Editorial

කොවිඩ් – 19 වර්තාව (2020 දෙසැම්බර් 11)

Summary

“විද්‍යාව” සහ “ප්‍රතිකාර” පිළිබඳ අන්තයට නොයමු.

Covid-19 update Sri Lanka and world

කොවිඩ් – 19 “දෙවන රැල්ල” ආරම්භ වී මාස දෙකක් ගත වී ඇත. පළමු රැල්ලෙන් ආසාදිතයන් 3, 482ක් වාර්තා වු අතර දෙවන රැල්ල නිසා දෙසැම්බර් 10 වන බ්‍රහස්පතින්දා වන විට මෙරට ආසාදිතයන් ගණන 26,592ක් වු අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 131කි.  මේ සංඛ්‍යා දිනෙන් දින ඉහළ යමින් පවතී.

කෙසේ වුවත්, සමස්ත ආසාදිත සංඛ්‍යාව වන 30,075න්   12,800ක් සුවය ලබා ඇත. දැනට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන ගණන 8,131කී. මරණ සංඛ්‍යාව 144කි. (මරණ අනුපාතිකය 0.48% කී. එනම් සෑම ආසාදිතයන් 200ක ගෙන් මරණයට පත් වන්නේ එක් අයෙක් පමණි)

දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව පසු ගිය දින කිහිපය තුළ ඉහළ ගොස් ඇත. මාළු වෙළඳපොල පොකුරේ ආසාදිතයන් ගේ සංඛ්‍යාව ස්ථාවර මට්ටමකට ළගා වී ඇති නමුත් උප – උප පොකුරු (බන්ධනාගාර, අටලුගම, අක්කරෙයිපන්තු ආදී) දෛනික ආසාදිතයන් ගණන ඉහළ යෑමට දායක වී ඇත.

දැනට සිදු කරන පී.සී.ආර්. සහ ඇන්ටි ජෙන් පරීක්ෂණ සියලුම අවදානම් කණ්ඩායම් සහ ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කර ඇත. පසුගිය සති දෙක තුල සාමාන්‍යයෙන් දිනකට සිදු කරන ලද පරීක්ෂණ ගණන 13 000කී. දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල අගයක් ගත්ත ද ආසාදිතයන් සහ පරීක්ෂණ අතර අනුපාතය 4%කට ආසන්න ස්ථාවර අගයක් ගැනීමෙන් පෙනී යන්නේ පැතිරීම නොවෙනස්ව පවතින බවයි.

සංඛ්‍යා, දිස්ත්‍රික්ක අනුව වර්ග කළ හැක. කොළඹ 12, 832, ගම්පහ 7,244, කළුතර, 1,500 සහ සහ මහනුවර 918 වශයෙනි. ඇතැම් පොකුරු වල සුවිශේෂි ස්වභාවය නිසා උදාහරණ වශයෙන් කොළඹ වැලිකඩ බන්ධනාගාර, ගම්පහ මහර බන්ධනාගාරය, මහනුවර බෝගම්බර බන්ධනාගාරය සහ කළුතර අටලුගම සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යයි. මේ අතර “මිනුවන්ගොඩ පොකුර” අතීතයට එක් වී ඇත. තව දුරටත් ඒ පොකුරට අයත් ආසාදිතයන් වාර්තා නොවන අතර පුර්ණ ක්‍රියාකාරිත්වයට නැවත පත්වීමට බ්‍රැන්ඩික්ස් ආයතනය සුදානමින් සිටී.

කොළඹ මහ නගර සීමා ප්‍රදේශය තුල ආසාදිතයන් අඛණ්ඩව වාර්තාවේ. මහල් නිවාස වල ආසාදිතයන් අනුපාතය පහත වැටෙමින් තිබියදී ඇතැම් පැල්පත් නිවාස අවදානමට ලක්ව ඇත. ප්‍රවණතාව උතුරු කොළඹ සිට දකුණට, මෝදර, මට්ටක්කුලිය සිට මාලිගාවත්ත, මරදාන, දෙමටගොඩ දක්වා සහ මේ වන විට නාරාහේන්පිට, කිරුළපන සහ වැල්ලවත්ත තෙක් විතැන් වන ආකාරයක් නිරීක්ෂණය වී ඇත. උතුරු කොළඹ ඇතැම් ප්‍රදේශ මේ වන විට දින 50කට ආසන්න කාලයක් හුදකලා කර ඇත.

පෑලිගොඩ මාළු පොකුර, බන්ධනාගාර, පොලිස් සහ ඇගළුම් කර්මාන්තශාලා ( ආසාදිතයින් 558) වැඩබිම් ආශ්‍රිතව (ආසාදිතයින් 472) අලුත්ගම (ආසාදිතයින් 495) ක් යනාදි වශයෙන් මෙම පොකුරු වල “උප – උප පොකුරු” ප්‍රමාණය ඛණ්ඩනය වන ආකාරය දැක්විය හැක. බන්ධනාගාර සහ අටලුගම හුදකලා කිරීමට එරෙහිව ඒ ප්‍රදේශ වලින්ම විරෝධතා මතුවීම හේතුවෙන් මෙම ගම්මානය හුදකලා කිරීමට පියවර ගැනීම ප්‍රායෝගික නොවේ.

තවත් සඳහන් කළ යුතු කරුණක් වන්නේ “රට වසා දමන්න, වසා දමන්න” යැයි ඉල්ලීම කරන පිරිස් මෙම රෝගය පැතිරිම වැළැක්වීමට කිසිදු විසඳුමක් ඉදිරිපත් නොකරන අතරම විපක්ෂයේ සිට “රට වසා දමන්න” යැයි ඉල්ලීම කරන පිරිසටද මෙවැනි වතාවරණයකදී වඩාත් පිඩනයට පත් වන ජන කොටස් ජීවත් වන්නේ කෙසේද, ඔවුන්ගේ ජිවනෝපාය මාර්ගයන්ට කවරක් සිදුවේද වැනි ප්‍රශ්න වලට විසඳුම් නොමැත.

බන්ධනාගාර වල තත්වය එහි ව්‍යුහාත්මක සීමාවන් හේතුවෙන් ඇති වු තත්ත්වයකි. මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි වලට කොළඹ අවට ප්‍රදේශ වලින් අත් අඩංගුවට පත් සමහර පුද්ගලයින් වැලිකඩ සංක්‍රාන්ත මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් රඳවා තිබූ අතරම මෙම මධ්‍යස්ථානය අලුත් රැඳවියන් බන්ධනාගාර වලට මාරු කිරීමට පෙර රඳවා තබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසද භාවිතා කරන ලදී. ඔවුන් සමහරක් රෝගය ආසාදිතව පැමිනෙන්නට ඇති අතර එමගින් අනෙක් අයටද රෝගය පැතිර යන ලදී. එමෙන්ම ඔවුන්ව අනෙක් බන්ධනාගාර වලට මාරුකළ ද මෙලෙස රෝගය පැතිරිමට අවකාශ ඇත. තදබදය සැමවිටම බන්ධනාගාරය තුළ පවතින ගැටලුවකි. සැබවින්ම එයට පිළිතුර වන්නේ වරදකරුවන්ට දඬුවම් නොකර අත් හැරිම නොවේ. එවැනි තිරණයක් නිතිගරුක පුරවැසියන්ගේ උදහසටද ලක්විය හැක. මෙයට තිරසාර විසඳුමක් සෙවිය යුතුය.

රැඳවියන්ට සැබෑ සෞඛ්‍ය ගැටලු පවතින බවට කිසිදු තර්කයක් නොමැත. ඔවුන්ටද තමන් ආසාදිතද නැද්ද යන්න අනාවරණයකර ගැනීමට අවශ්‍යය එය පරික්ෂා කරන ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අනෙක් අතට කොළඹ මහ නගර සභා සිමාව තුළ ජනගහනය 550,000ක් සිටින අතර ප්‍රායෝගිකව සියලු දෙනාම පරික්ෂා කිරිම අපහසුය. එලෙසම සියලුම බන්ධනාගාර වල සිටින සියලු රැඳවියන් පරික්ෂාවට ලක් කිරීම ප්‍රායෝගිකව කළ නොහැක. පරික්ෂා කළ සියලු දෙනාම අසාදිතයින් වුවහොත් සිදුකරන්නේ කුමක්ද? ඉන්පසු ඔවුන් කොහේද රඳවා තබන්නේ කොහේද? කන්දකාඩු වලද? අයි.ඩී.එච් වලද? එසේ නොමැති නම්  වෙනත් රෝහලකද? අපට එපමණ  ධාරිතාවක් තිබේද? මේවා අදාල ගැටලු වේ. සම්පත් සිමා සහිතයි. ඔබට බෙහෙත නොමැති වු විට එය නියම කිරිම පහසුයි. අදාල බලධාරින් මෙවැනි ගැටලු සඳහා බරපතල ආකාරයෙන් අවධානය යොමු කොට විසඳුම් සපයනු ඇතැයි අපේක්ෂා කරමි.

කෙසේ වුවද, සත්‍ය වන්නේ දෛනිකව අහඹු පී.සී.ආර්. පරික්ෂණ සියලුම බන්ධනාගාර තුළ කොවිඩ් පළමු රැල්ල ඇරඹි දින පටන් සිදුකර ඇති අතර මේ වන විට පී.සී.ආර්. පරික්ෂණ 12,000 ක් සිදු කර ඇත. සමහර රැඳවියන් හට මෙම කොවිඩ් තත්ත්වයට මුවාවී ඇප ලබා ගැනිමට, නිදහස්වීමට හෝ බන්ධනාගාර වලින් පැනයාම සිදු කිරීමට අවශ්‍යව පවති. මේවා යථාවාදි හේතු වේ. අනෙක් අතට පිටත සිටින සටන්පාඨ අවශ්‍ය අය මේ අවස්ථාවන් යොදා ගනිති. “සහරාන්ගේ බිරිඳ රහසිගතව අසාදිත වුවාද? ශානි අසාදිත වුයේ එලෙසමද?” යනුවෙන් ඔවුන් විමසති. මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. කොයි අතකට හෝ මෙමගින් නිරාවරණය වන කරුණු වැදගත් වනු ඇත.

අටලුගම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 2020 මාර්තු මස ඇතිවු පළමු රුල්ලේදී ද මෙම ගම්මානය වසා දමනු ලැබීය. එවිටද පොලිසිය සමඟ යම් ගැටලුකාරි තත්ත්වයක් ඇති විය. නැවත සැප්තැම්බර් මස ද එය සිදු විය. එහි ජනතාව පරික්ෂණ වලට විරුද්ධ වූහ. ආසාදිතයින් බවට තහවුරු වු පිරිසගෙන් භාගයක්  වෛද්‍ය පහසුකම් ලබා ගැනිම ප්‍රතික්ෂේප  කොට පලායන ලදී. වර්තමානයේදි සති 02ක් තුල පමණක් අසාදිතයින් 495ක් හා මරණ 04ක් ප්‍රදේශයේ වාර්තා වී ඇත. අගලවත්ත වේයන්ගල්ල ප්‍රදේශයේ හා වැලිගම ගල්බොක්ක ප්‍රදේශවල අසාදිතයින් විශාල ප්‍රමාණයක් සිටිති.

2020 ඔක්තෝබර් 04 වනදා සිට 643, 550 කට පී.සී.ආර්. පරික්ෂණ සිදුකර ඇත. උදාහරණ ලෙස දෙවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව පසුගිය සති 02ක තුළ පමණක් පී.සී.ආර්. පරික්ෂණ 175,333 සිදුකර ඇත. එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඉලක්ක ගත පරික්ෂණ වඩාත්ම සුදුසු ක්‍රමයයි. අසාදිතයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරිමත් ආශ්‍රිතයින් හුදකලා කිරිමත් අත්‍යවශ්‍යයෙන් කළ යුතුයි.

තත්ත්වය පාලනයටත් හා වගකිම් සහගතව ක්‍රියාකිරීමට වෙනත් විකල්ප නොමැත. සෞඛ්‍යරක්ෂක ක්‍රමවේද දැඩිව අනුගමනය කළ යුතුය. මේ සඳහා දේශිය ප්‍රතිකාරයක් සොයා ගත් බවට අනාවරණය වීමත් සමඟ සෞඛ්‍ය ක්‍රම පිළිපැදීමේ දැඩි පසුබෑම් ඇති විය. සියලු ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව පුද්ගලයන් මෙම “බෙහෙත” ලබා ගැනිමට උනන්දු වුහ. මෙම තත්ත්වය පාලනයට බලධාරින් වහාම ක්‍රියාත්මක නොවුනි. කවරෙකුට වුවද ඔහු/ඇය ඖෂධයක් සොයාගත් බව පැවසිය හැක. කවරෙකු හෝ මෙය විශ්වාස කලහොත් (මිනිසුන් බොහෝ උමතු දේ විශ්වාස කරන බව අප අමතක නොකළ යුතුය) එය ඔවුන්ට අදාල කරුණකි. මැජික් පානය ඇතුලුව ඕනැම දෙයක් මිලදි ගැනීමට දිව යාමට මිනිසුන්ට හැක. ඔවුන් එය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කල යුතුයි.

සත්‍ය වශයෙන්ම කෑගල්ලට ජනතාව ගෙන්වා ගැනීමට සමත් වූ පැණිය රෝග නාශක ගුණයෙන් සපිරි ද්‍රව්‍යයන්ගෙන් සකසා ඇත. අවබෝධ කරගත යුතු මූලික කරුණ වන්නේ ආසාදිතයින්ගෙන් 99.50% ක් සුවය ලබා ඇති බවයි. ගොටුකොළ කැඳ මේ සඳහා ප්‍රතිකාරය වන බව යමෙකුට පැවසිය හැක. එමෙන්ම අසාදිත වූ පුද්ගලයන් 200 කට සෑම උදෑසනකම ගොටුකොළ කැඳ කොප්පයක් ලබා දුන්හොත් දවස් 14ක් ඇතුලත 199ක් පුර්ණ වශයෙන් සුවය ලබන බවට සහතික විය හැක. ඔහු/ඇය වඩාත් නිවැරදි යැයි ඔප්පු කල හැක. ගොටුකොළ  කැඳ වෙනුවට අයිස්ක්‍රිම් හෝ සිසිල් බීම පානය කළහොත් හෝ අනිත්‍යතාව පිළිබඳව භාවනා කිරිම හෝ කොන්තය ඇතැතිව යාච්ඥා කලද ඔබට ඒ සමාන ප්‍රතිඵල ලබාගත හැක.

මුඛ ආවරණ පැළදීම අවශ්‍ය බව තමන්ට මතක් කර ගන්න (සෞඛ්‍ය උපදෙස් අනුගමන කරමින්) දෑත් පිරිසිදුව කරගන්න, සමාජ දුරස්ථභාවය සැම විටම පවත්වා ගන්න. ඔබ ආසාදිතවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ හොත් බොහෝ විට ඔබට ලැබෙන “ප්‍රතිකාරය” වන්නේ දුම් ඇල්ලීම සහ කොත්තමල්ලි ඉඟුරු සමඟ පානයට ලබා දිමයි.

“විද්‍යාව” සහ “ප්‍රතිකාර” පිළිබඳ අන්තයට නොයමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *