. ඒ කාරණය ටිකක් පෞද්ගලිකයි. හේතුව මේ ගැන මම එක්තරා විශ්ව විද්‍යාලයක අධ්‍යන කටයුත්තකදි සඳහන් කරාම අදාල ආචාර්‍යතුමා ඒක විහිළුවකට ගත්තා ලංකාවේ ඔය වෙළඳාම පවතින්නේ නෑ කියලා. ඒ වෙලාවේ මට පෙන්වීමට මූලාශ්‍රයක් නොතිබුනත් තාමත් විවිධ සමාජ කොටස් තුල මුල් බැහැලා තියෙන විශ්වාස පද්ධති ඉතුරු වෙලා තියෙනවා. නුවර කලාවියේ ඉඳන් උඩරට ප්‍රදේශ වෙනකන් විවිධ හුදෙකලා ස්ථාන වල වගේම, කුඩා ගම්මාන වල ඔය විශ්වාස පැතිරිලා තියෙනවා. විවිධ දේව ඇදහිලි එක්ක මිශ්‍ර වෙලා තියෙන මේ සමහර විශ්වාස ක්‍රියාත්මක කරන්න ඇතැම් අය පසුබට වෙන්නෙ නෑ. දැන් මේ කාරණයේදි ඒ වගේ දේකට කොටි මස් විකුණුවද කියන්න මම දන්නෙ නෑ නමුත් කොටි මස් සාමාන්‍යයෙන් ඇදුම රෝගයට බෙහෙතක් විදිහට ඇතැම් ජන සමාජ තුල පවතින අර කිව්ව උප සංස්කෘතින් තුල පවතිනවා. කොහොම වෙතත් පේන විදියට මසට ගැනීමක් වෙලා තියෙනවා වගේ මේ සිද්ධියේදි. ඒවා ඉතින් හාරා අවුස්සලා ගන්න එක වනජීවියේ නිළධාරීන්ගෙ වැඩක්. අම්බ ගොන් චෝදනා පත්‍රයක් ගොනු වෙන්න දීලා වරදකරුවන්ට ලේසියෙන් පැන යන්න දෙන්නෙ නැති වෙන්න වැඩ කරත්වා කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේක හුදෙකලා සිද්ධියක් පමණක්ද නැත්තන් මීටත් උඩින් ක්‍රියාත්මක වෙන ජාලගත මාෆියාවක් සම්බන්දද කියන එකත් ඒ එක්කම සෙවිය යුතුයි.

අනිත් කාරණය තමයි ඔය මොන ඇදහිලි වලින් රෙකමන්ඩ් කරත් අමුතු දෙයක් නෑ කොටි මස්වල. කොටි මස් විස වෙන්න පුළුවන් සම්භාවිතාවක් පවතිනවා. හේතුව ආහාර දාමයක ඉහලම පුරුකේ සිටින සුපිරි විලෝපිකයකු නිසා (ලංකාවේ පද්ධතිවල නන් සුපිරි විලෝපිකයා) කොටි ආහාරයට ගන්න මස්වලින් එන නයිට්‍රජන් ප්‍රමාණය අධිකයි. විද්‍යාත්මක හේතු කෙසේ වෙතත් බුදුහාමුදුරුවොත් මහාවග්ග පාළියේ හෙසජක්‌ඛන්ධකයෙහි සහ පාළිමුත්තක විනය විනිශ්චයේ සඳහන් කරන අකැප මාංස දහයට ඔය කොටියා අයිති වෙනවා. දිපි කියලා පාලියෙන් එතන සඳහන් වෙන්නෙ කොටියට. ඒ එපා කියන්නෙත් බොහෝ විට ඔය විස බව සහ වෙනත් හේතු කිහිපයක් නිසා.

ඊලඟ කාරණය තමයි දැන් මාස කිහිපෙකට උඩින් වගේ වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මාත් එක්ක වාද කරා වසරකට දිවියන් 20 හෝ ඊට අධික ප්‍රමාණයක් ඝාතනය වෙනවා කිව්වම එච්චර ගානක් වෙන්නෙ නෑ කියලා. මට මේ අවුරුද්දෙ රෙකෝර්ඩ්ස් නෑ හැබැයි ලාවට ඇහුන ඒවා ගනන් කරත් විස්ස නැතත් අඩුතරමේ ඒ ලඟටවත් ඇවිත් තියෙන්න ඕන මේ සැප්තැම්බර් වලට කියලා දල වශයෙන් මම සඳහන කරනවා. ඒ නිසා අර වාද කරපු කාරනා ගැන නැවත සලකා බලන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඊලඟ කාරණය තමයි වතුකරයේදි පහුගිය වකවානුව තුලම මන්දවල් වලට අසුවුන කොටි ප්‍රමාණය හා මස් වෙළඳාම එක්ක සබඳතාවක් තිබේද යන ගැටලුව. තියෙනවානන් ඒක ලොකු අවුලක්. අපි හිතන තරම් සරල ප්‍රශ්නයක් හෝ අහිංසක ගැමියාගෙ දඩමසට යොදාගන්න මන්දක කතාවක් නෙමේ එතෙන තියෙන්නේ.

අනිත් කාරණය තමයි කොටි පාර්ට්ස් අසුවෙන එක ප්‍රස්ථාරගත කරොත් ඒකෙ උච්චස්ථාන වලින් කොටි පාර්ට්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ ඩිමාන්ඩ් එක හා ඔය යන්ත්‍රමන්ත්‍ර හදි හූනියම් කරන එවුන්දැලගෙ මාර්කටින් එක්ක සෘජු සම්බන්ධයක් තියෙනවා. ඉතින් එහෙම සෙල්ලන් දාන සෙල්ලන්සේන කෙනෙක් ඔය ලඟ පාත වපසරි ඇතුලත ඉන්නවානන් අහු කොන් ඇදලා එලියට ගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published.