Opinion

කොණ්ඩය සහ කැප-අකැපකම්

Summary

යම් හෙයකින් අප දෙන අවවාද නොපිළිගන්නේනම් තමා තුළ අඩුපාඩු තබාගෙන ඒ ගැන නොසලකා අනුන් හැදීමට යැම ගැනයි මේ කියන්නේ…

ඔන්න ඉතින් ඒ කාලේ මම..

මගේ ජාතික හැදුනුම් පත 91 දි…කොන්ඩේ වැව්වම කැතයි කියලා තේරෙන්නේ දැන් තමයි..😂😆.

ඒ කාලේ මට මතකයි පන්සලට ඇවිත් කට සැර දායක දායිකාවන් එක්කෙනෙක් දෙන්නෙක් කොන්ඩෙ ගැන ගතු කියලා නායකහාමුදුරුවෝ අව්ස්සනවා.අපි හොරෙන් අහගෙන ඉන්නවා ඉතින් දැන් කතාකරලා අපිට බනී වි කියලා.”පොඩි අයනේ.තේරෙනකොට ඕවා ඇරිලා යනවා”

ඒ නායක හාමුදුරුවරුවන්ගේ දායකයින්ට දෙන පිලිතුරයි.

ඔක්කොම ගියාට පස්සේ අපි හතරදෙනාටම නායක හාමුදුරුවෝ කතා කරනවා.” ඔන්න උපාසක අම්මලා අයේ පන්සලට එන්නෙත් නැ කීවා දානේ ගේන්නෙත් නැ කියලා ගියා…පොඩිහාමුදුරුවරු කොන්ඩේ වැවිලා දැකලා…හතර දෙනාම හෙට කොන්ඩෙ කපාගන්න.”අපිත් ඉතින් කොන්ඩේ කපාගෙන ලස්සනට ඉන්නවා ඊලග පාර උපාසම අම්මලා  එනකොට..අද නම් අපේ පොඩිහාමුදුවරු ලස්සනයි.ඔහොමනේ ඉන්න ඕනේ.පොඩි පොඩි කේලම් නායකහාමුදුරුවන්ට කිව්වට ඒ හැමෝම අපිට ගොඩක් ආදරෙයි ඉතින්.

දෑගුලක් වවන්න අවසර තියෙනවා කියලා විනය පොතේ සදහන්..නමුත් සමහර අය බාහිර පෙනුමෙන් සන්වරකම ශීලය හොයන නිසාත් ‘කෙස් රැව්ල් කපලා ඉන්න එක කොයි දේටත් හොදයි.

අපේ හොද උපදේශයක් තියෙනවා අහලා ඇතිනේ..

“ඔවා දෙනු පර හට
තමා සම්මතෙහි සිට
දුසිරිත දනන් දෙන ඔවා
වැද්දන් දෙසන බණ වැනි”

යම් හෙයකින් අප දෙන අවවාද නොපිළිගන්නේනම් තමා තුළ අඩුපාඩු තබාගෙන ඒ ගැන නොසලකා අනුන් හැදීමට යැම ගැනයි මේ කියන්නේ…

තමා හට අදාල, වැදගත් වන දේ ගැන නොසිතා තමන්ට අදාල නොවන නොවැදගත් දේ ගැන අවදානය දක්වන අය මේ සමාජයේ කොතෙක් නම් වෙසෙත්ද? එමෙන්ම තමාගේ අඩුපාඩු හදා ගැනිම කෙසේ වෙතත් අනුන්ගේ වැරදි ගැන කතාකරන්නන් අනන්තවත්ය.

ලෙස රණස්ගලු ස්ථවිර ලොකෝපකාරයෙහි සදහන් කර ඇත්තේ එවැන්නන් ගැනය.

කමකුරා යුගයෙහි විසු ෂිකා ඇදුරුතුමා වෙත එක් ශිෂයෙකු පැමිණියේය. ඔහු ගුරුතුමා ඉදිරියට විත් “මම පුන්චි දවසේ ඉදලම ටෙන්දයි නිකායේ බුදු සමය ඉගෙන ගත්තා, මට එකේ තේරුම් ගන්න බැරි ගැටලුවක් තියෙනවා. තණකොලයි ගසුයි පවා බුදු වෙනවා කියලා. එක මට හරිම පුදුමයි.”
එය ඇසු ගුරුතුමා මෙසේ පැවසිය.

“තණකොලයි ගසුයි බුදු වෙන එක ගැන කල්පනා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද?” මුන්නැහේ කවදාවත් කල්පනා කලාද මුන්නැහේ බුදු වෙන්නේ කොහොමද කියලා.අනතුරුව ශිෂයයා පැවසුවේ කවදාවත් ඒ ගැන සිතා නැති බවයි, අනතුරුව ගුරුතුමා ඒ ගැන කල්පනා කරන ලෙසට ශිෂයාට පැවසිය.

සියල්ලන් සම්මතයේ සිය ඔවදන් දෙන්නේ නම්ද, තමුන්ගේ ඇසේ ඇති දැවය පලමු කොට ඉවත්කොට, අනුන්ගේ රොඩු ඉවත් කරන්නට යන්නේ නම් කෙතරම් අගනේද?
දැන් තේරෙනවද ,පොඩි සාදුලගේ කොන්ඩේ ටිකක් වැව්නට මම මොනවත් නොකියන්නේ ඇයි කියලා…😂😆

වයසත් සමග නිරායාසයෙන්ම නුසුදුසු බව අවබෝධ වෙනකොට වෙනස් වෙනවා..

“තේරෙනකොට ඕවා හරියනවා”ඒකයි ඇත්ත..

 නමුත් කාගෙත් හිතසුව පිනිස පොඩි හාමුදුරුවරු කොන්ඩේ කපලා පිලිවෙලට ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *